෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us


ලොව පවතින ආගමික මතවාද හා නායකයන් ගර්හාවට පාත්‍ර වන අන්දමේ සදාචාර විරෝධී කටයුතු වත්මන් ලොව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. බොහෝ දෙනකු තම ආගමික මතය සේ පිළිගන්නේ පාරම්පරිකව පැවතෙන දෙමව්පිය දායාදයෙන් උරුම වන සංකල්පයන්ය. ආගමික මත හා ඒ හා බැඳී වර්ධනය වූ සංස්‌කෘතිකාංග හා සාහිත්‍යාංග දීර්ඝ කාලයක්‌ නොනැසී පවතින්නේ පරම්පරාවෙන් පරම්පරාවට එම සංකල්ප කාන්දු වන බැවිනි. ඇතැම් ශාස්‌තෘවරයන් පාරම්පරිකව ආගමික සංකල්ප පිළිගත යුතුයෑයි කියද්දී තමන්ගේ බුද්ධියෙන් විමසා බලා නිදහස්‌ව ආගමික මතයක්‌ පිළිගැනීමට අවකාශ සලසා ඇති ආගමික ශාස්‌තෘවරයන්ද ලොව පහළ වී ඇත. අනාගතයේදී මේ මත දෙකම දරන ආගමික නායකයන් බිහිවීමටද හැක.

වත්මන් ලෝක ජනගහනය සලකා බැලූ විට මුසල්මානු හා යොහෝවාදී ලබ්ධිකයන් බහුතරයක්‌ සිටින බව පෙනේ. අනෙක්‌ ආගමික මතවාද වන්නේ බුද්ධ ධර්මය හා හින්දු දර්ශනයයි.

පුරාණ ඉතිහාස කරුණු පිරික්‌සීමේදී විරුද්ධ ආගමික මත දරන ජනයාට හිරිහැර කිරීමට ඇතැම් අන්තවාදී ආගමික කණ්‌ඩායම් කටයුතු කර ඇත. එම විරෝධතා භෞතික ද්‍රව්‍ය යොදාගෙන කළ අවස්‌ථාද ඉතිහාසගත කරුණු හැදෑරීමෙන් දැකගත හැකිය. ඇතැම් විරෝධතා විවිධ සන්නවේදන ක්‍රම මගින් කර ඇත.

තාක්‍ෂණය හා සන්නිවේදනය ඉතා ඉහළ අගයකින් වර්ධනය වී ඇති වත්මන් ලොව තුළ සදාචාර විරෝධී අයුරින් ආගමික සංකේත, හරයන්ට හා ආගමික නායකයන්ට ගැරහීම වේගවත් වී ඇත. මෙහි ආසන්න සිදු වීම තමන් අවට වාතය සුවඳවත් කිරීමට යොදා ගන්නා භාණ්‌ඩයකට ආගමික නායකයන්ගේ රුව ඇතුළත් කිරීම දැක්‌විය හැක. ජාලියගොඩ, පිළියන්දල නමින් ලිපිනයක්‌ සඳහන් වන එවැනි සුවඳ කාරකයක්‌ බණ්‌ඩාරගම සදාචාර සම්පන්නභාවය අගය කරන වෙළෙඳ මහතකු අතට පත්වී පාර්ලිමේන්තුව තෙක්‌ එම භාණ්‌ඩ පැමිණීම සටහන් කළ හැක. ලුසෙන්ට්‌ (ළුcඑන්ට්) යන වෙළෙඳ නාමයෙන් හඳුන්වා ඇති සුවඳ කැවූ ඝනකමැති කඩදාසියක්‌ මත බුදු රුවක්‌, ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ රුවක්‌ සහ සිංහ කොඩියක රුවක්‌ මුද්‍රණය කර ඇත. එක්‌ කඩදාසි කොටුවක එක්‌ රුවක්‌ ලෙස එම සමාගම මුද්‍රණය කොට බෙදාහරිමින් තිබියදී බණ්‌ඩාරගම නගරයේ වෙළෙඳ මහතකු මිලදී ගෙන කළුතර දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අතට පත්කර ඇත. ඒ මහතා ඉකුත් දිනයක ආගමික හා ජාතික සංකේත අඩංගු සුවඳ කැවූ කඩදාසි පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර ඇත.

මෙම සුවඳකාරක කඩදාසි එහි මුද්‍රණය වී ඇති රුව කැපී යන අයුරින් සතිපතා කපා දැමීමට උපදෙස්‌ ලබා දී ඇත. අවසන් කැපුමේදී බුදුරුවේ සහ ක්‍රිස්‌තුතුමන්ගේ රුවේ ගෙල පෙදෙසින් කැපී යන ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් හා සංවිධාන උන්මත්තකයන් විය හැක. නැතිනම් තමන් අදහන මතය පමණක්‌ ලොව පවතීවා යෑයි ප්‍රාර්ථනය කරන පිරිසක්‌ද විය හැක. අන්තර්ජාලය වැනි සයිබර් අවකාශය තුළ කෙරෙන මෙවැනි ක්‍රියා අතර චීන ජාතිකයන් සොයාගත් කඩදාසි නිපදවීම වැනි ප්‍රාථමික නිෂ්පාදනයක්‌ තරමටම මෙවැනි කඩදාසියකින් තනා ඇති භාණ්‌ඩය භාවිත කරමින් කිරීමට යන කටයුත්තද ඉතා බාල එකකි.


 
 






අන්තවාදී සර්පයා අපව වෙලාගෙන අවසන්. ප්රවේශම්වන්න.

Gonagama Karunasara Thero
හා තවත් නම් කිහිපයකින් පෙනී සිටිමින් ව්යාජලෙස සිවුරු දරාගෙන කාන්තාවන් සමග අශ්ශීල ලෙස හැසිරෙන ඡායාරූප ෆෙස්බුක් ජාලය හරහා ප්රචාරය කරමින් සිටින මේ පාපතර තිරශ්චීනයා බෞද්ධ භික්ෂුවක් නොව, මෙවැනි නාමධාරී භික්ෂුවක් හෝ පුද්ගලයෙක් ලංකාවේ පවතින කිසිදු බෞද්ධ නිකායක සාමාජිකත්වයනොදරන බව අපි සහතික වන්නෙමු.

මීට
මසකට පමණ පෙර මෙම ඡායාරූප ඉදිරිපත් කර තිබුනේ "Gonagala Sumanasara" යන නමකිනි. මේ පාපතර ක්රියාවට විරුද්ධ අය විසින් "රිපෝර්ට්" කරවීම නිසා එම ගිණුම අක්රීය වී ඇති අතර නැවතත් වෙනත් නමකින් මේ අශ්ශීල ඡායාරූප ඉදිරිපත් කරවීමේ අරමුණ කුමක්දැයි සිතා බලන්න. මෙය භික්ෂූත්වයට නිගා කිරීම සදහා හිතාමතාම සිදුකරන සංවිධානාත්මක කුමන්ත්රණයක් බව එයින්ම පැහැදිලි නොවන්නේද? සසුනට වැඩ ඇති සියක් දහසක් වූ සුපේෂල ශික්ෂාකාමී සංඝයාවහන්සේලා අතර ශාසනික ප්රතිපදාවන්ට පයින් ගසා පංච දුසිරිතෙහිම යෙදන අපායගාමී චීවරධාරීන් අතලොස්සක්ද ඇති බව සැබෑය. කතෝලික, මුසල්මානු, හින්දු ආගම්වලද එවැන්නන් නැත යයි කියන්නට කිසිවෙකුට නොහැකිය. ඔවුන්ද සමාජ සම්මතයට පිටින් යමින් තම අමනකම් ප්රසිද්ධියේ එලිදක්වනවා අප දැක නැත. (මේ ඡායාරූවල දැක්වෙන ව්යාජ චීවරධාරියා මෙහි සිටින ගැහැනිය හදුන්වා දී තිබුනේ තම පෙම්වතිය ලෙසිනි) මෙහි ඇති නොගැලපීම එයින්ම වටහාගත නොහැකිද? එම ඡායාරූපවල දැක්වෙන පාපතරයින් සිවුරු ඇද ඇති ආකාරයෙන්ම පැහැදිලි වන්නේ ඔවු සැබෑ භික්ෂූන් නොවන බව නොවේද?

මෙය
කිසිසේත්ම හුදෙකලා සිදුවීමක් නොව...
පැහැදිලි
ලෙසම මේ පිටුපස සිටින්නේ කතෝලික අන්තවාදී සංවිධාන බව කූප්රකට කරුනකි. (මේ පුද්ගලයා සම්බන්ධ සංවිධානය පිළිබදව වැඩිදුර කරුණු අප සතුවන අතර පිළබදව අදාල අංශ දැනුවත් කර ඇතත්, මේ පාපතරයින්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්රියාත්මක වේ යැයි අප විශ්වාසය තබන්නේ නැත...)
බෞද්ධ
භික්ෂූත්වයම යොදාගෙන භික්ෂූන් වහන්සේ පිළිබද බොදු සමාජය කළකිරවා තුලින් බුදු දහම මේ බිමෙන් අතුගා දමා දමන්නට දත කන අන්තවාදී කුමන්ත්රණයේ තවත් එක් රංගනයකි මේ... මේ අන්තවාදීන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙලේ සැබෑ බිහිසුනුකම පිළිබදව නොබියව සමාජයට හෙළි කලේ අතිපූජ් ගංගොඩවිල සෝම හිමියන්ය. එහෙත් වැඩි කල් නොගොස් මේ පාපතරයින් උන්වහන්සේගේ නිහඩ කලේය. උන්වහන්සේ එදා පෙන්වාදුන් අන්තවාදී පිළිලය එදාටත් වඩා බරපතල ලෙස අප සමාජය වෙලාගෙන අවසානය.

මෙය
අන්තර්ජාලයට හෝ ෆේස්බුකියට සීමා වූවක්නම් නොවන බව තරයේ මතක තබා ගන්න. මේ අන්තවාදී කුමන්ත්රණයේ අංශු මාත්රයක් පමණය. "අපි මීට ප්රථම අවස්ථාවකදී හෙළිදරව් කල පරිදි දෙවන වතාවට අල්ලාගන්නා ලද අවස්ථාවේදී භික්ෂු ගෞරවය කෙළෙසමින් නුගේගොඩ ප්රදේශයේ සිගමන් යදිමින් සිටි 'සූරියවැව සුධම්ම හිමි' නමින් පෙනී සිටි පුද්ගලයාද "වර්ල්ඩ්විශන්" නැමති ක්රිස්තියානි මූලධර්මවාදී සංවිධානය සමග සෘජු සම්බන්දතා පැවැත්වූවෙකි." ඉදිරියටත් අපි අවධානයෙන් සිටිය යුතුය, මෙයටත් වඩා සියදහස්ගුණයකින් බිහිසුනු ප්රහාර අපි බලාපොරොත්තු විය යුතුය, ක්රිස්තියානි අන්තවාදයේ රුදුරු සර්පයා අපව ගිලගන්නට මාන බලමින් සිටින බැවිනි.....


විශේෂයෙන්
මතක් කල යතුයි :- අපි කිසිවිටකත් සහෝදර කිතුණු ප්රජාවට ඇගිල්ල දිගු කරන්නේ නැත. අපි සැමදා සෘජුවම විවේචනය කරන්නේ "අන්තවාදය" බව මතක තබා ගන්න. මේ සම්බධයෙන් ඔබ අදහස් දක්වනවානම් කිසිදු ආගමික ඇදහීමක් හෝ ආගමික නායකයෙක් විවේචනය නොකරන්නට වග බලාගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමු....


0 අදහස් උදහස්:

Post a Comment