෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

කස්ටියටම ආයුබෝවන්ඩ කිවුව එහෙනම්..අදත් අවා..හැබැයි විකාරයක් අරන් නෙමේ ජිවිතේ දේවල් වලට පස්සට යන්න හදන බෑ කියල හිතන මිනිසුන්ට චුට්ටක් නැවතිලා හිතන්න පුළුවන් මනුස්සයෙක් ගැන කියන්න..කියවලම හිතන්නකෝ..

1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයා 
ආර්. කරුණානන්ද



මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? හුසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී
ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.

තම රටට ඔලිම්පික් පදක්කමක් දිනාදීම සදහා ඔහු සිය උපරිමයෙන් උත්සාහ කලේය. නරඹන්නන් ගේ උසුලු විසුලු මැද තරගය පුරාම සදහා ඔහු ගත් වෙහෙස කැපී පෙනුනි.
අවසානයේ ඔහු සටන ජය ගත්තේය.
අවසානයේ ඔහු තරගය නිමා කලේය.
තරගය නරඹන්නන් තම ආසන වලින් නැගිට ඔහුට ආචාර කලේය.
1964
ඔලිම්පික් තරගාවලියේදී නරඹන්නන් ගෙන් එවැනි ප්රතිචාරයක් වෙන කිසිම ක්‍රීඩකයෙකුට ලැබුනේ නැත.

ක්‍රීඩාව දෙස වෙනත් කෝණයකින් බලන කෙනෙක් කරුණානන්දගේ උත්සාහය වෙනස් අයුරකින් දකිනු ඇත.මීටර් 10000 තරගය අවසානයට නිමා කල කරුණානන්ද ලැබූ ඉහල ප්‍රේක්ෂක ප්රතිචාරය ගැන විශ්මයට පත් වනු ඇත.

මේ 1964 වසරයි, කාලය වන විට මලල ක්‍රීඩකයන්ට අද මෙන් අනුග්‍රාහකයන්, මිල මුදල්,යාන වාහන, ත්‍යා ආදිය ලැබුනේ නැත. මද සෙම්ප්‍රතික්ෂා ගතියකින් පෙලුනු කරුණානන් මීටර් 10000 තරගය සදහා සහභාගී වුනේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවය. තරගය ප්රථමයෙන් නිමා කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙලට තරග කරමින් සිටියේය

එයට හේතු වූයේ වන විටත් කරුණානන්ද වට හතරක් පසු පසින් අවසානයට තරග වදිමින් සිටීමයි. ප්‍රථම දෙවණ හා තෙවන තරග කරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. කරුණානන්දටද ඕනෑම මොහොතක තරගයෙන් ඉවත් වීමේ හැකියාව තිබුනි. නමුත් ඔහු එසේ කලේ නැත,දිගටම ධාවනයේ යෙදුනි.
තරග නරඹන්නන් විශ්මයට පත් වුනි. ඔහු එක වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුලු විසුලු කලේය. මුලු ක්‍රීඩාංගනය පුරා සරදම් සිනා හඩ පැතුරුනි. නමුත් කරුණානන්ද නිහඩව ධාවනයේ යෙදුනි.
දෙවණ වටය අවසන් කරන විට නරඹන්නන් නිහඩ විය.
තෙවන වටය අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නැගුනි.
කරුණානන්ද තරගය නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිට අචාර කල අතර තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන් ගේ දෙනෙත් කදුලින් තෙත් විය

එම තරගය ජයග්‍රහණය කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් පසුව පැවසුවේ තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි.

තරගය නිම වී දින ගණනක් ගත වූවත් කරුණානන්ද පිලිබද මහත් පැහැදීමකින් පසු වූ ජපන් ජනතාවගෙන් ඔහුට ත්‍යාග රාශියක් ලැබුනි.ඔහුගේ ක්‍රියාව අගය කර කරුණානන්ද මහතාට ජපානයෙන් රැකියාවක්ද ප්‍රදානය කල අතර,ඔහු ජපානය බලා පිටත් වීමට දිණ කීපයකට පෙර ඔහු අභිරහස් ආකාරයට මරණයට පත් වුනා. මේ පිලිබදව විවිධ මත පල වූ අතර ඔහුව ඝාතනය කල බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පල වුනා.කරුණානන්ද මහතාගේ මරණය දරා ගත නොහැකි වූ ඔහුගේ බිරිදගේ සිහි විකල් වූ අතර ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්වයට පත් වුනා. ඔහුට අපෙන් ලැබුන කලගුන සැලකීමයි!!!

මිනිස් අධිෂ්ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුල් විය. නමුත් අද ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්ද ගැන දන්නා ළමුන්/වැඩිහිටියන් කී දෙනෙකු සිටීද? ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුල අද මෙම මලල ක්‍රීඩකයා ගැන සදහනක් නොමැත. එම තරගයේදී රට වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඔහු දැරූ උත්සාහයට සහ ඔහු තුල පැවති ක්‍රීඩාශීලීත්වයට ආර්. කරුණානන් වැනි සැබෑ විරුවෙකුට අප ගරු කල යුතු අතර අප රටේ එතෙක් මෙතෙක් ඔහු තරම් ධෛර්යමත් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙක් බිහිව නැතුවාට සැක නැත.ජයග්‍රහණය පමනක් බලාපොරොත්තුවෙන් තරග වැදී පරාජය හමුවේ වියරු වැටෙන අද ක්‍රීඩකයන්ට කරුණානන්දගේ කතාව සැබෑ ආදර්ශයක් වනු නොඅනුමානය(මෑතකදී අගනුවර පාසල් 2ක් අතර පැවති රගර් තරගයක් අවසානයේ පරාජිත පිලේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කල පිලේ ක්‍රීඩකයන්ට කල අමානුෂික පහරදීම සිහිපත් කිරීම වටී).

ඔහු සහභාගී වූ එක තරගය මෙම ලින්ක් එකෙන් නරබන්න.

http://www.youtube.com/watch?v=eEWDdfTP2qI&feature=player_embedded
 
ජීවිතයේ ඔබ මානසිකව ඇද වැටී අධෛර්යමත්ව සිටින මොහොතක රණතුංග කරුණානන්ද නම් වූ අසහාය ශ්‍රී ලාංකිකයා ගැන සිහියට නගා ගන්න

ලෝකයා ඔබ කරන දෙයට සිනා සෙන විට නරඹන්නන් ගේ සරදම් මැද තනිවම වට හතරක් ඔහු ධාවනයේ යෙදුනු ආකාරය සිහිපත් කරන්න.
.

වසර 47ක් පමා වී හෝ ධෛර්යමත් විශිෂ්ඨ ක්‍රීඩකයාට අප රටේ හිමි තැන ලබා දීමට මෙය [SHARE] කරන්න.

P.S :
මැරතන් කරූ (කේ. කරුණාරත්න) සහ ආර්. කරුණානන්ද අතර සම්බන්ධයක් නොමැති අතර මැරතන් කරූ 2008 අප්රේල් මස 6වන දින ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතා මියගිය බෝම්බයට හසුව මිය ගියේය.

තවත් දෙයක් කියන්න ඔනේ..මේ ලිපිය මම උපුටා ගත්ත එකක්..අමතක කරන්න අමාරු කෙනෙක් නිසා බෙදාගන්න හිතුවා..

“Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ අලුත්ම සයිබර් මෙහෙයුම...

නම දැක්කමනම් හිතෙන්නේ ටිකක් පුදුම හිතෙනවා..
මොකද ඉතින් මේකත් යුධ මෙහෙයුමක් වගේ නමක්නේ තියෙන්නේ!! 
එත් ඉතින් අනිත් කෑල්ල නම් හොදට දැකලා පුරුදුයි හැමදාම අපි යන එන තැනක් හින්දා...

ඇනිනෝමස් නමින් හදුන්වාගත්ත අපි ටිකක් අහලා පුරුදු මේ හැකර් කරුවන් කණ්ඩායම අලුත් වැඩකට අතගහලා..

ඒ වර්ෂ 1605 ජිවත් වු guy fawkes - ගයි ෆොක්ස් නැමති පුද්ගලයා හා Gun Powder plot නම් සිද්ධිය සිහිකර බ්රිසතාන්යර වැසියන් ගිණිකෙලි සැරසිලි,සංදර්ශණ සමරන නොවැම්බර් 05 දින
Face book සමාජජාල වෙබ් අඩවිය හැක් කර එය බිද දැමීමට කටයුතු කිරීමටයි...
ගයි ෆොක්ස්

Face book හැක් කර බිද වැට්ටවිය යුතු බව ඔවුන් පවසන්නේ Face book මගින් එහි ලියාපදිංචි වු සමාජිකයින්ගේ තොරතුරු රජයේ ආයතන වලට හා රහස් සංවිධාන වලට ලබාදෙන බවත් එමගින් එම සමාජිකයින්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිනෙණ බවත් එම නිසා එය විනාශය කිරීමට එක්වන ලෙසයි. ඒ සඳහා වු විඩියෝ පටයක් You Tube අඩවියටද, ටිවිටර් හි වෙනම වෙබ් පිටුවක් ද මොවුන් විසින් අන්තර්ජාලයට එක්කොට ඇත.

“Operation Face book” නමින් මේ මෙහෙයුම හදුන්වන Anonymous හැකර් කණ්ඩායම 2003 දි ආරම්භ වී ඇතැයි සැලකෙන අතර 2006 ඔවුන්ගේ සයිබර් ප්‍රහාර ගැන ප්‍රථම වරට ලෝකයා දැන ගෙන ඇත.
දැන් ඔවුන් AnonPlus ලෙස ඔවුන්ගේම සමාජ ජාල වෙබ් අඩවියක් අරඹා ඇති අතර
පහත දැක්වෙන්නේ එහි මුල්පිටුවයි.

“Operation Face book” සඳහා Anonymous නම් වු හැකර් කණ්ඩායම විසින් අන්තර්ජාලයට මුදා හැරි විඩියෝව හා එහි සඳහන් සමහර කරණු කිහිපයක්...




 


2010 දි “Operation Avenge Assange” නම් වු මෙවැනිම මෙහෙයුමකින්
Paypal ,Visa, Master Card හා විකිලික්ස් හි ගිණුම් සඳහා
හැකින් ප්‍රහාර දියත් කොට ඇත.

ඒ වාගේම ඇමරිකානු පෙන්ටගනය, බැංකු හා News Corp. නැමති ආයතන වලටද මොවුන්ගේ සයිබර් ප්‍රහාර එල්ල වි ඇත.
පසුගිය මාසයේදි ඇමරිකාව,එංගලන්තය හා නෙදර්ලන්තයේ දි මෙම කණ්ඩායමට හවුල් යයි සැක මත පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

V for Vendettha නැමති 2006 දි තිරගත වු චිත්‍රපටයේ යොදා ගනු ලැබු
guy fawkes ගේ මුහුණ
මොවුන් යොදා ගන්නා අතර එය පැලද එක වරක ලොස් ඇන්ජලිස් නුවර ඔවුන් පෙනි සිටි අයුරු පහතින් දැක ගත හැකිවේ..


ඇමරිකාවේ කැලිෆෝනියාව මුලික කරගෙන 2004 වර්ෂයේ ආරම්භ කල Face book අඩවිය මේ වන විට ලොව පුරා මිලියන 750 ක් දෙනා එකතු වී සිටින විශාලම සමාජ ජාලයක් වන අතර එහි හිමිකරුගේ වත්කම පෝබ්ස් සඟරාවට හා විකිපිඩියාවට අනුව ඇමරිකන් ඩොලර් බිලියන 13.5 වේ.
කොහෝම වුනත් කැස්පස්කි සමාගමේ අයිතිකරු වන Eugene Kaspersky ටිවිටර් පිටුවට අදහස් දක්වමින් කියන්නේ එය කිසිවිටකත් සිදුවිය නොහැකි බොරුවක් බවයි..

එහෙත් විඩියෝවේ කතාව අවසානයේ මෙහේමත් කියනවා!
'We are anonymous. We are legion. We do not forgive.
We do not forget. Expect us.'
අපි නම් ඉතින් හැකින් ගැන අහලා තිබුනට නම් දන්නේ නම් නෑ.....
දැන්නම් ඉතින් ඉස්සරාහට මොනවා වෙයිද කියලා බලන් ඉන්න තමා තියෙන්නේ....
බලමු ඉදිරියට මොන වගේ දේවල් මේ ගැන කියාවිද කියලා!

2011/08/09 හා 10 දින වල අන්තර්ජාලයේ පලවු පුවත් මගින් කරුනු උපුටා දැනුවත් වීම සඳහා ඉදිරිපත් කරන ලදි.
ඔබගේ අදහස් ඔබ දන්නා දේ මෙහි කියලා ලියලාම යන්න හරිද!!

Wednesday, November 2, 2011

අනාගත ලෝකය දකිමු..

ලිවුවේ Unknown