෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, December 1, 2011

ගුවන් පොජ්ජේන් ගිය අපේ ඇත්තෝ

ලිවුවේ Unknown



වරිගෙ ඇත්තන් ගැන ලෝක පොජ්ජට කතාදාන්න මංගච්චපු දවස් පොජ්ජෙ තමයි මේ ඇත්තෝ ඉස්සරම උඩතැනින් මංගච්චණ දඬු කැච්චක මං ගැච්චුවෙ.

ඉස්සරින්ම නං ඇහිරුකුලට මන්දො කරන කොට බය පොජ්ජක් තිබෙව්වා. මං ගච්චන කොට බිම් පොජ්ජට පට ඇරගෙන මන්දොවෙයිද? මොන එකක් මන්දො වෙයිද කියල.

ඇතුල් තැනට මංගච්චලා රදව්වා. මංගච්චන්න සූදානම් පොජ්ජ මන්දො වෙනකොට තව පොච්ජික් බය පොජ්ජ මන්දොඋනා.

තරමක් ඇහිරුකුලට මන්දො කරනකොට මේ ඇත්තො විතරක් කොදොයි. කට්ටි පොඞ්ඩක් ඉඳිනවානෙ එතකොට බය පොජ්ජ කොදව්වුණා. මියබෙට දමනව නම් කට්ටි පොජ්ජමනේ”

”අපේ රටේ ආදිවාසියකු (වැද්දෙකු) ගේ ප‍්‍රථම ගුවන් ගමන පිළිබඳව එසේ සිය අත්දැකීම විස්තර කළේ දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන්ය.

උඩින් ගිය අපේ රටේ ප‍්‍රථම ආදිවාසියා ඔහු වෙයි.

මං ඉස්සෙල්ලාම ගුවන් යානයක් දැක්කේ එදා. නේපාල් ආදිවාසීන් මුනගැසීම සඳහා යන්න ගුවන් යානයට නැග්ගා. ඒක ඇතුලට යනකොට ලොකු බයක් දැනුනා.

කොහේ යනවද මොනව වෙනවද කියල හිතාගන්න බැරිවුණා. උඩයනකොට මේක කඩාගෙන බිමට වැටෙයිද? කියල මහ බයක් තිබුණා. එක පාරට ගැස්සිලා ගියා. මං ඇස්දෙක පියාගත්තා. හැබැයි ටිකක් උඩට යනකොට හිතුනා මං විතරක් නෙවෙයිනේ. මැරෙනවානම් මේ ඇතුලෙ ඉන්න ඔක්කොම මැරෙනවානේ කියලා. උඩට ගියාට පස්සේ මොනවා වෙනවද කියල තේරුනේ නැහැ.

මාර්ග උපදේශක උරන් විවේකා කියන ස්වීඩන් කාන්තාව එයා ඒ රටේ ආදිවාසි පරපුරක කෙනෙක්. එයා තමයි එකින් එක කියල දුන්නේ. ගුවන් යානයේ සීට්වල වාඩිවෙන්නෙ කොහොමද? දෙන කෑම කන්නෙ කොහොමද? එයා කියන විදියට අපි හැසිරුනා.

ආදිවාසී නායකයා ගුවනින් ගිය විදේශ සංචාර ගණන දෙකකි. ඒ හුදෙක් විනෝද සංචාර නොවේ. තම වරිගේ ඇත්තන් මුහුණ පාන ගැටලූ පිළිබඳව මේ රටේ ඇත්තන්ට අවුරුදු ගණනාවක් තිස්සේ තම පියාණන් වූ ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්. වාචිකව හා ලිඛිතව කියා සිටි දුක් ගැනවිලිවලට පාලකයන් සවන් නොදීම නිසා මේ ගැටලූ ලෝක ආදිවාසී සමුළුවට ඉදිරිපත් කිරීමටය.

ඌරුවරිගේ අප්පුවාට හා තලාවරිගේ ගෝමරීට දාව හෙන්නේ කන්දේ ලෙනක උපන් ඌරුවරිගේ තිසාහාමි වැදි නායකයා වන විට වයස අවුරුදු 14කි. එදවස සුන්දරය.

මුළු වනපෙතෙහි උරුමක්කාරයන් වූයේ රැහේ අයයි. නිදහසේ වනපෙතේ සරන්නට, දඩයමක් කරගන්නට, ගල්තලාවක සැතපෙන්නට, මී වදයක් කඩා ගන්නට, පළතුරක් කඩාගන්නට, කාගේවත් බාධාවන් නොවීය.

1977 - මහවැලි ව්‍යාපාරය ආරම්භ විය. 1983 ජේ.ආර්. ජයවර්ධන රජය මේ සුවිසල් වන පෙත කොටුකර (අක්කර 145450ක) මාදුරුඔය අභය භූමිය පිහිටුවීමත් සමග දඹානේ ආදිවාසීන් බරපතල ලෙස සමාජ සංස්කෘතික හා ජීවන ගැටලූවලට මුහුණ දුන්හ.

රජයේ නිලධාරීන් පැමිණ විවිධ පොරොන්දු දී දඹානේ ආදිවාසී පරපුරේ ඇතැමෙක් රැගෙන ගොස් වෙනත් ජනාවාසවල පදිංචි කළහ. එහෙත් තිසාහාමි ගේ ස්ථාවරය වූයේ මරා දැමුවත් තම රාජධානියෙන් ඉවත් නොවන බවය. රැහේ පිරිසක්ද තම නායකයාගේ ස්ථාවරයේ සිටියහ.

වනයේ අයිිතිය අහිමි වීම නිසා රැුහේ අයට ඇතිවූ ගැටලූ ඉදිරිපත් කිරීමට දිනක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුවීමට එවකට වැදිනායක තිසාහාමි, ජනාධිපති මැදුරට ගියේය. වත්මන් නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ද මේ ගමනට එක්විය.

ඒ කතාබහ වන්නියලැ ඇත්තන්ගේ වචනයෙන් කියන්නේ නම් මෙසේය.

”අප්පිල ඇත්තෝ කතා දැම්මා. මේ ඇත්තන්ට නිදහස් පොජ්ජ මන්දො කරන්න. මේ ඇත්තන්ගේ මිනිගජ්ජුන්ට නිදහස් පොජ්ජ රදන්න. ඉඩ පොජ්ජ ඇනව්කරන්න.

එතකොට ජනාධිපති හූරා කතා දැම්මා. තිසාහාමිල ඇත්තන්ට හිත්ලානවනම් කොළඹ, හෙරුගම් පොජ්ජෙන් ඉඩම් පොජ්ජක් ඇනව්කරන්නම්. ඒ ඇත්තන්ගේ කාර්යාල පොජ්ජට කොළ පොජ්ජ ඇනව්කරලා මේ වගේ රුකුල් පොජ්ජකුත් ඇනව් කරන්නම්.

එතැන තිබෙන්න ඕනෑ කැලෑ පොජ්ජ. බොට කඳාට, කළුමංචට ඉදින්න ඕනෑ කියාලා කතා දැම්මා.

අප්පිල ඇත්තෝ කතා දැම්මා තොපංගේ මාලිගා පොජ්ජට වැඩි තැනෙන් මේ ඇත්තන්ගේ ඉලූක් පැල් පොජ්ජ මේ ඇත්තන්ට හිත්ලානවා. වටිනාකම් පොජ්ජක් තිබෙනවා.

ඔය තැන ඇහුම් පොජ්ජ මන්දො කරන්න කොදෙයි මේ ඇත්තෝ මං ගැච්චුවෙ මේ ඇත්තන්ට තිබෙන ගැටළු පොජ්ජ ගැන කතා දමන්න.

ජේ.ආර්. ජනාධිපති මුණ ගැහිලා ඉල්ලීමක් කළා. ආදිවාසීන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩදෙන්න කියලා.

එතකොට ජනාධිපතිතුමා කිව්වා තිසාහාමි ඇත්තන් කැමති නම් කොළඹින් ඉඩමක් දෙන්නම්. ජනාධිපති මන්දිරේ වගේ ගේකුත් හදලා දෙන්නම්. කැලේ අලියට වලහට තියලා කොළඹ එන්න කියලා.

එතකොට අප්පිල ඇත්තො කිව්වා, ඕක අහගන්න නොවෙයි මං මෙතැනට ආවේ. ඔබ දෙන මාලිගාවට වඩා මගේ ඉළුක් පැල්පත හොඳයි. මාලිගාවට වඩා ඉළුක් පැල්පත වටිනවා කියා. අප්පිල ඇත්තො ආපහු ආවා.

තිසාහාමි රැහේ ගෝත‍්‍රික මේ සටන එතනින් අවසන් කළේ නැහැ.

ඒ කාලේ දඹාන විද්‍යාලයේ සේවය කළ ගුරුවරයෙකුගේ මස්සිනා දඹානට පැමිණ සිටියේය.

”තිසාහාමි” ඔහු ගෙන්වාගෙන හැම තැනටම තමන්ගේ රැහේ අයට වූ අසාධාරණය සම්බන්ධයෙන් ලියවා ගත්තේය. ඒ ලියවිලි වගකිවයුතු අංශවලට යොමු කළේය. එහෙත් ප‍්‍රතිචාරයක් නම් නොවීය.

ස්වීඩන් රටේ ග්‍රෝති‍්‍රක පරපුරකින් එන ”විවේකා” මෙනෙවිය දඹානට ආවේ මේ කාලයේය.

ඇය වන්නියලෑ නැන්දම්මාගේ නිවසේ නතර වී රැහේ ජීවන රටාව අධ්‍යයනය කරමින් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට සවන් දුන්නාය.

”විවේකා” මේ තොරතුරු ලෝක ආදිවාසී සමුළු නියෝජිතයන්ට දැනුම් දුන්නාය. ඊට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ ආදිවාසී නියෝජිතයන්ට අවසර ලබාගත් ඇය මේ බව තිසාහාමිට දැනුම් දුන්නාය. ඒ වෙනකොට තිසාහාමිගේ වයස අවුරුදු සියයට ආසන්නව තිබුනේය. තම අබල දුබල තත්ත්වය නිසා වන්නියලෑ ඇත්තෝ වත්මන් නායක ඒ සඳහා නම් කෙරින. ඔහුගේ වයස ඒ වන විට අවුරුදු 44කි.

මේ සමුළුවට යාම සඳහා සූදානම් වුවද ජේ.ආර්. ආණ්ඩුව අවසන් මොහොතේ ඊට අවසර නුදුන්නේය.

විදේශ කාන්තාවක් මේ ගමන සංවිධානය කිරීම, භාෂා ගැටළු යනාදිය නිසා අධ්‍යයනය නොකර දින දෙක තුනක් තුළ මෙවැනි අවසරයක් ලබාදිය නොහැකි බව රජය දන්වා සිටියහ.

මේ ගමන සඳහා සූදානමින් දින 3ක් කොළඹ රැඳී සිටි වන්නියලෑ ඇත්තන්ට මේ තහනම ලැබුණේ ගුවන් ගතවීමට පෙරදිනය.

එම සමුළුව නියමිත පරිදි පැවැත්විණ. ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ නොපැමිණීම හා ඊට රජය අවසර නොදීම මෙම සමුළුවේ ප‍්‍රධාන මාතෘකාවක් විය.

සමුළුව ශ්‍රී ලංකා රජයෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළවිට, රජය කියා සිටියේ නියමිත පරිදි මේ ඉල්ලීම සිදුකළ හොත් ඉදිරි සමුළුවට සහභාගිවීම සඳහා අවසර ලබාදිය හැකි බවය.

ජේ.ආර්. ගේ ජනාධිපති ධූර කාලය අවසන්ව චන්ද්‍රිකා ජනාධිපති වූවාය. 1996 ”ස්විට්සර්ලන්තයේ” දී දෙවැනි සමුළුව පැවැත්විණ.

වන්නියලෑ ඇත්තෝ ඔහුගේ මස්සිනා සහ අයියාගේ පුතා ශ්‍රී ලාංකීය ආදිවාසි නියෝජනය සඳහා මෙම සමුළුවට නම් කෙරිණ.

විවේකාගේ මාර්ගෝපදේශකත්වය යටතේ මේ පිරිස ගුවන් මගින් ස්විට්සර්ලන්තයට ගියහ.

”මේ වැදි පිරිසට එය අමුතුම ලෝකයකි” නවාතැන් ලැබුණේ සුවිසල් හෝටලයකය.

”මිනිස්සු වෙනස්, ගෙවල් වෙනස්, කතාබහ වෙනස්, දේශගුණය වෙනස්, වෙලාවක රාත‍්‍රිය මහා දීර්ඝ එකක් යැයි වන්නියලැ ඇත්තන්ට සිතිණ. රැුයක් එළිවෙන්න දින දෙකක් ගතවෙනවා වාගේ දැනිණ. සමහර වෙලාවට වන්නියලැ ඇත්තන්ට ගෙදර සිහිවී ඇඬුනේය.

මේ වන්නියලැ ඇත්තන් ඒ තොරතුරු සිහිපත් කළ හැටිය.

ගෙදර මතක්වී මට ඇඬුනා.... අපේ භාෂාව කාටවත් තේරෙන්නේ නැහැ. අපි තනිවෙලා... හැබැයි හෝටල් සේවකයන් හරිම පියකරුයි.

ඒ ගොල්ලෝ හිනාඋනා. අපිත් හිනාඋනා. ඒ ගොල්ල අතින් කතාකරනවා. අපි ඔලූව වනලා ඔලූවෙන් කතා කරනවා. ගොලූවෝ වගේ. හැබැයි කොහොම හරි සන්නිවේදනය තේරුම් ගන්න පුළුවන් උනා. ඒ අය දුන් කෑම කන්න අමාරුයි. අපි අපේ කෑම පිළියෙළ කර ගත්තා.

හැමතිස්සේම හිතුවේ සමුළුව අමතන්නෙ කොහොමද කියලා. යැයි වන්නියලෑ ඇත්තෝ හැඟුම්බරව පැවසීය.

උපුටා ගැනීමක්..

0 අදහස් උදහස්:

Post a Comment