෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

කටියටම ආයිමත් අයුබොවන්ඩ කිවුවා එහෙනම් ඕං..අදත් ආවා අලුත් වැඩක් අරන්..

අද කියලා දෙන්න ආවේ ඔයාලගේ වින්ඩොස් වල පටන් ගනිද්දී වැටෙන වෙල්කම් එකයි ලොග් ඕෆ් ස්ක්‍රීන් එකයි දෙකම වෙනස් කරගෙන තමන් කැමතිම පින්තූරයක් දාගන්න විදියක් ගැන කියලා දෙන්න..කොහොම හරි මගේ කල්‍යාණ මිත්‍ර භානුජ කෝවින්ද.. [ කල්‍යාණ කිවුවට කල්‍යාණම නෑ..මහ චාටර් මනුස්පයා ..හෙහේ විහිලුවක් හොදේ ] උදවු කලා..




ඉතින් ගොඩක් වැඩ වලදි වගේ මේ වැඩෙටත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඔනේ වෙනවා..මෙන්න මේ කියන සොෆ්ට්වෙයා කෑල්ල ඔයලගේ පරිගණකයට බාගත කරගන්න පුළුවන්
මෙතන කොටලා..මේක ඇත්තටම සොෆ්ට්වෙයා නෙමේ මේක රෙජිස්ට්‍රි ෆයිල් එකක්..

දැන් ඉතින් කොරන්න තියෙන්නේ ඔයලගේ පරිගණකයේ වින්ඩොස් ස්ථාපනය කරල තියන තැනට ගිහින් මෙන්න මෙතනට යන එක..

C:\Windows\System32\oobe

ඔය ෆෝල්ඩර් එකට යන අතරේ දෙයියනේ කියලා ඔයාලගේ ඩ්ලීට් බටොන් එකෙන් අත අහක් කරන් හිටියොත් තමා ඇගට ගුන..

හරි දැන් අතනට ගියායින් පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ අලුත් ෆොල්ඩර් එකක් එතන හදන එක..ඒ හදන ෆොල්ඩර් එක info කියලා නම් කරන්න..හැමොම දන්නවා ඇතිනේ ෆොල්ඩර් හදන හැටි..ඒක ඉතින් අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ නේ...

හරි ඉතින් මීට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලා මේ හදාගත්තු ෆොල්ඩර් එක ඇතුලට ගිහින්තවත් ෆොල්ඩර් එකක් හදලා ඒක background කියන නම දාන්න..

දැන් තියෙන්නේ හරිම සුලු වැඩක්..ඔයාල ස්ක්‍රීන් එකට දාන්න ඕනේ කියල හිතන් ඉන්න පින්තූරේ මෙතනට කොපි කරන එක..
මේ පින්තූරේ තෝර ගනිද්දි සැලකිලිමත් වෙන්න ඔනේ දේවල් දෙකක් තියනවා..ඒ තමයි ඔයාලගේ පින්තූරේ ෆෝමැට් එකෙන් තියෙන්න ඕනේ..අනික තමා රූපේ සයිස් එක කිලෝ බයිට්  256 ට වඩා අඩුවෙන්න ඔනේ..

දැන් ඉතින් වැඩේ හරි..ඊලග පාර ඔයාලගේ පරිගණකය ස්ටර්ට් වෙද්දි බලාගන්න පුළුවන්..හිතනවනම් වැඩේ හොදයි කියල කොමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා..

එහෙනම් අදට අපි ගියාවේ..

0 අදහස් උදහස්:

Post a Comment