ඇන්ඩ්‍රොයිඩ් එකට
මම ගැන..
ලගදි ඇවිත් ගිහින්
ජන( අ )ප්‍රිය
-
හැමොටම අයුබෝවන් කිවුවා ...අද ටිකක් දුක දවසක්..දන්න කියන කෙනෙක්ට ජිවිතේ ජරාම ජරා ලෙඩක් උන පිළිකාවක් හැදිලා....හ්ම්...ඉතින් අද මම කියන්න හිතුව...
-
අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස...
-
අද මන් කියල දෙන්න හදන්නේ මේ හැමෝම කතා වෙන ANDRIODෆෝන් රූට් කරන එක ගැන.දැනටමත් කැටිය අහල ඇතිනේ හැමෝම කියවනවා රූට් රූට් කියලා මෙන්න මේ රූට් ක...
-
”ආචාර්ය ස්මිත් ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මේ මාළුවාගේ සිරුර පුරාම ඝන...
-
අපේ රටේ සිංහලයන් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සුද්දන්ට බියෙන් හිටපු කාලෙක පොලිස් හමුදාවේ බලය පිත්තල බොත්තමක් තරමටවත් ගණනකට නොගත් අභිත සිංහලයෙ...
-
ඉංග්‍රීසි භාෂාවේ පැරණිතම වචනය ලෙසින් හැඳින්වෙන්නේ “Town” යන චචනයයි. පැස්බරයෙකුගේ ඇස, සිය මොලයට වඩා විශාලය. එක් කණක් තුල 32බැගින්, බළලෙකුග...
-
ඇය නොගොහින් නැතුව ඇගේ කිසි වගකිමක් කොයි දෙය ගෙනාවත් නැත එහි ඇගයීමක් ඇය ගෙන ආ දෙයක කෝ නැත වරදීමක් නිතරම තිබේ වටිනාකම වැඩිවීමක් වලදක් පි...
-
මොනාලීසාගේ දැන් වයස ඇත්තටම අවුරුදු පන්සීයකටත් ටිකක් වැඩියි. ඒ තරම් කාලයක් තිස්සේ කතා කරලත් එයා ගැන කතාව නම් තවම ඉවරයක් නෑ. ඇස්, නහය, තොල්,...
-
මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ....
-
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙ...
මගේ යහළුවෝ
බලල ගිය අය
Pages
සාමාන්‍යයෙන් අපි USB Flash Driver එකකින් කරන්නෙ අපේ දත්ත එහා මෙහා ගෙනියන එක විතරනේ.මේ කියල දෙන්න හදන්නෙ එකෙන් කරන්න පුළුවන් තවත් ජිමික් 2 ගැනයි.දැන් කොහොමත් පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකකට සමාන මට්ටමකට අද වෙද්දි USB Flash Driver දියුණු වෙලා තියනවානේ.සී.ඩී එන්න කලින්නම් ගොඩක් අය පාවිච්චි කලේ Floppy තාමා..හික් හික්..අද වෙද්දි Floppy එකක් ආසාවකටවත් දකින්නත් නෑ :) දැන් හැමෝ ගාවම තියෙන්නේ තමා...කොහේ ගියත් USB 1 සාක්කුවේ..
හරි හරි අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.සාමන්‍යයෙන් ඉස්සර පරිගණක Boot කරන්න CD,Floppy හරි හාර්ඩ් ඩිස්ක් එකක් අරගත්තත් අලුතෙන් එන පරිගණක වල අනිවාර්ය අංගයක් විදියට USB Boot එක සකස් කරල තියනව.ඔයාලගේ පරිගණකත් සමහර විට එහෙම වෙන්න ඇති..මුලින්ම ඒක හොයාගන්න හැටි කියන්නම්කෝ..මේකට මුලින්ම ඔයලගේ USB එක පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකය ආරම්භ වෙද්දිම BIOS යන්න එකට අදාල යතුර ඔබලා BIOS යන්න ඔනේ.ඊට පස්සේ USB Booting Enable කරන්න ඔනේ.ඒ වගේම Boot සදහා තියන පිටුවේ ( හෝ වෙනත් පිටුවක )USB driver එක 1st Boot device එක විදිහට සකස්කරන්න ඔනේ.දැන් ඔයලගෙ පරිගණකය ආරම්භ කලාම USB 1 මගින් වෙන්න පටන් ගන්නවා.ඔයාල ගාව 4GB USB වගේ එකක් තියනවනම් Windows XP වල තියන ෆයිල්ස් USB එකට දාගෙන Boot කරද්දි USB එක තෝරලා සාමන්‍යය විදියට Windows දමාගැනීමේ හැකියාව තියනවා.. 1GB වගෙ තියනවනම් Linux හි විවිධ සංස්කරණ වර්ග ස්ථාපනය කරල තියන්න පුළුවන් හැකියාව තියනවා.
වැදගත්ම කාරනය තමා ඔයාලා එකෙන් කරද්දි එක ගලවන්නේ නැතිවෙන්න වගබලාගන්න ඕනේ..නැත්තම් ඉතින් ඔක්කොම හබක් තමා :(
අනිත් ජිමික් එක තමා NTFS file System වලට USB එකක් Format කරන විදිය.සාමාන්‍යයෙන් USB එකක් Format කරන්න පුළුවන් වෙන්නේ FAT හරි FAT32 ක්‍රම දෙකට විතරයිනේ.ඒකට හේතුව USB එක Portable විදියට ඕනැම වේලාවක සවිකරන්නයි ගලවන්නයි හැකියාව තියන නිසා.නමුත් එය NTFS කරන්න පහත පියවර අනුගමනය කරන්න.
My Computer අයිකනය මත Right ක්ලික් කරලා Manage වලට ගිහින් ඒකේ තියන Device manager එක මත ක්ලික් කරන්න.ඉට පස්සේ දකුණත කොටසේ Disk Drivers එක මත තියන ඔයාලගේ USB එක තෝරලා එහි Right ක්ලික් කර Properties ලබා ගන්න.දැන් ලැබෙන Properties box එකේ 2jk Tab පිටුවේ Policies වලට ගිහින් Optimize for performance යන්න තෝරලා Ok කරන්න.දැන් ඔයාලගේ USB එක Format කරන වෙලාවට NTFS option එකත් තියනව බලා ගන්න පුළුවන්.
නමුත් NTFS ලෙස Format කරාට පස්සේ USB එක Windows 98,Linux වැනි සංස්කරණ වලට බාවිතා කරන්න බැරුව යනවා.
මුලින්ම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් ජංගම දුරකථන ජාති තියනවා,ඒ කියන්නේ හැම එකටම මේ වැඩේ කරන්න බැහැ.
RIM Blackberry Any Blackberry device equipped with camera
Windows Mobile 5 and 6
Nokia 6600,6620,7610,6630,6670,6260,6680,6681,6682,3230,N70,N90,3250,5500,E50,E51,E65,E70,E90,N71,N73,N76,N80,N81,N91,
N92,N93,N3i,N95
Sony-Ericsson P1i,P990,m600,W950,W960,P800,P900,P910,P990
Motorola Z8
මුලින්ම මේ වැඩේ කරන්න අපිට පොඩි සොෆ්ට්වෙයා දෙකක් ඔනේ වෙනවා..එක ඔයලට මෙතනින්ම එක කරගන්න පුළුවන්( එක, දෙක )
ඉට පස්සෙ කරන්න තියෙන්න ඔයලා බාගත්ත සොෆ්ට්වෙයා එක install කරගන්න එක, මෙක install කරගන්න කලින් ඔයලගෙ බ්ලූටූත් ඩොන්ගල් එක පරිගණකයට හයි කරලට තියෙන්න බලන්න,ලැප්ටොප් එකක් බාවිතා කරන කෙනෙක් නම් ඔයලගේ බ්ලූටූත් on කරලද තියෙනේ කියල බලන්න.නැතිනම් on කරන්න.
සමහර අයගේ install වලදි driver එක සම්බන්දයෙන් පොඩි පොඩි messages ඔයලට දකින්න හම්බුනොත් බය නැතුව continue anyway යන්න ක්ලික් කරන්න.
ඒ වගේම ඔයලා windows SP2 version එක භාවිතා කරනවනම් බ්ලූටූත් අවශ්‍ය වෙන්නේ නෑ එහෙමත් නැතිනම් ඩොන්ගල් එකත් එක්කම එන drivers ඔයලගේ පරිගණකයේ තිබුනහම හොදටම ඇති.(මේක බ්ලුටූත් drivers පිලිබදවයි )
ඒ වගේම ඔයාල බාගත කරගත්ත ෆයිල් වල පරිගණකයේ install කරන්න ඔනේ සොෆ්ට්වෙයා එකකුත් තියනවා එකත් මතක් කරල install කරන්න.මේක mobiola web camera නමින් තමා තියෙන්නේ.
බ්ලූටූත් සම්බන්ධතාවය පරිගණකයෙයි ජංගම දුරකථනයෙයි හදාගත්තයින් පස්සේ ඔයාලා බාගත කරගත්ත ෆයිල් වල තියන .SIS ෆයිල් එක ඔයාලගේ ජංගම දුරකථනයට දාගන්න එක තාමා කරන්න තියෙන්නේ.මෙකට අදාල කරන webcam_s60_3Ed.sis යන ෆයිල් එක මත right ක්ලික් කරලා යන විධානය මාර්ගයේන් ජංගම දුරකථනයට යවන්න පුළුවන්.මෙකෙදි ලැබෙන Bluetooth file transfer wizard මගින් දැක්වෙන උපදෙස් වලින් ඒක ජංගම දුරකථනයට යොමු කරගන්න පුළුවන්.
සමහර දුරකථනවල මේක බ්ලූටුත් කෙට් පණිවිඩයක් වගේ පෙන්වනවානම් එක install කිරීමට විවෘත කරන්න.
ඉට පස්සේ ඔයලගෙ ජංගම දුරකථනයේ තිරයේ පෙන්වන විදියට yes සහ continue යන විධානයන් භාවිතා කරල install කරගන්න පුළුවන්.
දැන් ඔයලගෙ ජංගම දුරකථනයේ ඔයාලා Application දාගත්ත තැනට ගියාම webcam කියල ඇතුලත් වෙලා තියනව දැකගන්න පුළුවන්.
webcam එක විවෘත කලාම දැක්වෙන option යටතේ තියන connect යන්න තෝරා ගත්තම දැනට තියන බ්ලූටුත් devices අතර ඔයලගෙ පරිගණකයද දැකගන්න ලැබෙවි.එ අනුව ඒක තෝරගන්න ඔනේ.
මේකෙදි ඔයලගෙ ජංගම දුරකථනයේ කැමරාවේ ඇති megapixel ගණන එහේමත් නැතිනම් resolution එක මත ඔයාලගේ වීඩියෝ දර්ශණයේ ත්රීර්වතාව රදාපවතිනවා.
ඉන් පසු ඔයාලගේ දුරකථනයේ webcam දකින්න පුල්වන් දර්ශණ පරිගණකයේද මීට පෙර install කරගත්ත Mobiola web camera එක හරහා දැකගන්න පුළුවන් වෙන අතර එහි ඇතුලත් වන encoding,compression ආදී කොටස් භාවිතයෙන් තවදුරටත් දර්ශණවල වෙනස්කම් සිදුකිරීමේ හැකියාව ලැබේ.
අවසාන වශයේන් ඔයාලා භාවිතා කරන messengers වන MSN,Yahoo,Skypeආදී සොෆ්ට්වෙයා වල කොටශ තෝරා ගනිද්දි ඒ සදහා video යන කොටස යටතේ තියන එක තෝරල දෙන්න..දැන් සියල්ල සම්පුර්නයි.
මායා ශිෂ්ඨාචාරය යනු වර්තමාන් දකුණු ඇමෙරිකානු අර්ධද්වීපයට අයත් මෙක්සිකෝව,ගෝතමාලාව,එල්සෙල්වදෝරය හා උතුරු බ්‍රසීලය යන රටවල් පිහිටි ප්‍රදේශයන් ආශ්‍රිතව පැවති ක්‍රි.පු. 3000 ට අයිති ශිෂ්ඨාචරයකි.
මෙම ශිෂ්ඨාචරයේ පැවති දිගු ගිණුම නමැති දින දර්ශනය සුවිශේෂී දින දර්ශනයකි.
මායා ශිෂ්ඨාචරයේ ආරම්භක දිනය ක්‍රි.පූ. 3114 අගෝස්තු 14 දිනවන අතර එහි අවසානය ක්‍රි.ව.2012 දෙසැම්බර් 21 වෙනිදාය. ක්‍රි.පූ.6003 ඉපද වසර 89ක් ජීවත් වූ පාකල් වෝටන් පඩ්වරයා වසර 52ක් මෙක්සිකෝවේ පාලකයා ලෙස කටයුතු කොට තිබේ.ගණිතය,තාරකා විද්‍යාව පිළිබද පිරිපුන් වියතෙකු ලෙස මොහු හැදින්වේ.මොහුගේ ප්‍රධනතම මාතෘකාව වී ඇත්තේ සොබාදහමට එරෙහිවීම මත මිනිසා තමගේ විනශය ළගා කරගන්න බවයි.
ලෝක විනශය පිළිබද ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ කල්ප විනශය ලෙසටය.එය සිදුවන්නේ සමකයේ අංශක 76 රේඛාව මේෂ රාශියේ ආරම්භය පැමිණීම හා අහස් සිතියමේ සියලු ග්‍රහයන් පොකුරක් ගැසීම යන කරුණු ඉෂ්ට සිද්ධ වූ විටදී පමණි.එසේ සිදුවන්නේ කල්ප විනශය අවසානයේදී පමණි.එවන් පසුබිමක් දැනට ලොව නිර්මාණය වී නොමැත.ලෝකයේ සාමන්‍යයෙන් කල්ප විනශයක් වශයෙන් හදුන්වන්නේ මනු අත්තර 14කි.
බෞද්ධ-හින්දු දර්ශනවල ලෝක විනශය ලෙස දක්වන්නේ මෙම කල්පයක් අවසන්වන විට සිදුවන විනශයට වේ.හින්දු ජ්‍යොතිෂය අනුව( සූර්ය සිද්ධාන්තය )මනුෂ්‍ය ලෝක කල්ප 14ක් ලෝකය පවතී.මනු අත්තර 1ක් වන්නේ මහයුග 71 කි.මහ යුගයක් වන්නේ අවුරුදු හතලිස් තුන් ල්කෂ විසිදහසකි.මෙම මහ යුගයද කොටස් 4කට බෙදේ.
01.කෘත යුගය - අවුරුදු1,728000
02.නේත්‍ර යුගය - අවුරුදු 1,296,000
03.දිවපාර යුගය - අවුරුදු 864,000
04.කලියුගය - අවුරුදු 432,000
මේ අයුරින් කල්පයක් අවසන්වීම වශයෙන් කියවෙන්නේ මනු අත්තර 14ක් අවසන්වීම යන කාරණයයි.
2012 වර්ශයෙ ලොව විනශවීම සිදුවෙනව නම් එක 2012දී කල්පයක් අවසන්වීම විය යුතුය.නමුත් මේ වනවිට ලොව අවසන් වී අත්තේ මනුඅත්තර 6ක් පමණි.එයින් කියවෙන්නෙ 7 වෙනි මනුඅත්තටරයේ 28 වෙනි මහයුගයේකලියුගය වේ.2012දී අප ලෝකය ගෙවා ඇත්තේ අවුරුදු 5100 පමණකි.එම නිසා 2012 දී ලොව විනාශ නොවේ.
නමුත්,පෘථිවියේ ග්‍රහචාරය අනුව 2012 දෙසැම්බර් ( අමවකට පෙර දිනය ) රිනිච් වේලාවෙන් මධ්‍යම රාත්‍රී 11 වන විට ශ්‍රී ලංකා වෙලව ආශ්රයෙන් 2012 දෙසැම්බර් 12 වෙනි දින උදෑසන 5ට පමන යම්කිසි ස්වභවික චලනයක් උපද්‍රවයක් සිදුවීමට ඉඩකඩ ඇතිවේ.එසේ වනුයෙ පහත කරුණු සැලකිල්ලට ගනිමින්ය.
ක්‍රි.ව. 1976 ජූලි 28 චීනයේ සිදුවූ මහා භූකම්පනය නිසා මුළු නගරයක්ම නටබුන් බවට පත්වීම.එක සිදුවන්නේ අලුයම 3.42 ට චීනයේ ටැන්ෂාන් ප්‍රදේශයේදී වේ.එම දිනය අමවක දිනයකි.ග්රහයින්ගේ පොකුරක් සමග රවි ග්‍රහයාට ආසන්නයේ සදු , බුධ හා සිකුරු එකම අංශකයක පිහිටා තිබීම විශේෂයකි. ක්‍රි.ව.1934 ජනවාරි 15 දින නේපාලයේ බිහාර් ප්‍රදේශයේ සිදුවූ භූකම්පනය සිදුවු දියනට පෙර දිනයද අමාවක දිනයකි.දෙලක්ෂයක් ජීවිත බිලිගත් 2010 දෙසැම්බර් 24 දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ ඇතිවූ සුනාමි තත්වයද අමවක දිනට පෙර දින උදෑසන 05ට සුළු විපර්යාසයක් සිදුවීම එය ලොවම විනශ වීමක් සිදුනොවේ.නමුත් එම දිනයේදී අහසේ ග්රහයින්ගෙ තරු පොකුරක් නිර්මාණය වීම සිදුවේ.විශ්වයේ හා සොබාදහමේ ශක්තිය හුවමාරුවීමක් හා ආරම්භයක් හා අවසානයකින් කෙළවර වේ.
මෙලොව ඇති සෑම වස්තුවක්ම සදාකාලික නොවන බවත් වෙනස්වන බවත් විනශයට පත්වන බවත් බුදු දහමේ ඉගැන්වෙන ප්‍රධාන කරුණකි.මෙම කරුණ බුදු දහමේ සම්වත්ත හා විවත්ත යනුවෙන් හැදින්වේ.සම්වත්ත යනු දිගින් දිගටම පැවත්ම හෙවත් පරිණාමයයි.විවත්ත යනු ආපස්සට යාම ක්ෂයවී යාම හෙවත් බෙදී විනාශවීමයි.සෑම දෙයක්ම වෙනස්වීමට භජයන වන නිසා ආරම්භයට අවසානවී නැවත එම අවසානයට ආරම්භයක් වනු ඇත.
අප වෙසෙන ලෝකය පිළිබද අවස්ථා හතරක් බුදුදහමේ දැක්වේ.
01.ලෝකය හැකිළී තිබෙන යුගය
02.දිගහැරෙන යුගය
03.දිග හැරි යුගය
04.නැවත හැකිලෙන යුගය
මෙමගින් හේතුඵලවාදය සහ අනිත්‍යතාවය මෙම අවස්ථා වලදී පෙන්නුම් කරයි.
දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි වාසෙත්ත සහ භාරද්වාජ බුදුන්වහන්සේට වැද නමස්කාරකොට එකත් පසව සිටියහ.මෙම සාකච්ජාවට මාතෘකාව වූයේ ලෝකය බිහිවී මිනිස් පරිණාමය සිදුවූයේ කෙසේදැයි සොයා බැලීම පිළිබදවය.එදිනම සවස බුදුරජණන් වහන්සේ තනිව වැඩසිටි අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ පැමිණ මෙසේ විචාර සේක.
"භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ ලෝකයේ ආරම්භය,මිනිස් පරිණාමය පැහැදිලි කරදුන්නද ලොවෙහි විනාශය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොකළ සේක.භාග්‍යවතුන් වහන්ස එය බහුජනයාගේ දැනගැනීම සදහා පැහැදිලි කරනු මැනවි"යැයි පැවසූහ.
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
"ආනන්දය,යම් කාලයක මෙසේ වැසි නැවතී පොලෝතලය වියළී යන්නේය.වසර ගණනාවක් වැසි නොලැබීම නිසා මිනිසා ගහකොළ සහ සියලු සතුන් වැනසී යනු ඇත.දිගු කාලයකට පසු තවත් සූර්යයෙකු පහළවනු ඇත.ඒ සමගම ටැනින් තැන ඉතිරිව තිබූ දියකඩිති හා දිය කදුරු ද වියළී යන්නේය.තුන්වෙනි හිරුද ඊලගට දිස්වන්නේය.එහි ප්‍රතිඵලයක් වශයේන් ගංගාවල ජලය වාශ්පවී සිදී යන්නේය.කලකට පසු හතරවෙනි හිරුද පහළවීමත් සමගම ගංගා වලට ජලය සපයන විල් යනදිය සිදී යනු ඇත.ඉන්පසු පස්වෙනි හිරු මතුවීමත් සමග ලොව මුහුදු පවා වෂ්පවී ඒවායේ පතුල් දිස්වනු ඇත."
එම නියගය පිළිබද තවදුරටත් විස්තර කරන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
"තුන්වෙනි හිරුගේ පහළවීමත් සමග ඉන්දියවේ ගංගා-යමුනා,අචිරවතී,සරභු සහ මහී යන ගංගා සිදී යනු ඇත.හතරවෙනි සූර්යා පහළවීමත් සමග අනෝතත්ත,සිහ පත්ත,රතාකර,කන්නමුන්ද,කූනාල,චද්දත සහ මන්දාකිනි වැනි විශාල වැව් සිදී යන්නේය.හයවේනි හිරු පහළවත්ම කදුහෙල් මතින් දුම් වළා පිටවීමට පටන්ගනී.හත්වෙනි හිරුගේ පහළවීමත් සමගම මිහිමත සෑම දෙයක්ම දවී අළුවනු ඇත.මෙවැනි වෙනස්කම් තව වසර ලක්ෂ ගණනාවකට පසු ගණනය කළ නොහැකි වසර සංඛාවකට පසු සිදුවනු ඇත.
එහෙත් වසර ලක්ෂ ගණනකට පසු ක්‍රමයෙන් අලුත් ලෝකයක් බිහිවනු ඇත."බුදුදහමට අනූව ලෝකය විනශ වන්නේ හැකිලෙන යුගයේදී වේ.සූර්යන් හත්දෙනෙකු පායන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.මෙවැන්නක් සිදුවන්නේ තව අවුරුදු බිලියන ගණනකට පසුවන අතර සෑම සත්වයෙක්ම කර්මානුරූපව ඊට මුහුණතීමට සහ නොදීමට සිදුවේ.