෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

“Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ අලුත්ම සයිබර් මෙහෙයුම...

නම දැක්කමනම් හිතෙන්නේ ටිකක් පුදුම හිතෙනවා..
මොකද ඉතින් මේකත් යුධ මෙහෙයුමක් වගේ නමක්නේ තියෙන්නේ!! 
එත් ඉතින් අනිත් කෑල්ල නම් හොදට දැකලා පුරුදුයි හැමදාම අපි යන එන තැනක් හින්දා...

ඇනිනෝමස් නමින් හදුන්වාගත්ත අපි ටිකක් අහලා පුරුදු මේ හැකර් කරුවන් කණ්ඩායම අලුත් වැඩකට අතගහලා..

ඒ වර්ෂ 1605 ජිවත් වු guy fawkes - ගයි ෆොක්ස් නැමති පුද්ගලයා හා Gun Powder plot නම් සිද්ධිය සිහිකර බ්රිසතාන්යර වැසියන් ගිණිකෙලි සැරසිලි,සංදර්ශණ සමරන නොවැම්බර් 05 දින
Face book සමාජජාල වෙබ් අඩවිය හැක් කර එය බිද දැමීමට කටයුතු කිරීමටයි...
ගයි ෆොක්ස්

Face book හැක් කර බිද වැට්ටවිය යුතු බව ඔවුන් පවසන්නේ Face book මගින් එහි ලියාපදිංචි වු සමාජිකයින්ගේ තොරතුරු රජයේ ආයතන වලට හා රහස් සංවිධාන වලට ලබාදෙන බවත් එමගින් එම සමාජිකයින්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිනෙණ බවත් එම නිසා එය විනාශය කිරීමට එක්වන ලෙසයි. ඒ සඳහා වු විඩියෝ පටයක් You Tube අඩවියටද, ටිවිටර් හි වෙනම වෙබ් පිටුවක් ද මොවුන් විසින් අන්තර්ජාලයට එක්කොට ඇත.

“Operation Face book” නමින් මේ මෙහෙයුම හදුන්වන Anonymous හැකර් කණ්ඩායම 2003 දි ආරම්භ වී ඇතැයි සැලකෙන අතර 2006 ඔවුන්ගේ සයිබර් ප්‍රහාර ගැන ප්‍රථම වරට ලෝකයා දැන ගෙන ඇත.
දැන් ඔවුන් AnonPlus ලෙස ඔවුන්ගේම සමාජ ජාල වෙබ් අඩවියක් අරඹා ඇති අතර
පහත දැක්වෙන්නේ එහි මුල්පිටුවයි.

“Operation Face book” සඳහා Anonymous නම් වු හැකර් කණ්ඩායම විසින් අන්තර්ජාලයට මුදා හැරි විඩියෝව හා එහි සඳහන් සමහර කරණු කිහිපයක්...




 


2010 දි “Operation Avenge Assange” නම් වු මෙවැනිම මෙහෙයුමකින්
Paypal ,Visa, Master Card හා විකිලික්ස් හි ගිණුම් සඳහා
හැකින් ප්‍රහාර දියත් කොට ඇත.

ඒ වාගේම ඇමරිකානු පෙන්ටගනය, බැංකු හා News Corp. නැමති ආයතන වලටද මොවුන්ගේ සයිබර් ප්‍රහාර එල්ල වි ඇත.
පසුගිය මාසයේදි ඇමරිකාව,එංගලන්තය හා නෙදර්ලන්තයේ දි මෙම කණ්ඩායමට හවුල් යයි සැක මත පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

V for Vendettha නැමති 2006 දි තිරගත වු චිත්‍රපටයේ යොදා ගනු ලැබු
guy fawkes ගේ මුහුණ
මොවුන් යොදා ගන්නා අතර එය පැලද එක වරක ලොස් ඇන්ජලිස් නුවර ඔවුන් පෙනි සිටි අයුරු පහතින් දැක ගත හැකිවේ..


ඇමරිකාවේ කැලිෆෝනියාව මුලික කරගෙන 2004 වර්ෂයේ ආරම්භ කල Face book අඩවිය මේ වන විට ලොව පුරා මිලියන 750 ක් දෙනා එකතු වී සිටින විශාලම සමාජ ජාලයක් වන අතර එහි හිමිකරුගේ වත්කම පෝබ්ස් සඟරාවට හා විකිපිඩියාවට අනුව ඇමරිකන් ඩොලර් බිලියන 13.5 වේ.
කොහෝම වුනත් කැස්පස්කි සමාගමේ අයිතිකරු වන Eugene Kaspersky ටිවිටර් පිටුවට අදහස් දක්වමින් කියන්නේ එය කිසිවිටකත් සිදුවිය නොහැකි බොරුවක් බවයි..

එහෙත් විඩියෝවේ කතාව අවසානයේ මෙහේමත් කියනවා!
'We are anonymous. We are legion. We do not forgive.
We do not forget. Expect us.'
අපි නම් ඉතින් හැකින් ගැන අහලා තිබුනට නම් දන්නේ නම් නෑ.....
දැන්නම් ඉතින් ඉස්සරාහට මොනවා වෙයිද කියලා බලන් ඉන්න තමා තියෙන්නේ....
බලමු ඉදිරියට මොන වගේ දේවල් මේ ගැන කියාවිද කියලා!

2011/08/09 හා 10 දින වල අන්තර්ජාලයේ පලවු පුවත් මගින් කරුනු උපුටා දැනුවත් වීම සඳහා ඉදිරිපත් කරන ලදි.
ඔබගේ අදහස් ඔබ දන්නා දේ මෙහි කියලා ලියලාම යන්න හරිද!!

Wednesday, November 2, 2011

අනාගත ලෝකය දකිමු..

ලිවුවේ Unknown


Monday, October 31, 2011

වෙලාවක් අරන් විකාරයක් කරන්න..

ලිවුවේ Unknown

ආයුබෝවන්ඩ කිවුවා එහෙනම් හැමෝටම ආයිමත්...අදත් ආවා තව විකාරයක් අරන්..මේ මට මේල් එකකින් ආව එකක්..සමහර අය දැකලත් ඇති..දැකල නැති අය බලන්නකෝ...

මෙහි පහතින් ප්‍රශ්න 4ක් සමගින් එක් බෝනස් ප්‍රශ්නයක් වේ. මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුයි. වැඩි වේලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ.
සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකිනම් පමණක් අභියෝගය භාරගෙන පිළිතුරු සපයන්න.

බලමු ඔබ කොයිතරම් දක්ෂයකුදැයි කියා.
ඔබ සූදානම්ද?

පළමුවන ප්‍රශ්නය

ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවා යැයි සිතන්න.
ඔබ දැන් සැටින්නේ දෙවෙනියා පසුකරමින්ය.
දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟවදිමින් සිටීද?


පිළිතුර

ඔබ පිළිතුරු දුන්නේ පළමුවෙනි ස්ථානය කියාද?
එසේනම් ඔබ සම්පූර්ණයෙන් වැරදිය..
ඔබ පසුකරමින් සිටින්නේ දෙවෙනියා නම්,
දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථනයයි.
ඔබයි දැන් මේ තරඟයේ දෙවෙනියා...

ඊලඟ අවස්ථාවට මෙයට වඩා දිරිය ගන්න.
දැන් දෙවන ප්‍රශ්නයට පිළිතරු ලබා දෙන්න.
පළමුවන ප්‍රශ්නයට ගත් කාළයටත් වඩා අඩු කාළයකින් මෙයට පිළිතුරු සපයන්න.

දෙවන ප්‍රශ්නය

ඔබ දැන් අන්තිමයා පසුකරමින් සිටිනවා යැයි සිතන්න.
එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක්ද?


පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්නා ලෙසද?
එසේනම් මෙවරත් ඔබ වැරදිය.
පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා..

ඔබ මේ සඳහා ඉතාමත් හොඳකෙනෙකු නොවේ මිත්‍රයා.

තෙවන ප්‍රශ්නය

මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි.
මෙය මනෝමයෙන් කලයුතුය.
මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.

1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න.
දැන් එයට තව 1000ක් එකතු කරන්න.
දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.
එයට 20ක් එකතු කරන්න.
දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.


ඔබට ලැබුනු පිළිතුර 5000ක් ද..

ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100යි...

ඔබ විශවාස නොකරයිනම් දැන් ඝණකයන්ත්‍රයක් භාවිතා කර බලන්න..

අද අනිවාර්යයෙන්ම ඔබේ දවසක් නොවේ. එහෙමද?
ඇතැම් විට ඔබට අවසාන ප්‍රශ්නයට හරි පිළිතුර ලබා දිය හැකිවෙයි..

සිව්වන ප්‍රශ්නය

මේරිගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී.
පළමු වැනියා ‍නනාය.
දෙවැනියා නැනෑය.
තෙවැනියා නිනීය.
සිව්වෙනියා නෙනේය.
ඔබ අදහස් කරන පරිදි පස්වැනියාගේ නම කුමක් විය හැකිද?


ඔව්. ඔබේ පිළිතුර වනුයේ නුනූ ද?
එය එසේනම් ඔබ මෙවරත් වැරදිය..
ඇත්ත ව‍ශයෙන්ම ඔබ වැරදිය.
ඇයගේ නම වනුයේ මේරිය.
නැවත ප්‍රශ්නය හොඳින් කියවන්න.

දැන් ඔබ පැමිණෙන්නේ ‍ බෝනස් වටයටයි.

කතාකිරීමට නොහැකි පුද්ගලයෙකු වෙළදසැලකට පැමිණියේය.
ඔහු‍ට අවශ්‍යව ඇත්තේ දත්බුරුසුවක් මිලදීගැනීමටය.
අංගචලනයන් භාවිතාකරමින් ඔහුට අවශ්‍යව ඇතිදේ වෙළඳසැල් හිමියාට පෙන්වා
දත්බුරුසුවක් මිලදීගැනීමට ඔහු සමත්වෙයි.


ඉනපසුව පැමිණෙන්නේ ඇස් නොපෙනෙන අයෙකි.
ඔහුට අවශ්‍යව ඇත්තේ අවුකණ්නාඩි යුවලක් මිලදී ගැනීමටය.
ඔහු මෙය පෙන්වන්නේ කෙසේද?

ඉතාමත් පහසුය.
ඔබ මෙන්ම ඔහුද තම කටහඞ අවදිකරමින් එම කර්ව්‍යය ඉටුකරගනී...

නිගමනය

ඔව්, මෙයි පරමාර්ථය ඔබ පරාජයට පත්කර, අසාර්තයෙකු යැයි ඔප්පුකිරීම නොවේ.
සෑම විටම, සෑම අයෙක්ම, සෑම දෙයකටම දක්ෂයෙකු නොවේ.අප නොදන්නා බොහෝදේ ඇත.කලයුත්තේ දන්නා අයකුගෙන් අසා දැනගැනීමය.එය නිහතමානී ගුණයකි.නිහතමානීත්වය දියුණුවන්නෙකුගේ ගුණයකි. උඩඟුකම පිරිහීමට හේතුවේ.

මතක තබාගන්න. නිවැරදි සෑමදේම සැමවිටම ජනප්‍රිය නොවේ. එසේම ජනප්‍රිය සෑම දෙයක්ම හැම විටම නිවැදිද නොවේ.
සියළුදෙනා අතින් වැරදීම් සිදුවේ. ඒවෙනුවෙන් පැන්සල් වල මකනයන් ඇත.
වැදගත් වන්නේ උත්සාහයයි.
වැරදීම් සිදුවනුයේ යමක් කරන්නන් අතින්ය. නිකං සිටින්නන් අතින් වැරදි සිදු නොවේ.
මන්ද යත් වැරදීමට ඔවුන් කිසිත් නොකරන හෙයිනි...

ධෛර්යය සම්පන්නව වැඩ කරන්න.
ඉවසිලිවන්තව නොසැලී වැඩ කරන්න.
එය එකම මගයි. එම මගෙහි පියනගන්න. සැමවිටම සිහියෙහිතබාගන්න
ඉවසීම, පාරිශුද්ධභාවය, ධෛර්‍යය සහ නොසැලීසිටීම
දිගුගමනක් සඳහා මංපෙත් විවර කරන බව.
ඔබේ සත්‍යකාමීකම සහ නිර්මලත්වය ඔබ කිසිදිනක පරාජයකරා ලං නොකරයි....


එහෙනම් අපි ගියාවේ

Saturday, October 22, 2011

ෆේස් බුකිය

ලිවුවේ Unknown

අද වෙනකොට Facebook කියන්නේ ලෝකයේ වැඩිම දෙනා භාවිතා කරන Social Network එක වෙලා හමාරයි
දැන් Facebook එකේ මිලියන 800ක් දෙනා තම තොරතුරු අනික් කට්ටිය එක්ක බෙදාගන්නවා..කොටින්ම කිව්වොත් හොදට නරකට දෙකටම Facebook ..
ඒ වගේම දවසකට මිලියන 250ක වඩා පින්තූර Facebook එකේ upload වෙනවා කිවුවොත් පිලිගන්නවද

අපි කැමති උනත් අකමැති උනත් අද වෙනකොට 98%ටත් වඩා මිනිස්සුන්ගේ ජීවිතයේ නැතිවම බැරි අංගයක් සහ දෛයිනික ක්‍රියාවලියක් බවට Facebook පත්වෙලා ඉවරයි

මේ තියෙන්නේ ගිය සතියේ කරපු සමීක්ෂනයකින් හෙලිවුන අපූරු සහ වැදගත් කරුණු කාරනා කිහිපයක්
බලන්න අවුරුදු 7ක් වගේ කෙටි කාලයක් තුල Facebook මොනතරම් පෙරලියක් කලාද කියලා















Monday, October 17, 2011

පුදුමයි..ඒත් ඇත්තයි..

ලිවුවේ Unknown

ඉංග්‍රීසි භාෂාවේ පැරණිතම වචනය ලෙසින් හැඳින්වෙන්නේ “Town” යන චචනයයි.

පැස්බරයෙකුගේ ඇස, සිය මොලයට වඩා විශාලය.

එක් කණක් තුල 32බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත. 

සත්වයන්ගේ බුද්ධිය අතින් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඌරාය.

හොල්වුඩ් වල නිමකෙරෙන චිත්‍රපටි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල බිහිවේ.වාර්ෂිකව, 

ඉන්දියාව තුල බිහිවන චිත්‍රපටි සංඛ්‍යාව 800කට අධිකය.

 චෙස් ක්‍රීඩාවේදි කියැවෙන “Checkmate(චෙක් මේට්)” යන වචනය “Shah Mat(රජා මැරුනා)” යන තේරුම 

සහිත පර්සියානු වැකියෙන් බිදී ආවකි. 

“චොප්සි” නමින් අප හඳුන්වන රසවත් ආහාරයේ උපත චීනය නොවේ. එහෙත් කැලිෂෝනියාවට සංක්‍රමණය 
කළ චීන ජාතිකයන් විසින් එය මුල්වරට ලොවට දායාද කරන ලද්දේය.

ග්‍රැමී සම්මාන වැඩිම ප්‍රමාණය(8)කින් පිදුම් ලැබීමේ භාග්‍යය හිමිවී ඇත්තේ මයිකල් ජැක්සන් හටය.

කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල් ජැක්සන් ගේ “Billie Jean”ය.

ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය.

බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී.

වයලිනයක් නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ.

ලෝකයේ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශනයට පත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩා‍ව තුලයි.

සූර්යයා, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය.

ඉත්තෑවන්ට දිය මත පාවීමේ හැකියාව ඇත.

මරණීය දණ්ඩනය සඳහා යොදාගැනෙන විදුලි පුටුව හඳුන්වාදෙනු ලැබූවේ දන්ත වෛද්‍යවරයෙක් විසිනි.

ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිලදැමිය හැකිය.

පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි.

ඇඟිලි සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි.

තමන් සතු, අඟල් 21ක් තරම් වූ අසමසම දිව උපයෝගි කරගිනිමින් තමන්ගේ කන් පිරිසිදු කරගන්නෝ, ජිරාෆ් සතුන්ය.

ගුහාවක් තුළ සිටි වවුලන් ඉන් පිටවී එළියට පියඹා එන්නේ නිතරම වම් පැත්තට බරවය.

නිල් තල්මසෙකුගේ දිව වැඩුනු අලියෙකුටත් වඩා බරින් වැඩිය.

ජර්මානූ දත්ත වාර්තාවලට අනුව, සඳුදා දිනවල හෘදයාබාධයන්ට ලක්වන්නන්ගේ අගය අනෙක් දිනවලට වඩා සිය ගුණයකින් වැඩිය.

111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321

දිනපතා නින්දේදි ඔබ මිලි මීටර් 8කින් වැඩෙයි. එහෙත් පසුදින නැවත පෙර ඔබගේ සාමාන්‍ය ප්‍රමාණයට පත්වේ.

මෝරුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100ක් පමණ වේ.

ලොවට දුරකථනය හඳුන්වාදෙමින් ගෞරවයට පාත්‍ර වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කිසිම දිනක සිය ආදරණීය මවට හෝ ප්‍රිය බිරිඳට ඉන් අමතා නැත. අවාසනාවක මහත, ඔවුන් දෙදෙනාගේම කන් බීහිරිය.

250කට අධික පිරිසක් මේ වනවිට පීසා හි ඇලවෙන කුළුණෙන් බිම ඇද වැටී ඇත.

පැය 24ක් ඇතුළත අඩි 3කින් වර්ධනය වන්නට සාමාන්‍ය උණ බම්බුවකට හැකියාව ඇත.

උපතේ පටන්ම අපගේ ඇස් වල ප්‍රමානය එකමය.එහෙත් නාසය හා කන් නොනවත්වා වැඩේ.

 ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.

හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි.

පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහ නොකරන්න. එම උත්සාහය ඔබේ හිස 
හෝ බෙල්ල ආශ්‍රිතව පිහිටා ඇති රුධිර වාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි.

කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම 

කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.

ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද? එසේ කළ නොහැකියි. උත්සාහ කර බලන්න.

ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු                                           

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilico volcanoconiosis ලු

අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ ා 2796ක් දැනගන්න ඕනිලු

වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

ඩොල්ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

සාමාන්යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000 ක් දිගයිලු

කංකුන්ඩට පාද 750 ක් විතර තියනවලු

ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප් ‍ රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප් ‍ රමානය වැඩියිලු

පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71 ක් පිටවෙනවලු

වීදුරු බි ‍ ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු

ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු

වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු

මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු

එල්විස් ප් ‍ රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු

ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු

පුරානයේදී ග් ‍ රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු .

විදුලි බල්බය හොයාගත්ත ‍ තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

මොනාලිසාට ඇහි බැමි නැතිලු

Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

Google වල නියම නම Backurub ලු

දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු

කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු

ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

Titanic ‍ ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු





සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු....




හ්ම්ම්..අද අපිට මේ සින්දුව ඇහෙද්දි මතක් වෙන්නේ මුලින්ම පිස්සු පූසව නෙමේ අපේ ආදරණීය ටයි මාමව..ටයිටස් තොටවත්ත..එහෙමත් නැතිනම් ටයි මාමා ක්විවුඅම ලංකාවේ දන්නේ නැති කෙනෙක් නෑ නේ..එහෙම කෙනෙක් ඉන්නවනම් ලංකවෙන් එලවන්න වටිනවා..කොහොම හරි අපිට අද කියන්න වෙල තියෙන්නේ දුක හිතෙන පනිවිඩයක්..එ තමයි අපේ ආදරණීය ටයි මාමා ඊයේ සදහටම අපි අතරින් වෙන් වෙලා ඇස් පියා ගත්තා..කලක් රෝගාතුර තත්ත්වයෙන් පසු වු ඔහු මිය යන විට අසු දෙවන වියේ පසු වුණා


අපිත් පොඩි කාලෙ බොහොම ආසාවෙන් ටයි මාමාට පිංසිද්ද වෙන්න පිස්සු පූසා, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ කාටූන් බැලුවා. මුලින්ම මතක ඇති කාලේක අපි බැලුවේ හදයා..සමහරුනම් දන්නේත් නැතුව ඇති..ටයි මාමා නොහිටින්න නැත්තන් අපි තාමත් ගෙඩි පිටින්ම ඉංගිරිස් කාටූන් බලනවා. ඒ කාලෙ හැටියට ටයි මාමා කලේ අලුත් දෙයක්. අලුත් තාක්ෂණයක් ලංකාවට හඳුන්වලා දුන්නා හඬ කැවීම කියලා. ඒ විතරක් නෙවී ඒකට සීමාවක් ඇතිව විධිමත් පාලනයකුත් ගෙනිච්චා. දැන් කාලෙ වගේ හැම මඟුලටම සිංහල කවන්න ගියේ නෑ. හිතන්න ඒ කාලෙ පිස්සුවෙන් වගේ බලපු 'රොබින් හුඩ්' හඬකවලා තිබ්බා නම්..

දැන් ඉපදෙන ළමයිනම් අපි තරම් වාසනාවන්ත නැහැ..මොකද අද මේවා නිතර නිතර දකින්න ලැබෙන්නේ නැති තරම්..අපි පොඩි කලේ ඔය දැන් ළමයි කියන අර මෑන් මේ මෑන්ලා හිටියේ නෑ..අපි හිත් වල හිටියේ දොස්තර හොද හිත , හා හා හරි හාවා වගේ කටිටිය..

ටී. ජී. එම්. ජූලියස් ද සිල්වා ගේ සහ සුජාතා තොටවත්ත ගේ ආදරනීය පුත්‍ර රත්නයක් ලෙස උපත ලද මෙතුමා ගේ මුල් කාලයේ නම "දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා".දැන් නම් අප ඔහුව හඳුනන්නේ "ටයිටස් තොටවත්ත"කියලා නේ..නැතිනම් හැම පොඩි ළමයම දන්නවා ටයි මාමා කිවුවම.... සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයන් දෙදෙනෙක් මෙතුමාට සිටි අතර මොහු උපත ලබා ඇත්තේ 1929 අපේ‍්‍රල් 17 දින බොරැල්ලේ
සම්මන ලබමින්

මුලින්ම පුවත් පත් දැනවීමක් හරහා 1950 දශකයේදී පමණ චිත්‍රපට සංස්ථාවට සම්භන්ධ වී ඇති අතර ඉතාලි ජාතිකයින් පිරිසක් යටතේ තමා ටයි මාමා පුහුනුවීම් ආරම්භ කරලා තියන්නේ.. වසර 6 ක පමණ කාලයක් චිත්‍රපට සංස්ථාවට සේවය කල මෙතුමා 1956 දී එකෙන්ඉවත් වෙලා තියනවා
ඔෂීන් සමගින්
චිත්‍රපට සංසථාවෙන් ඉවත් වීමෙන් පස්සේ ආචාර්ය ලෙස්ටස් ජේම්ස් පීරිස් මහතා සමග එක් වී ඔහුගේ ශ්‍රේෂ්ඨසිනමා සිත්තමක් වූ "රේඛාව" චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කරල තියනව.. වෑවල ප්‍රදේශයේ දී රූපගත කර ඇති මෙම චිත්‍රපටය සුවිශේෂී වන්නේ චිත්‍රාගරයෙන් පිට රූගත කිරීම කර ඇති මුල්ම චිත්‍රපටය නිසයි..
1965 දී චිත්‍රප​ට අධ්‍යක්ෂණයට පිවිසි මෙතුමන් අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වන්නේ "චණ්ඩියා" .. මෙතුමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරෙන්
කවුද හරි (1969)
හාරලක්ෂය (1971)
සිහසුන (1974)
සාගරිකා (1974)
මංගලා (1976)
මේ වගේ තවත් ගොඩාක් කතා මෙතුමාගේ අත් වලින් බිහි වුනා..


දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වැනි ජනප්‍රිය, සදාදරණීය වැඩ සටහන් නිපදවමින් අප කුඩා කල අපව අමුතුම ලොවකට ගෙන ගිය ආදරණීය "ටයි මා
මේ" ඔබට නිවන් සුව!!!


(ඇපල් ෆෝන් එකක්,අයි පෑඩ් එකක් ඇහැටවත් දැකලා නැති අය ස්ටීව් ජොබ්ස් මැරුනාම එයගේ ෆොටෝස් ප්‍රොෆයිල් පික්චර් එකට දා ගෙන "RIP Steve" කියලා ස්ටේටස් අප්ඩේට් කලා නම් ටයි මාමා වෙනුවෙන් මේක ශෙයාර් කරයි කියලා හිතනවා,මොකද ටයි මාමා හදපු කාටුන් එකක් නොබලපු එකෙක් ලංකාවේ ඉන්න බැරි නිසා)
ආදරණීය ටයි මාමේ ඔබට නිවණ් සුව !...

කටියටම අදත් ආයුබොවන්ඩ කිවුව එහෙනම්..කටියටම මතක ඇතිනේ අපි කලින් ලිපියෙන් අපේ ඇපල් ආදිපාද තුමා ගැන කිවුවා..ඉතින් අද කියන්න ආවේ තවත් ප්ලේස් එකක් ගැන..මෙක ගැන ඉතින් කටිය එක එක විඩියට අහල ඇති..සමහරු කියනවා ඒලියන්ලා ඉන්නවලු..තවත් සමහරු කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ අතිෂය රහස්‍ය කටයුතු කරන තැනක්ලු..කොහොම උනත් මේ ඔක්කොම කියන්නේ ඒරියා 51 එහෙමත් නැතිනම් 51 වෙනි කලාපය ගැන..

කොහොම හරි කමක් නැහැ මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය මමත් මගේ හොද යලුවෙක් වෙන චානක කියලා සහෝදරයෙක්ගේ ෆේස් බුකියක තියනවා දැකලා තමයි එතනින් උපුටා ගත්තේ..ඉතින් මම එ ලිපිය එහෙමම මෙතන පළ කරනව කිසිම වෙනසක් සිද්ධනොකර..මොකද මම දන්නේ නැහැ මේ ලිපියේ මුල් අයිතිය තියෙනේ කාටද කියලා..කොහොම උනත් ලිපිය හොද නිසා පළ කරනවා..ඉතින් ලිපිය මුලින්ම ලියපු ඒ උන්නැහේටත් බොහෝම ස්තූතී..


 

AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත් බොහෝ දෙනා පවසන්නේ එය නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැරණි සිතියමකින් ගත් එකක් ලෙසයි...මේ කලාපය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරට සැතපුම් 90 උතුරින් නෙලිස් කදුවැටිය අසල ගෘම් ගංගාවේ සිට දකුණට සැතපුම් කිහිපයක් ඈතින් ඇති ප්‍රැප්‍රස් විල පිහිටි ප්‍ර දේශයයි.... දැන් නම් විල සීදි ගොස් ඇත.

1954 දි පමණ ඇමරිකානු ගුවන් හමුදාව රහසිගතව U-2 spyplane නැමති ගුවන් යානාව මෙහිදි අත්හදා බැලුවේ සෝවියට් රුසියාවට එරෙහි යුධ සමයේදීයි. 


U-2 spyplane නැමති ගුවන් යානාව
  

 ඉන් පසුව SR-71 ගුවන් යානාවද,
A-12 හා D-21 drone නම් යානා ද F-117A යානයද මෙහිදි අත්හදා බැලීම් කොට ඇත. 
SR-71 ගුවන් යානාව

D-21 drone ගුවන් යානාව


F-117A ගුවන් යානාව

අවුරුදු 30-40 ඉහතදී තණ බිම් වු මෙම සීමාවේ ගව පට්ටි හා කිරි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් තිබුනත් දැන් ඒවා නැති වෙලා දැන් තියෙන්නේ ලදු කැලෑ තමා...වර්ග සැතපුම් 1350 ක් විතර විශාල වුනු මේ ප්‍රදේශයේ දැන් ජිවත් වෙන්නේත් 100 ක් වගේ ප්‍රමාණයක්...
නෙවාඩා ප්‍රාන්තය ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය සතු අධි ආරක්ෂිත කලාපයකි...ඒ නිසා මේ තුල කිසිදු ආකාරයේ මිනිස් කටයුත්තක් කිරීමත් තහනම් කොට ඇත.සාමන්‍ය ජනයා මෙම ප්‍රදේශයට පැමිණිය හොත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් හිමි වේ.



1980 දි පමණ මෙහි ප්‍රමාණය විශාල කල අතර “cammo dudes“ නමින් හදුන්වන ආරක්ෂක භටයින් සේවයේ යෙදවු අතර ඔවුන් සතු නොවන පියාසර යානා හදුනා ගන්නා ඉතාම සංවේදී ආරක්ෂක උපකරණ මෙහි රාජකාරි සිදුකරන ගුවන් හමුදාව සතුවේ..භුමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ සඳහාද නවීන හෙලිකොප්ටර,ජිප් රථ හා අවි ආයුධ මොවුන් සතුවේ...





නමුත් ලොකුම ගැටලුව ලෙස දැක්වෙන්නේ මෙහි රාජකාරී කරන භට පිරිස් කුමන සංවිධානයකට අයිති අයද යන්නයි....

ඇමරිකානු රජයේ රහස් පර්යේෂණ න්‍යෂ්ඨික අත්හදා බැලීම්, පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂන සිදුකරනුයේ මෙහි බවයි බොහෝමයක් දෙනා සැක කරන්නේ...මේ ප්‍රදේ ශයේ ආරක්ෂාව සඳහා මේ ප්‍ර දේශයට ඉහලින් ගුවන් යානා පියාසර කිරීමත් තහනම් කර ඇත.ගුවන් යානා පැදවිය හැක්කේ හතරැස් කොටුවක ආකාරයේ කොටුවක පමනකි.


කෘතිම චන්ද්‍රිකාවක් මගින් ගත්ත පින්තුර වලින් නම් බොහෝ දෙනා කියන්නේ මේ ප්‍රදේ ශයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් නවතා ඇති බවයි.18 යානා පථය ලෙස හදුන්වන යානා පථයක් මෙහි ඇති බව සඳහන් වේ..එය අවම වශයෙන් අඩි 2500 දිග,අඩි 1300 ක් පළල, අඩි 100 ක් උස මෙය කුමකට පාවිච්චි කරනවාදැයි කවුරුවත් නොදන්නා අතර බෝහෝ දෙනා කියනුයේ මෙය මගින් පොලව යට ඇති යානා මතුපිටට ගෙන විත් “අවුරෝරා“ නමින් හදුන්වන දල වශයෙන් සැතපුම් 24 ක් දිග ගුවන් පථයට ගෙන ඒමට බවයි.මෙය ලොව දිගම ගුවන් පථය ලෙසද සැක පහළ කෙරේ.. 51 කලාපයේ ඇති පියාසර වස්තු ඉහල අහසට ගෙන යාමටත් ඔත්තු බලන අධි වේගී යානා ගුවන් ගත කිරීමට මේවා යොදා ගන්නා බවට බොහෝ දෙනා සැක පහල කරයි.මෙලෙස ගුවන් ගත කරන යානයක් 1950 දි නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ...ලොක්හිඩ් මාටින් නම් වු ආයුධ සාදන ආයතනය සැදු මෙම යානයේ 400 දෙනෙකුට එකවර ගමන් කල හැකියාව තිබු අතර අධිවේගී 304-2 වර්ගයේ එන්ජින් දෙකක්ද,ගැලුම්21400 ක ඉන්ධන ගෙන යා හැකි තටු දෙකක්ද සතුව මෙය නිපදවා ඇමරිකානු ගුවන් හමුදාවට මෙය පවරා දී ඇත. 1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා!  


51 වැනි කලාපයේ දැකිය හැකි රේඩාර් පද්ධතිය ඉතා සියුම් සංඥාවන් පවා ලබා ගන්න දැනට ලෝකයේ ඇති විශාලම රේඩාර් පද්ධතියයි.


පියාඹන පිරිසි වල පින්තුර...

 51 කලාපයේ භුමියේ පින්තුර  

මේ 51 කලාපය පුරා දක්නට ඇති දේවල්
 

ආරක්ෂිත කැමරා ගුවන්
 

යානයක සිට ගත් පින්තුරයක්

 
චන්ද්‍රිකා ජයාරූප..

ඉතින් මේ ලිපිය හොදයි කියල හිතෙනවනම් අනිත් යාලුවොන්ටත් මේ ගැන කියලා තමන්ගේ අදහසුත් කියලා යන්න අමතක කරන්න එපා...එහෙනම් අදට අපි ගියාවේ...