෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 23, 2011

මොනාලීසාගේ ඇසට යටින්

ලිවුවේ Unknown

මොනාලීසාගේ දැන් වයස ඇත්තටම අවුරුදු පන්සීයකටත් ටිකක් වැඩියි. ඒ තරම් කාලයක් තිස්සේ කතා කරලත් එයා ගැන කතාව නම් තවම ඉවරයක් නෑ. ඇස්, නහය, තොල්, විතරක් නෙවෙයි මුහුණේ දකින්න ලැබෙනවයි කියන ගුප්ත සිනහව ගැනත් විවිධාකාර මත තියෙනවා.
මොන යම් හරි හේතුවක් නිසා ලියානාඩෝ ඩාවින්සිගේ මොනාලීසා සිතුවම එක පැත්තකින් ඉතිහාසගත වුණා. අනිත් පැත්තෙන් මොනාලීසා ලෝකයට දායාද කළ ඩාවින්සි ලෝකයට කතා කර කර ඉන්න අභිරහස් ටිකකුත් මොනාලීසාගේ මුහුණේ සඟවලා තියෙනවා. හැබැයි පුදුමය කියන්නේ අවුරුදු 500 ක්ම ගතවෙලා තියෙද්දී මොනාලීසා ගේ මුහුණින් තවමත් රහස් මතු වෙනවා.

පහුගිය දවසක ඉතාලියේ චිත්‍ර කලා ගවේෂක කණ්ඩායමක් මොනාලීසා සිතුවම දිහා අමුතු ඇහැකින් බැලුවා. ඇත්තටම ඒක අධි තාක්ෂණික ඇහැක්. සාමාන්‍ය පියවි ඇහැට පේන්නේ නැති අංශු මාත්‍ර අහුකොන් පවා මේ අධි තාක්ෂණික ඇහැට පේනවා. වසර 500 ක් වයසට ගිය මොනාලීසා ගේ මුහුණ මේ අධි තාක්ෂණික ඇහෙන් බලන්න ගත්තම වෙනදා සාමාන්‍යයෙන් නො දකින ගුප්ත සලකුණු කිහිපයක් දකින්න ලැබුණු බව චිත්‍ර කලා ගවේෂකයෝ කියනවා.

”චිත්‍රය සෑහෙන්න පරණයි. වර්ණ හා රේඛා හැඩතල මුල් චිත්‍රය ඇන්ඳ කාලයේ වගේම අද දකින්න බෑ. නමුත් අපි විස්මයට පත් වෙන දෙයක් දැක්කා. මොනාලීසා ගේ දකුණු ඇසේ ඉතාම සියුම්ව අකුරු වගයක් ඇඳලා තියෙන හැටි පැහැදිලිව දැක්කා. මේ අධි තාක්ෂණික මැග්නිෆිකේෂන් උපකරණ නොතිබුණා නම් කිසිම දාක මේ රහස හෙළිවෙන්නේ නෑ. සාමාන්‍ය පියවි ඇහැකට නම් මොනම විදිහකට වත් ඒ බව දකින්න විදිහක් නෑ...”

ඉතාලියේ ජාතික උරුමයන් හා සංස්කෘතික කමිටුවේ සභාපති සිල්වානෝ වින්සෙට් ගේ ප්‍රකාශය එංගලන්තයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කරලා තිබුණේ එහෙමයි.
මොනාලීසාගේ දකුණු ඇසේ හැංගිලා තිබුණේ LV කියන අකුරු දෙක. සමහරවිට LV අකුරු දෙකෙන් ලියානාඩෝ ඩාවින්සි තමන්ගේ් නම සඳහන් කළා වෙන්න පුළුවන්. වම් ඇහැ ළඟත් ඒ වගේම අකුරු හා ඉලක්කම් වගයක් තියෙන බව සිල්වානෝ කියනවා. ඒත් තවමත් ඒ සංකේත මොනවද කියලා හරිහැටි තෝරා බේරාගෙන නෑ. 

මේ එක්කම අපට මතක් වෙන්නේ මහත් ආන්දෝලනයක් ඇති කළ සුප්‍රකට “ඩාවින්සි කෝඩ්” කෘතියයි. සමහරවිට අපේ සීගිරි ළඳුන්ගේ සිතුවම්වලත් මොන මොන දේවල් රහස් සංකේත හැටියට හැංගිලා තියෙනවද කියලා දන්නේ නෑ. කොහොම වුණත් අපේ දේවල් දිහාත් අලුත් ඇසකින්, හරියටම කිව්වොත් අධි තාක්ෂණික ඇහැකින් බලන්න පුළුවන් නම් බොහෝම වටිනවාය කියලා අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ. 
 
දැන් මේ කතාවේ බොහෝ දෙනෙක් උජාරුවට පෙන්වන්නේ අධි තාක්ෂණයයි. කතාව ඇත්ත ඒත් ලියානාඩෝ ඩිවින්සි මොනාලීසා සිතුවම් කෙළේ අධි තාක්ෂණය යොදා ගෙන නෙවෙයි තමන්ගේ සාමාන්‍ය ඇහැට පෙනෙන විදිහටයි. 

එතකොට ඒ ඇහැත් අරුම පුදුම ඇහැක් නේ! මොකද අධි තාක්ෂණික උපකරණයකට විතරක් බලාගන්න පුළුවන් අති සියුම් සංකේත ටිකක් ඩාවින්සි තමන්ගේ සාමාන්‍ය ඇහැ යොදාගෙන මොනාලීසා ගේ මුහුණට එකතු කරලා තියෙනවා. කොහොමත් නිර්මාණකාරයෙකුට තියෙන්නේ අරුම පුදුම ඇස්. අසාමාන්‍ය නිර්මාණ බිහි වෙන්නෙත් ඒ හින්දා වෙන්න පුළුවන්.

ඩ්ලිමේල් පුවත්පතේ වාර්තාව කියවගෙන යත්දී තවත් අතුරු කතාවක් අහුවුණා. ඇත්තටම මොනාලීසා කියන්නේ කවුද? චිත්‍රයේ තියෙන විදිහටම කාන්තාවක් ජීවත් වුණාද? මේවා ඉතිං විවෘත ප්‍රශ්න! කොහොම වුණත් චිත්‍ර කලා ගවේෂකයන්ගේ එක්තරා විශ්වාසයක් තියෙනවා. ඒ තමා “මොනාලීසා” කියන්නේ චිත්‍ර ශිල්පියා තමන්ගේ මුහුණ දිහා බලාගෙන තමන්ම ඇන්ඳ (ස්වයං ආලේඛ්‍ය) චිත්‍රයක් කියලා. මොනාලීසා සිතුවම් කෙළේ ලියානාඩෝ ඩාවින්සි බවට කිසිම වාදයක් නෑ. 

එහෙනම් ඩාවින්සි කරලා තියෙන්නේ තමන්ගේ මුහුණ දිහා බලාගෙන ඒ අනුසාරයෙන් ගැහැණු රුවක් සිතුවම් කිරීමයි. මොනාලීසා හා ඩාවින්සිගේ මුහුණ අතර බොහෝ ළඟ සමානකම් තියෙනවාය කියලත් තද පිළිගැනීමක් තියෙනවා. 


කොහොම වුණත් කෙනෙක් මානව රූපයක් අඳිනවා නම් ඒකට තමන්ගේ ඇත්ත මුහුණේ හැඩරුව යම් ප්‍රමාණයකට එකතුවීම නිසර්ගයෙන්ම සිදු වෙන බවත් අහන්න ලැබෙනවා. ඒත් ඩාවින්සි තමන්ගේ මුහුණ දිහා බලාගෙන ගැහැණු රූපයක් ඇන්ඳේ ඇයි? ඒක පොඩි ආදර හුටපටයක් නිසා වෙච්ච දෙයක් කියලත් මතයක් තියෙනවා. කොහොම වුණත් ඩාවින්සි මොනාලිසා මඟින් ලෝකයට කියන්න හැදුව රහස නම් තවම අනාවරණය වෙලා නෑ.

Monday, November 21, 2011

ෆේල් උනත් ෆේල් නැහැ

ලිවුවේ Unknown

ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අප සැම දෙනාම දිනපතා එක් අරමුනක් වෙනුවෙන් ක්‍රියා කල යුතුය. මෙසේ ක්‍රියා කිරීමේදී සිදු වන නොයෙකුත් ඇදවැටීම් අසාර්ථක වීම් නිසා මුල් අරමුනෙන් ඈත් වීමට සිත්වීම සාමාන්‍ය මිනිස් ස්භාවයයි. එහෙත් එවැනි අසාර්ථක වීම් හමුවේ අධෛර්යමත් නොවී තම අරමුන කරා ගොස් තම ජීවිතය සාර්ථක කර ගත් මිනිසුන් අපට ලෝකයෙන් හමු වේ.
ජීවිතයේ කිසියම් අසාර්ථක වීමක් සිදු වී අධෛර්යමත් වූ විට පහත චරිත සිහිපත් කර ගන්න. ඔබට සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය ජවය ඉන් ලැබෙනු ඇත.

•බිල් ගේට්ස්:
පරිඝණකය අප ජීවිත වලට සමීප කිරීමෙන් 21 වන සියවසේ අප හැමගේ ජීවිත වෙනස් කල චරිතය වන අතර දශකයකට ආසන්න කාලයක් ලෝකයේ ලොකුම් ධණවතා ලෙස වැජබුනි. නමුත් බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කිරීමට පෙර හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ප්‍රතික්‍ෂේප වූවෙකි.

•ඒබ්‍රහම් ලින්කන්:
මුලු ජීවිත කාලය තුලම විධිමත් අධ්‍යාපනයක් ලබා ඇත්තේ වසර 5කටත් අඩු කාලයකි. දේශපාලනයට ඇතුල් වූ ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා ලෙස පත් වීමට ප්‍රථම ප්‍රධාන ඡන්ද 12කින් පරාජයට පත් විය.

•අයිසෙක් නිව්ටන් :
ගුරුත්වාකර්ශණය ආලෝක විද්‍යාව සහ කලනය පිලිබද මොහු කල සොයා ගැනීම් නිසා ලෝකයේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ඨතම ගණිතඥයෙක් ලෙස සැලකේ. එහෙත් මොහු බාල වියෙදී පාසලේදී ඉතා දුර්වල සිසුවෙකු වූ අතර පාසලේ බොහෝ විශයයන් වලින් අසමත් විය.

•ලුඩ්විග් වෑන් බීතෝවන්:
ජර්මානු ජාතික සංගීත ශිල්පියෙකි. එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම සංගීත ශිල්පියෙක් ලෙස සැලකේ. මොහු සංගීත දිවිය අරඹන විට මොහුගේ ගුරුවරයා පවසා ඇත්තේ සංගීත ශිල්පියෙක් ලෙස ඔහුට අනාගතයක් නොමැති බවයි. එසේම ඔහුගේ සංගීත දිවිය අතරතුර ඔහුගේ ශ්‍රවන හැකියාව නැති විය. ශ්‍රවන හැකියාව නොමැති සංගීත ශිල්පියෙක්???

•තෝමස් අල්වා එඩිසන්:
ඇමරිකාව තුල පේටන්ට් 1093ක් ඇති තෝමස් අල්වා එඩිසන් ඉතිහාසයේ පහල වූ විශිෂ්ඨතම නව නිපැයුම්කරුවෙක් ලෙස සැලකේ. මොහු කල නිර්මාණ නිසා 20 වෙනි ශත වර්ශයේ ජීවිත වඩා පහසු විය.මොහු කුඩා අවදියේදී ගුරුවරුන් මොහුට පවසා ඇත්තේ ඔහුට කිසි දිනක කිසිවක් ඉගෙන ගැනීමේ හැකියාවක් නොමැති බවයි. එසේම ඔහු ප්‍රථම විදුලි බල්බය නිපදවීමට පෙර ඒ වෙනුවෙන් අසාර්ථක වූ පරීක්‍ෂන 9000කට වඩා සිදු කර ඇත.

•මයිකල් ජෝර්ඩ්න්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම බාස්කට් බෝල ක්‍රීඩකයායි.නමුත් පාසල් වියේදී මොහුව විදුහලේ බාස්කට් බෝල කණ්ඩායමෙන් නෙරපා හැරුවේ මොහු "දුර්වල ක්‍රීඩකයෙක්" යයි පවසමිනි.

•වෝල්ට් ඩිස්නි:
ඇමරිකන් ජාතික චිත්‍රපට නිෂ්පාදකයෙකි,අධ්‍යක්‍ෂකවරයෙකි,තිර කතා රචකයෙකි, හඩ කවන්නෙකි. ලෝකයේ ප්‍රසිද්ධම කාටුන් චරිත රාශියක නිර්මාතෘ වරයායි. ඔහු විසින් ආරම්භ කල වෝල්ට් ඩිස්නි සමාගම වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 30ක ආදායමක් ලබයි. නමුත් වෝල්ට් ඩිස්නි ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කලේ ඔහුගේ ගරාජය තුල වන අතර ඔහුගේ ප්‍රථම නිර්මාණය බෙහෙවින් අසාර්ථක විය.ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඔහුව උපහාසයට ලක් කලේ චිත්‍රපට නිශ්පාදනය පිලිබද ඔහුට දැනුමක් නොමැති බව පවසමිනි.

•වින්ස්ටන් චර්චිල්:
පාසලේදී 6වන වසර අසමත් විය, නමුත් ඔහුව නැවතීමට එය සමත් නොවීය. ඉතා මහන්සි වී බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වූයේ දෙවණ ලෝක යුධ සමයේදීය. ලෝක ඉතිහාසයේ සහ බ්‍රිතාන්‍යයේ මෙතෙක් පහල වූ ඉතාම වැදගත් නායකයෙකු ලෙස වින්ස්ටන් චර්චිල්ව සලකනු ලබයි.BBC මගින් 2002දී මෙතෙක් පහල වූ විශිෂ්ඨතම බ්‍රිතාන්‍ය ජාතිකයන් 100දෙනා තේරීමේ ජනමත විචාරනයකදී වින්ස්ටන් චර්චිල් ප්‍රථම ස්ථානයට පත් විය.

•ස්ටීවන් ස්පිල්බර්ග්:
ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකි. ඉතිහාසයේ සාර්ථකම සහ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් වන අතර ඇකඩමි සම්මාන 3ක් දිනා ඇත. පාසලේ පහල වසර වලදී ඉගෙන ගන්නා අතරතුර පන්තියෙන් ඉවත් කල අතර පසුව ඔහුව අබාධිත ළමුන්ගේ පන්තියට ඇතුල් කරන ලදී. මසකට පසුව ඔහුව පාසලෙන්ම ඉවත් කරන ලදී.

•ඇල්බට් අයින්ස්ටයින්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ බුද්ධිමත්ම මිනිසුන් ගෙන් අයෙකි. 1921 නොබෙල් ත්‍යාගයේ හිමිකරුවා විය. සාපේක්‍ෂතාවාදය පිලිබදව වසර 100කට පෙර ඔහු පැවසූ කරුනු අදටත් වලංගුය. නමුත් පාසල් වියේදී ගුරුවරුන් ඔහුව හැදින්වූයේ "මෝඩ ළමයා" ලෙසය.

•මැර්ලින් මොන්රෝ:
මැර්ලින් මොන්රෝ යනු කවරෙක්දැයි හදුන්වා දීමට අවශ්‍ය නැත. 1947 20th Century-Fox සමාගමෙන් ඇයව ඉවත් කෙරුනේ ඇයගේ අධ්‍යක්‍ෂකවරයා ඇය අවලස්සන රගපෑමට හැකියාවක් නොමැති කාන්තාවක් ලෙස සැලකූ නිසාය. එයින් නොසැලුනු ඇය 20වන ශත වර්ශයේ ජනප්‍රියම චිත්‍රපට තාරකාව බවට පත් විය.

•ජෝන් ග්‍රිෂාම්:
ජෝන් ග්‍රිෂාම් යනු වර්තමානයේ ලොව ජීවත් වන ජනප්‍රියම සහ හොදම නවකතා රචකයෙකි. නමුත් ඔහුගේ ප්‍රථම නව කතාව ප්‍රකාශකයන් 12ක් සහ ඒජන්තවරුන් 16ක් අතින් ප්‍රතික්‍ෂේප විය.

•හෙන්රි ෆෝඩ්:
හෙන්රි ෆෝඩ් මුලින් ආරම්භ කල මෝටර් රථ කර්මාන්ත ශාලා 2ක් අසාර්ථක විය. ඉන් නොසැලුනු ඔහු ෆෝඩ් මෝටර් කම්පැනි ආයතනය ආරම්හ කල අතර ඉන් 20 වෙනි ශත වර්ශයේ ලෝක ආර්ථිකයට වූ බලපෑම අති මහත්‍ය.

•සොයිචිරෝ හොන්ඩා:
දෙවන ලෝක යුද්ධයෙන් පසු ටොයෝටා සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස බැදීමට සම්මුඛ සාකච්චාවට ගිය හොන්ඩා ඉන් අසමත් විය. තමා විසින් නිශ්පාදනය කල කුඩා ස්කූටර් අසල් වාසීන් මිලදී ගන්නා තෙක් මොහු රැකියා විරහිතව සිටියේය.ඉන් පසු ඔහු ඔහුගේ මෝටර් බයිසිකල් නිශ්පාදනාගාරය ඇරඹූ අතර අද එය ලොව විශාලතම මෝටර් බයිසිකල් නිශ්පාදකයායි.



ඉතින් යලුවනේ..ඉතිරිටික හිතන්න ඔයාලට බාරයි...

කස්ටියටම ආයුබෝවන්ඩ කිවුව එහෙනම්..අදත් අවා..හැබැයි විකාරයක් අරන් නෙමේ ජිවිතේ දේවල් වලට පස්සට යන්න හදන බෑ කියල හිතන මිනිසුන්ට චුට්ටක් නැවතිලා හිතන්න පුළුවන් මනුස්සයෙක් ගැන කියන්න..කියවලම හිතන්නකෝ..

1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයා 
ආර්. කරුණානන්ද



මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? හුසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී
ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.

තම රටට ඔලිම්පික් පදක්කමක් දිනාදීම සදහා ඔහු සිය උපරිමයෙන් උත්සාහ කලේය. නරඹන්නන් ගේ උසුලු විසුලු මැද තරගය පුරාම සදහා ඔහු ගත් වෙහෙස කැපී පෙනුනි.
අවසානයේ ඔහු සටන ජය ගත්තේය.
අවසානයේ ඔහු තරගය නිමා කලේය.
තරගය නරඹන්නන් තම ආසන වලින් නැගිට ඔහුට ආචාර කලේය.
1964
ඔලිම්පික් තරගාවලියේදී නරඹන්නන් ගෙන් එවැනි ප්රතිචාරයක් වෙන කිසිම ක්‍රීඩකයෙකුට ලැබුනේ නැත.

ක්‍රීඩාව දෙස වෙනත් කෝණයකින් බලන කෙනෙක් කරුණානන්දගේ උත්සාහය වෙනස් අයුරකින් දකිනු ඇත.මීටර් 10000 තරගය අවසානයට නිමා කල කරුණානන්ද ලැබූ ඉහල ප්‍රේක්ෂක ප්රතිචාරය ගැන විශ්මයට පත් වනු ඇත.

මේ 1964 වසරයි, කාලය වන විට මලල ක්‍රීඩකයන්ට අද මෙන් අනුග්‍රාහකයන්, මිල මුදල්,යාන වාහන, ත්‍යා ආදිය ලැබුනේ නැත. මද සෙම්ප්‍රතික්ෂා ගතියකින් පෙලුනු කරුණානන් මීටර් 10000 තරගය සදහා සහභාගී වුනේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවය. තරගය ප්රථමයෙන් නිමා කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙලට තරග කරමින් සිටියේය

එයට හේතු වූයේ වන විටත් කරුණානන්ද වට හතරක් පසු පසින් අවසානයට තරග වදිමින් සිටීමයි. ප්‍රථම දෙවණ හා තෙවන තරග කරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. කරුණානන්දටද ඕනෑම මොහොතක තරගයෙන් ඉවත් වීමේ හැකියාව තිබුනි. නමුත් ඔහු එසේ කලේ නැත,දිගටම ධාවනයේ යෙදුනි.
තරග නරඹන්නන් විශ්මයට පත් වුනි. ඔහු එක වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුලු විසුලු කලේය. මුලු ක්‍රීඩාංගනය පුරා සරදම් සිනා හඩ පැතුරුනි. නමුත් කරුණානන්ද නිහඩව ධාවනයේ යෙදුනි.
දෙවණ වටය අවසන් කරන විට නරඹන්නන් නිහඩ විය.
තෙවන වටය අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නැගුනි.
කරුණානන්ද තරගය නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිට අචාර කල අතර තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන් ගේ දෙනෙත් කදුලින් තෙත් විය

එම තරගය ජයග්‍රහණය කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් පසුව පැවසුවේ තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි.

තරගය නිම වී දින ගණනක් ගත වූවත් කරුණානන්ද පිලිබද මහත් පැහැදීමකින් පසු වූ ජපන් ජනතාවගෙන් ඔහුට ත්‍යාග රාශියක් ලැබුනි.ඔහුගේ ක්‍රියාව අගය කර කරුණානන්ද මහතාට ජපානයෙන් රැකියාවක්ද ප්‍රදානය කල අතර,ඔහු ජපානය බලා පිටත් වීමට දිණ කීපයකට පෙර ඔහු අභිරහස් ආකාරයට මරණයට පත් වුනා. මේ පිලිබදව විවිධ මත පල වූ අතර ඔහුව ඝාතනය කල බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පල වුනා.කරුණානන්ද මහතාගේ මරණය දරා ගත නොහැකි වූ ඔහුගේ බිරිදගේ සිහි විකල් වූ අතර ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්වයට පත් වුනා. ඔහුට අපෙන් ලැබුන කලගුන සැලකීමයි!!!

මිනිස් අධිෂ්ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුල් විය. නමුත් අද ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්ද ගැන දන්නා ළමුන්/වැඩිහිටියන් කී දෙනෙකු සිටීද? ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුල අද මෙම මලල ක්‍රීඩකයා ගැන සදහනක් නොමැත. එම තරගයේදී රට වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඔහු දැරූ උත්සාහයට සහ ඔහු තුල පැවති ක්‍රීඩාශීලීත්වයට ආර්. කරුණානන් වැනි සැබෑ විරුවෙකුට අප ගරු කල යුතු අතර අප රටේ එතෙක් මෙතෙක් ඔහු තරම් ධෛර්යමත් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙක් බිහිව නැතුවාට සැක නැත.ජයග්‍රහණය පමනක් බලාපොරොත්තුවෙන් තරග වැදී පරාජය හමුවේ වියරු වැටෙන අද ක්‍රීඩකයන්ට කරුණානන්දගේ කතාව සැබෑ ආදර්ශයක් වනු නොඅනුමානය(මෑතකදී අගනුවර පාසල් 2ක් අතර පැවති රගර් තරගයක් අවසානයේ පරාජිත පිලේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කල පිලේ ක්‍රීඩකයන්ට කල අමානුෂික පහරදීම සිහිපත් කිරීම වටී).

ඔහු සහභාගී වූ එක තරගය මෙම ලින්ක් එකෙන් නරබන්න.

http://www.youtube.com/watch?v=eEWDdfTP2qI&feature=player_embedded
 
ජීවිතයේ ඔබ මානසිකව ඇද වැටී අධෛර්යමත්ව සිටින මොහොතක රණතුංග කරුණානන්ද නම් වූ අසහාය ශ්‍රී ලාංකිකයා ගැන සිහියට නගා ගන්න

ලෝකයා ඔබ කරන දෙයට සිනා සෙන විට නරඹන්නන් ගේ සරදම් මැද තනිවම වට හතරක් ඔහු ධාවනයේ යෙදුනු ආකාරය සිහිපත් කරන්න.
.

වසර 47ක් පමා වී හෝ ධෛර්යමත් විශිෂ්ඨ ක්‍රීඩකයාට අප රටේ හිමි තැන ලබා දීමට මෙය [SHARE] කරන්න.

P.S :
මැරතන් කරූ (කේ. කරුණාරත්න) සහ ආර්. කරුණානන්ද අතර සම්බන්ධයක් නොමැති අතර මැරතන් කරූ 2008 අප්රේල් මස 6වන දින ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතා මියගිය බෝම්බයට හසුව මිය ගියේය.

තවත් දෙයක් කියන්න ඔනේ..මේ ලිපිය මම උපුටා ගත්ත එකක්..අමතක කරන්න අමාරු කෙනෙක් නිසා බෙදාගන්න හිතුවා..