෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Sunday, June 17, 2012

3D Tv එකක් නැති

ලිවුවේ Unknown


ගොඩක් අයට 3D ෆිල්ම් බලන්න ආස උනාට බලන්ඩ විදියක් නෑ 3D Tv එකක් නැති නිසා හරි, 3D Film Halls තාම ලන්කාවෙ නැති නිසා.ඒ උනාට ඉතින් 3D අත්දකීම කියන්නෙ සුපිරි අත්දැකීමක්. ඒ මොකක් නැති උනත් සාමාන්යයෙන් හොද තත්වයේ 3D බලන්න තව ක්රම තියෙනව.



‎2d -3d convert කරන්ඩ පුලුවන් Software ගොඩක් තියෙනව. එහෙම කරන්ඩ පුලුවන් free software එකක් මෙතනින් http://3dmovieconversion.net/ කැමති අයට download කරගන්ඩ පුලුවන්. <<< මම මේක ඩවුන්ලෝඩ් කළා.ට්‍රයල් එකක්. මේකේ වෝටර් මාක් එකක් හා සවුන් කට් වීමක් තියෙනවා, ට්‍රයල් නිසා. මීට වඩා හොඳ එකක් තියෙනවා නම් කියන්න.

කාට හරි මේක වෙන්නෙ කොහොමද කියල දැන ගන්ඩ ආස නම් මේ බලන්න
(Explaining how 3D TV Works)



මේ සදහා මුලින්ම අපිට 3D කන්නාඩි යුගලක් ඔන වෙනව. ලංකාවෙ නම් ගන්ඩ තියෙන තැනක් මම දන්නෙ නැ. සමහර විට මෙව ඔය computer shop වලත් ඇති මම හරියටම හෙම තැනක් දන්නෙ නැ.



Ebay එකෙන් ගෙන්නනවනම් Rs.100 කට /Rs.200 කට විතර ගෙන්න ගත්තැහැකි(Red Blue Anaglyph 3D Glasses කියල Ebay search කරහම පහත ආකරයෙ 3D කන්නාඩි තියෙනව).ලන්කවෙන් ගන්නවනම් මම දන්න එකම තැන Sri lankan Gadget Store කියන සයිට් එකේ තියෙනව දැක්ක ඒත් ගානනම් Rs 450 ක් විතරතම තිබ්බෙ .


Brand New 3D Glasses SLE-0001 for Sale at SLgadgets.info
 
Make/ Brand/ Product : 3D Glasses
Model/ Number : SLE-0001
Price (LKR) : 450 (Negotiable)
Item Condition : Brand New
Item Description : Watch 3D without 3D TV.
Use our 3D glasses with 3D Illustrated Movies.

3D glass (with high quality material ) +Free CD � Rs.450/=
3D film DVD (+ free 3D short clips lot) � Rs.300/=

Can watch with any LCD, LED CRT monitor or with a Projector

The Best Place In Island for Gadgets.

100% double checked in sri lanka, 
With Warranty.

Home delivery to Island wide.

Guaranteed quality and 3 months Warrenty.
All items are 50% - 75 % of normal local market prices 
100% brand new items, Unbelievable prices
URL for product Specifications :http://www.slgadgets.info/index.php?route=product/product&path=39&product_id=59

ඔබ 3D කන්නාඩි යුගලක් අරගත්තද……….


ගත්තනම් පහලින් තියෙන ලින්ක් වලට ගිහින් 3D VEDIOS පේනවද කියල chek කරල බලන්න
මුලින්ම ගත්තු 3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම තමයි පේන්නෙ……………..

3D VIDIO MONEY-



http://youtu.be/Ae0bfo4A4ic

RollerCoaster Ride in 3D-



http://youtu.be/PgspMutvDfo


The Best 3D Video-



http://youtu.be/zDFaNdN-0p4

තව ඕනෙ තරම් Video You Tube එකේ තියෙනව…………
 
(මේ සදහා ඕනෙ මොනිටර් එකක් කිසිම ප්‍ර්ස්නයක් නැතුව යොදා ගන්ඩ පුලුවන්..CRT,LCD ,LED…ඔය ඕනෙ එකක්…(හැබැයි ඉතින් LCD ,LED ඒවගෙදි CRT ට වඩා vedio quility වැඩි බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ) ඕනෙ නම් computer moniter එක විදිහට LCD TV එකක් උනත් connect කරල බැලුවැහැකි )
Amazing 3D Vedio
මෙතන තියෙන්නෙ මම දැනට බලපු හොදම 3D Vedio ටිකක් තියෙන සයිට් එකක්

http://videosin3d.blogspot.com/2010/10/3d-video-high-quality-1.html

*********** 3D QULITY වැඩි කරමු ***********



1. මුලින්ම ගත්තු 3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම තමයි පේන්නෙ.. රෑට නම් ලයිට් නිවල බලන්න නැත්නම් කාමරය අඳුරු කරන්න. මොනිටර් එකෙ Bright වැඩි කරගන්න, මොනිටර් එකෙයි ඔබයි අතර පරතරය අඩු වැඩි කරමින් උපරිම 3D දසුන් ලබාගන්න බලන්න....

2. 3D qulitya හරියට නෑ වගෙ හිතෙනවනම් මේ vedio එකේ තියෙන විදිහට color settings හදා ගන්න.vedio test එකකුත් එක්කමයි තියෙන්නෙ ටෙස්ට් එක හරියට වෙනවනම් color setting වෙනස් කරන්ඩ එපා 

http://www.youtube.com/watch?v=3QvGJ-OsYAs&feature=player_embedded#!

***ඕනැම Film ( 3D නොවන සාමාන්‍ය ෆිල්ම් ) ,vedio ,photo ..etc 3D ආකාරයට නැරඹිම**********



දැන් අපිට 3Dෆිල්ම් නම් බලන්න පුලුවන්නෙ. ඒත් හැම එකක් ම බලන්නෙ කොහොමද.......


ඒ සදහා අපිට තව පොඩි player එකක් ගන්ඩ වෙනව .මේ සදහා player වර්ග ගොඩක් තියෙනව. CyberLink PowerDVD v11, Movavi Media Player, Stereoscopic Player …වගෙ ඒව තමා.



මම use කරන්නෙ Movavi Media Player(මෙතනින් ගන්න http://www.movavi.com/media-player/ )එක. CyberLink PowerDVD v11 හොද player එකක් උනාට මගෙ අවුල් ගහනව .මම හිතන්නෙ ඒක දැනට තියෙන හොදම 3D player එකක්.
මෙකෙන් 3D නොවන සාමාන්‍ය ෆිල්ම් open කරල 3D button එක click කරහම අපිට 3D දසුන් වලින් අදාල ෆිල්ම් එක බලන්න පුලුවන්.. ෆොටොස් වුනත් 3D විදියට බලන්න පුලුවන්.හැබැයි ඉතින් හොද quility vedio විතරක් බලන්ඩ බොද වෙචිච් ඒව හෙම හරියට පේන්නැ නෑ



*********** අපේ 3D photo/video එකක් හදා ගන්න හැටි ***********



අපේ 3D photo/vedio එකක් හදා ගන්න ක්‍රමයක් තියෙනව

2d -3d convert කරන්ඩ පුලුවන් Software ගොඩක් තියෙනව. එහෙම කරන්ඩ පුලුවන් free software එකක් මෙතනින් http://3dmovieconversion.net/ කැමති අයට download කරගන්ඩ පුලුවන්.තව ඕනෙ තරම් Software , google search කරල හොයාගන්ඩ පුලුවන්


*********** YouTube Videos 3D ආකාරයට නැරඹිම ***********



මේ ගැන මම පැහැදිලි කරනවට වඩා හොදට මේ vedio එකෙන් බලා ගන්ඩ පුලුවන් .මේ ක්‍රමයෙන් ඕනෙ ‍YouTube Video එකක්(අපි විසින් upload කරපු vedio පමනයි )3D විදියට විදිහට බැලුවැහැකි .මුකුත් software හෙම අවශ්ය වෙන්නෙ නෑ.

http://www.youtube.com/watch?v=krXx6D-neO8




3D බැලිල්ල ගැන නම් ඔච්චර තමා කියන්ඩ තියෙන්නෙ.මේක ඔයාලට වැදගත් දෙයක් කියල හිතෙනවනම් comment එකක් දාල යන්ඩ.

Sunday, June 3, 2012

අම්මා - Mother

ලිවුවේ Unknown

මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි.මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ" කියලයි.


අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි.

මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු ටිකක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු දෙන්නෙක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න එච්චර ආස නැහැ" කියලයි.

අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි.

මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන්, සීතලේ ගැහි ගැහි ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න. ඕක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ" කියලයි.

අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි.

මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීල, ඒකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මට තිබහ නැහැ" කියලයි.

අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි.

තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. ඒත් මට වෙනස්කමක් වේවි කියල හිතල එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමියෙකුගේ ආදරය ඕන නැහැ" කියලයි.

අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

මගේ අධ්‍යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා" කියලයි.

අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි.

මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් වෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වෙන රට රාජ්ජවල ඉන්න දන්නෙ නැහැ පුතා" කියලයි.

අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි.

අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාවේ ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් මම දුකින් කියල තේරුම් ගිහින් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා" කියලයි.

අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි.

එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා. ඔව්.
මගේ අම්මා දේවදුතියක්...





~~පරිවර්ථනයකි (මනඃකල්පිත සිදුවීමකි)~~....