෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, October 6, 2011

මහා ඇපල් ආදිපාද තුමා සමුගනී..

ලිවුවේ Unknown

ඇපල් කිවුවම ඉතින් දැන් කවුරුත් දන්නවානේ අපි කථා කරන්නෙ කන ඇපල් ගැන නෙමේ කියලා..අද කියන්න යන්නේ ටිකක් දුක හිතෙන පණිවිඩයක්..අපි කවුරුත් දන්න දැනට මුලු ලොකේම හොල්ලපු ඇපල් සමාගමේ ඇපල් ආදිපාද තුමා සම-නිර්මතෘ තුමා ස්ටීව් ජොබ්ස් මහත්මයා අභාවප‍්‍රාප්ත වුණා.අග්න්‍යාශයේ පිළිකාවකින් අපේ ආදරණීය ඇපල් ආදිපාද තුමා මියයද්දි වයස අවු 56 පසු වුනා..



1955 පෙබරවාරි 24 ග්‍රීන් බේහීදී සිරියානු ජාතික පුද්ගලයෙක් වුන අබ්දුල් පට්ටහා ජනදාලී හා ජොආන් සිම්ප්සන් කියන්න තාත්තටයි අම්මටයි හම්බුන මේ අපුරු ආදිපාදයා 1972 හෝම්ස්ටඩ් කියන උසස් පාසලෙන් තාම අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඉතින් පස්සේ කාලේක තමන්ගේ යහලුවන් දෙදෙනා වුන ස්ටීව් වොසැන්ක්ස් හා රොනල්ඩ් වේන් දෙන්නා එක්ක එකතු වෙලා වොක්ස්වැගන් වෑන් රථයකුයි කැල්කියුලේටර දෙකකුයි විකුණලා හොයාගත්තු ඩොලර් 1300 වියදම් කරලා තමන්ගෙ ගෙදර ගරාජයෙන් පටන් ගත්තු මේ ඇපල් සමාගම දැන්නම් ලොකු අය පොඩි අය කියලා වෙනසක් නැතුව ඔනේම කෙනෙක් දන්නවා..

ඉතිං මේ ආදිපාද තුමාට පිං සිද්ද වෙන්න තමා අද ගොඩාක් අය උජාරුවෙන් i mac,i phone,i pod කියන ඇපල් නිර්මාණ බිහි උනේ..ඉතින් අපිට ආයිමත් කවදාවත් එතුමාගේ එ පෙරලි කාර ලොකේම උඩු යටිකුරු කරපු ලෝකේම හොල්ලපු නිර්මාණ දකින්න ලැබෙන එකක් නැහැ..මෙතුමගේ නිර්මාණ අතර ජනප්‍රිය පික්සාර් සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට වුන වැනි ඒවා ගොඩාක් විශේෂයි..ගොඩක් කටිය ඇත්තටම ඒක දන්නේත් නැතුව ඇති..

තමන්ගේ නවතම නිර්මාණ පෙලට එකතු වුන I PHONE 5 කියන ජංගම දුරකථනය එළිදක්වලා දවසකට පස්සේ සදහටම ඇස් පියාගත්ත ආදිපාද තුමා 2004 වර්ෂයේ ඉදන් මේ පිළිකා මාරයට යටත් වෙල ඉදල තියන බව තාමා කියන්නේ..

ඇමෙරිකානු ජනාධිපති ඔබාමා සඳහන් කළේ ඇමෙරිකාවෙන් බිහි වූ විශිෂ්ටතම නිර්මාණකරුවෙකු වූ ස්ටීව්, වෙනස් ආකාරයෙන් සිතීමටත්, තමාට ලොව වෙනස් කළ හැකි බවට විශ්වාස කිරීමටත්, එය ප‍්‍රායෝගිකව ඔප්පු කිරීමටත් සමත් වූ සුවිශේෂී පුද්ගලයෙකු කියලයි

ඇපල් සමාගමේ ප‍්‍රබලතම තරගකරු වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් පැවසුවේ අනාගත පරම්පරා ගානකට ස්ටීව් ජොබ්ස් නම් අති විශිෂ්ට මාහා ආදිපාදයගේ අඩුව පුරවන්න බැරිවෙනව කියලයි..
කොහොම හරි ලෝකයක්ම හොල්ලපු මේ ආදිපාද තුමා අද කාලේ ඉන්න ගොඩාක් අය වගේ කාටවත් පෙන්න බෞද්ධ වැඩ නොකලත් කවුරුත් නොදන්නවා වුනාට මෙතුමත් අපි වගෙම හොද බෞද්ධයෙක්..ඉතිං අද ලෝකයක්ම කනගාටුවෙන දවසක් වෙවි..අයිමත් මෙතුමාගේ අපූර්ව නිර්මණ අපිට දකින්න වෙන එකක් නැහැ...



මහා ඇපල් අදිපාදයාණේනි ඔබට නිවන්සුව !!! ..

2 අදහස් උදහස්:

Chanaka said...

අපිව දැනුවත් කරන්න මේකට උන මහන්සියට බොහොම ස්තූතියි යාළුවා..

Unknown said...

ඔය සහෝදරයටත් බොහොමත්ම ස්තූතියි අදහස් කියනවට..

Post a Comment