෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ “මහ කුඩුගල” කදු මුදුනේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.එම සිරුර ගoගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමෙන අතර ඊට පසු රාවණා රජුට නැවත සිහිය එන බවත්,සිහි ලැබූ රාවණා භාවනා කිරීමට හිමාල වනයේ “මහා දඹගස් අරණ”ට යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක දැක්වේ.



දැනට සියවස් පහකට පෙර ලියා ඇති මෙම පුස්කොළ සටහන ඊට පෙර ලියා තිබුණ රන් පත් ඉරුවලින් උපුටා ගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.

රාවණා රජුගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එළියේ හක්ගල කදු බැවුමේ පතොක් උයන මැද ඉතා ගෞරවනීය ලෙස තැන්පත් කර ඇති බවත්,එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභීෂන රජු විසින් බවත් එහි සදහන් වේ.රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම රන් මිරිවැඩිසගල සොයා ගත යුතු අතර,මෙම රන් මිරිවැඩිසගල අවුරුදු 95ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනත තබා ගෙන ශ්‍රී දේහය අසල තැබිය යුතු බවත් එම පත් ඉරුවල ඇත.


“නග්ගල” තිබෙන මෙම රන් මිරිවැඩිසගල නිධානය ලබා ගැනීමට කිසිදු බලි බිලි පිදීමක් අවශ්‍ය නැති බවත්,එයට සහභාගි වන තැනැත්තා මස් මාoශ අනුභව නොකරන ,අවුරුදු 50ක් ඉක්මවූ පුද්ගලයෙක් විය යුතු බව සදහන් වේ.

මේ සියල්ලටම පෙර ලග්ගල කදු මුදුනේ තුන් මන් හන්දියේ ගල් කුලක සගවා ඇති “පසිoගල් මාණික්‍යය” ගත යුතු ය.ඒ රාවණ ආකර්ශන මන්ත්‍රයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා,රතු මල් දමක් එම ගිරි කුළ අසල තබා පූජා කිරීමෙනි.එවිට ශෙලමය මoජුසාවක් විවෘත වේ.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දෑස් වසා එම ගෝලාකාර පසිoගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ශන මන්ත්‍රය ජප කළ යුතුයි.මෙම කටයුතු වලට බිලී පූජා සපුරා තහනම් ය.


මෙම ක්‍රියාවන් කිසිම නිධන් හොරෙකුට කළ නොහැක. ඒ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයන් 108දෙනෙක් සුදු මල් වට්ටි එක බැගින් ගෙන “කරණීය මෙත්ත සූත්‍රය” කියමින් ලග්ගල කදු තරනය කළ යුතු නිසා ය. එය සදහාද පිටත් විය යුත්තේ ඇසළ පසළොස්වක දිනකදී ය.

රාවණා රජුගේ රන්,රිදී,මුතු,මැණික් සතර මහා නිධානයද රාවණ ගල (වත්මන් රාගල) කන්දේ සෙල් මoජුසාවක තැන්පත් කර ඇත.එම නිධානයේ වස්තුව පුද්ගලයෙකුගේ පර්භෝජනයට පත් නොකළ යුතු බවත්,එම වස්තුව රෝහණ ප්‍රදේශයේ , සබරගමුවේ සහ මධ්‍යම කදුකරයේ සoවර්ධනයට යෙදිය යුතු බවත් පැවසේ.මෙම පුස්කොළ පොතේ සදහන් බොහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි නමුත්, මෙම කරුණු වල සත්‍යක් ඇත.

නමුත් මෙම කරුණු යම් දවසක සිදු වන බව “සිද්ධ රාජ” පත් ඉරුවල ඇත.වසර දහස් ගණනකට පෙර යුද්ධයෙන් රාවණා මිය ගියේ නැත.විෂ හී සැරයෙන් සිහි මුර්ජා වූවා පමණි.රාවණා රජු කිසි දිනෙක මිය නොවන බවත්,මහා බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂ්‍යා බවත්,ඔහු දේවත්වයට සමීප වූවෙක් බවත් අප අමතක නොකළ යුතුය.රාවණා නැවත පණ ලබන්නේ මහා බඹුගේ ආශිර්වාදයෙනි. එමෙන්ම ” රාවණා පුස්කොළ පොතේ” ඇත්තේද මෙම කරුණුම වේ.

2 අදහස් උදහස්:

හෙළයා said...

මමත් රාවනා රජුතුමා පිලිබදව පුදුම අභිමානයකින් හිතන කෙනෙක් නමුත් ඔය කියන රාවණා පුස්කොල පොත මටනම් විශාල සැකයක් එහෙම පුස්කොල පොතක් තිබුනා කියයමුකෝ ඔක මොනකාලේ ලියපු ඔකක්ද? කැමති විස්තර දැන ගන්න

Unknown said...

මමත් ඔය සම්බන්දයෙන් හරියටම කියන්න දන්නේ නැහැ..එත් රාවනා රජු ගැන පුස්කොල පොත් වලට වැඩ සෙල් ලිපි වලින් හමුවූ විස්තර තම තවමත් ඉදිරියට යන්නේ..පුස්කොල පොත් පසු කාලීනව ලියවෙන්න ඇති..එත් ඒවා කවුරුන් විසින් ලිවුවද..කවුරු වෙනස් කලද කියන්නත් දන්නේ නැහැ

Post a Comment