෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, June 7, 2013

ෆැන්ටෑස්ටික් දුක..

ලිවුවේ Unknown



අහස්කුස සිට පොලොතල වල සැරි සරන මම..

ඇමිබාවගේ සිට දැවැන්තයින්ටද පොදු බව..

ඇසුපිරුවන් කතාවට ලක්වූමා..

ලෝකය වෙනස් වුවද නොවෙනස් වනබව..

හදුනා ගන්නා තෙක් මම නුබම බව..

අතහැර නොයමි මම නුබ, මම වෙමි ...

ෆැන්ටෑස්ටික් දුක..


Friday, April 19, 2013

ෆේස්බුක් වීරයෝ

ලිවුවේ Unknown

කටියටම මුලින්ම ආයුබෝවන්ඩ කිවුව එහෙනම..ඒ වගේම කියවන හැම එකාටම කිරි පැණි උතුරන සුභ 

අලුත් අවුරුදක් වේවා කියල පතනවා..




අද ලියන්න හදන්නේ ගොඩක් කට්ටියට මේ දවස්වල උණු කැවුම් වගේ තමන්ගේ බුකියේ තාප්ප වල ගහගන්නමේ මුස්ලිම් සිංහල විකාරේ ගැන කියන්න..මේක ලියන්නේ ගොඩක් හිතලා හිතල අනිත් හැම එකගේම විකාර කියවලා...ඒක නිසා මම මේක ලියන එකන් ගොඩක් යට ප්‍රශ්න තියේවි..සමහරවිට මම මෙතන කියල තියන දේවල් අල්ලාගෙන මගේ නමත් පට්ට ගහවි.. එහෙමට තත්වයක් අද උදාවෙලා තියෙන්නේ කියන්න කණගාටුයි..

මුලින්ම කියන්න ඕනේ මේ පොස්ට් එක දාන්නේ කිසිම ආගමකට නිග්‍රහ කරන්න නෙමේ..එහෙම හිතෙන කෙනෙක් ඉන්නවනම් හිතාගන්න.. මේක ආගම් ගැන වැඩ මිනිස්සු ගැනයි කියන්න ඕනේ..අද නෙමේ මෙට දැන් පටන් අරන් ටික කාලයක්..මේ දවස්වල අලුත්ම වැඩේ තමා කගේ හරි ෆොටෝ එකක් දාලා මෙන්න මෙය බුද්දාගමට නිග්‍රහ කල මෙන්න මෙය කල කියල මෙන්න ඒ අම්මන්දිගේ පින්තුරේ මෙන්න මෙහෙමයි හැසිරෙන්න කියල දානවා..අපේ අයියලත් ඉතින් මේවා වටේ යවන ගමන් ලසස්න ලස්සන වචන බාවිතා කරලා කමෙන්ට් එහෙමත් දාලා තියනවා.. ඔය පොස්ට් දාන අයියලාගෙන් අහන්න කැමති අඩුමගානේ ඔචර බුද්ධාගමේ කියා කියා ලොකුවට පෙන්නුවාට තමන් බෞද්ධ උනේ කොහොමද කියල දන්නේ කවුද කියල..මොකද අද ගොඩක් කැටිය අහපු ගමන් කියන්නේ එක්කෝ මගේ උප්පැන්නේ තිබ්බා නැත්තම් මගේ අම්ම තාත්තා බුද්ධාගමේ කියාවි..තවත් කට්ටියක් අලුත්ම විදියට කියනවා pure බෞද්ධලු..යකෝ ඒ මොන කුණු හරුපයක්ද ... හොයලා බැලුවම කියන්නේ අම්මා තාත්තා විතරක් නෙමේ සියා ආච්චිත් බුද්ධාගමේ කියලා ඉතින් ඕකලු pure බෞද්ධ කියන්නේ...කිරි අප්පට කුකුළු කොටපි බලපන්කෝ එකෙත් හැටි
මුලින්ම කරුණාවෙන් ඉලන්න කැමති අනිත් ආගම් ගැන දේවල් ක්ය්කන්නේ නැතුව ඒ අයියලට බෞද්ධ උනේ කොහොමද කියලා පන්සලක ඉන්න හාමුදුරු නමකගෙන් හරි අහගන්න කියලා..දැන් ඉතින් මේක දන්නා අයියලා කියාවි ඔන්න මම කට්ටියට බුද්ධාගම ගැන උගනන්න යනවා කියල..අනේ නැත..මම දන්නෙත් අල්ප මාත්‍රයක් පමණි..
මේ මේ ලගදී මම දැක්ක අර ඔලුව ගැලවිලා වෙන්වුන අම්මාගේ ඔලුව අල්ලන් ඉන්න දුවගේ පොටෝ එක දාලා මෙන්න බුද්ධාගමට අපහස ක්‍රම වෙන දේවල් කියල.. අනේ අම්මපා උබලට ගිය කල.. මැරිච්ච මනුසයෙක්ටවත් ඉන්න දීපල්ලා මුලින්ම.. ඕක වටේ යවන්න කලින් හොයල බැලුවනම් නරකද ඒ මනුසය මුලින්ම කතෝලිකද එහෙමත් නැත්තම් මුස්ලිම්ද නැතම් බුධ්ධගමේද කියල ?..  දැන් මේ ලදී තව කෙල්ලෙක් අල්ලාගෙන බුද්ධාගම උගන්නන අවා කියලා මද ගහනවා..මම ඒ තනත්තියව අදුනන්නේ නැත..එහෙත් මගේ අතිජාත මිත්‍රයෙක් සමග එකට ඉගෙන ගෙන තියනවා..ඒ විතරක් නෙමේ ඒ ළමය බුද්ධාගමේ..එත් කවුරුත් ඕව හොයල බලන්නේ නැහැ.. නිකම් කැටිය පොස්ට් එකක් දාපු ගමන් සිනී වලට වාහන කුබි වගේ එකට කමෙන්ට් කරගෙන යනවා.. නැත්තම් ෂෙයාර් කරනවා.. පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ අක්කට නංගිට මෙහෙම දෙයක් උනානම්...??  එහෙනම් කට්ටිය මොකද කියන්නේ මිනිස්සු කොචර අසරණ වෙනවද කියලා..නැත්තම් ඔන්න කලිසමක් ඇදලා ඉන්න ෆොටෝ එකක් බුකියෙන් උස්සලා දාවී ඔන්න මේ අම්මණ්ඩිගේ හැටි කියලා..නැතිනම් තමන්ගේ පෙම්වතා එක්කලා ඉන්න ෆොටෝ එකක් දාලා ගණිකාවෝ කියලා දාව්..මොනවද යකෝ මේ ලංකාවට වෙන්නේ ? මේවා ඔහේ දාන්නම් වාලේ දාන්න එපා.. මොකද බෞද්ධ කෙල්ලෝ කලිසම් අදින්නේ නැතුව නෙමේ නේ..උන් රෑට ක්ලබින් යන්නේ නැතුව නෙමේ නේ..නිකම් ඔහේ රට යන දිහාවට දුවන්න එපා..එක නරියෙක් හූ කිවුවා කියල නරි රැලක් වගේ හූ කියන්න ලෑස්ති වෙන්න එපා... මම කියන්නේ බුද්ධාගමට අපහස කරන අයට ඒ දඩුවම් වෙලාවට හම්බ වෙයි..හලාල් අනම් මනම් ගැන මම මගේ මතය මෙතන විස්තර කරන්නේ නැහැ.. එත් පෞද්ගලිකව මම එහෙම කඩ වලට යන්නේ නැහැ..මෙචර කල් ලංකාවේ ඔය කතාන්දරය තිබ්බේ නැහැ... එත් මේක යුද්දයක් වගේ දකින්න එපා.. දෙමලු සෙට් එකක් පිස්සු නැටුවා කියලා ලංකාවේ ඉන්න හැම දෙමළ ජතිකයම කොටි වෙන්නේ නැහැ.. ඒ වගේම තමා මුස්ලිම් සෙට් එකක් පිස්සු නැටුවට හැම මුස්ලිම් ජාතිකයම ත්‍රස්තවාදියෝ වෙන්නෙත් නැහැ..

අපේ කටිටිට මුල අමතක වෙලා වගේ හැසිරෙන්න එපා..මුලින් අනිත් ආගම් ගැන විවේචනය කරන්න කලින් බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ කරන කියන දෙඅල් වල හරි වැරදි පෙන්නලා දුන්නොත් ඔයිට වඩා අගෙයි... කට්ටිය කියනවා මම මේ පාර අවුරුද්දට හම්බ කඩ වර්ජනය කලාලු... මට පොඩ්ඩක් අහන්න පුලුවන්ද ඔය කියන මහතුරු නෝනලා මේ පාර වාහන වලට තෙල් එහෙම ගැහුවේ නැතිද කියලා ?හරියට බැලුවොත් ඒවත් එන්නේ ගොඩක් අරාබි රට වලින්.. ඔයාලගේ වචන වලින් හම්බ රට වලින්.ඉස්ලාම් ආගමේ දේවල් සමහරක් මමත් අනුමත කරන්නේ නැහැ.. එහෙම උනා කියලා ඔය වගේ විකාර කියවන එක වැරදි.. අපේ අය මුස්ලිම් කටිට්‍ය හරක් මරණ ඒවා දානවා..එත් ඔය කට්ටිය පිසා හට් වලින් එහෙම කන්නේ බීෆ් ලු..මෝඩ රැලක් වගේ හැසිරෙන්න එපා.. කට්ටිය හරක් මරණ ඒවා දානවා..එතකොට උබලා කන කුකුලෝ මොක්කුද? උන් ප්ලස්ටික්ද ?..




ඔක්කොටම වඩා අපේ අයට අමතක වෙලා තියන්නේ බුද්දාගම කියන්නේ ආගමක් නේමේ දර්ශනයක් කියලා.. අපේ අයට අමතකද දන්නේ නැහැ මිට ටික කාලෙකට කලින් හාමුදුරු නමක් බන කිවුව..මට මතක හැටියට ඒ හමුදුරුනම පිටකොටුවේ හෝ අවට කියලා තමා ප්‍රසිද්ද උනේ.. දැන් කට්ටියට මතක් වෙන්න ඇති නේ කොයි වගේ බැන්ද ගියේ කියල.. ඒ කලේ කට්ටිය ඇහුවේ අඩෝ මාර ෆන් බන් ඒ බන කියලා.. බන කියන්නේ ෆන් ගන්න නෙමේ කියලා අමතක වෙලා අපේ උන්දලට.. අපි අපේම ආගමට දර්ශනයට අපේ අයම කරන වරද දකින්නේ නැහැ... මෙතනින් කියෙන් කිදෙනයිද හරක් මස් නොකන්නේ ? හිතනවද ඔය සතාට හැගිඉම් දැනීම් නැහැ කියල..ගොඩාක් පොස්ට් මේ දවස්වල බුකිය පුරා යනවා..මුස්ලිම් අය ඒ පත්තා අදිනවා අපේ අය මේ පත්තට් අදිනවා..හරි ඇත්ත මේක සිංහල බෞද්ද රටක්..අපිට ඉන්න තියෙන්නේ මේක විතරයි.. එක රැකගන්න ඕනේ තමා එත් මේ වගේ මෝඩ රැලක් වගේ හැසිරෙන එකෙන් වෙන්නේ අයෙමත් මේ රටේ කැරැල්ලක් ඇති වෙන එක.. එතකොට හිතින් මුස්ලිම් නෙමේ සිංහල අම්මා තත්තාලගේ දරුවොත් නිකම් බිලි පුජා වේවි..කට්ටියට ඕනේ එකනම් ඔය විදියට දිගටම රිලවු වගේ වැඩකරගෙන යමු...




හිතලා බලන්න පොඩ්ඩක්.. ඉදලා නැතිද මුස්ලිම් යහළුවෙක් යෙහෙලියක්... එදා වෙනසක් දැනුනද? එහෙනම් ඇයි මේ අද...අද මේ ගොඩක් ජාතික වීරයෝ ඉන්නේ බුකියේ.. කට්ටිය බුකිය පුරා විකාර දාගන්නවා..කමක් නැහැ තමන්ගේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන්න ඕනේ තමා.. එත් ඔය කරන කියන හැමදේම අනුමත කරන්න බැහැ.. පොඩ්ඩක් හිතල බලන්න ඔබ තුමන්ගේ පෙම්වතියගේ හෝ නැගෙණියකගේ පින්තුරයක් දාලා මෙන්න බුද්ධාගමට අපහාස කල අම්මණ්ඩි කියලා ගියොත් මොකක් වෙයිද ?

දේවල් හදුනාවේ..එත් ඒවා තමන්ගේ තාප්ප වල පල කරන්න කලින් ද්පරක් හිතල බැලුවනම් හොදයි..කට්ටිය කියන්නේ මේක බෞද්ධ රට කියලා..ඇත්ත එක..එත් ඔය කලිසම් අදින එක ගැන ඔහොම පොස්ට් දැම්මනම් නයිට් රේස් එකේ හිටපු අය ගැන කට්ටියට අමතක වෙලා ඇති... ඔකොටම කලින් අපි අපේ ඇස් වල තියන පොල් පරාල ටික අයින් කරගන්න වෙයි අනුන්ගේ ඇස් වල පොල් කෙදි අයින් කරන්නට කලින්..


දැන් සමහර විට මේක කියවන අපේ සිංහල අයියලා මල්ලිලා ලොකුවට විවේචනයක් දෙවි.. මගේ නමත් දාල හෙට බුද්දාගමට අපහස කරා කියලා කියාවි..එහෙම කියන අය ගැන මටම ලැජ්ජයි.. කියෙන් කි දෙනයිද පෝයකට පන්සල් යන්නේ? මන් හිතන්නේ ගොඩක් අය සිල් අරන් තියෙන්නෙත් පාසල් යන කාලේ..එකත් වෙන මොකටවත් නෙමේ කට්ටිය සෙට් වෙන්න.. අවුරුද්දට ප්[පන්සල් ගියේ කියෙන් කී දෙනයිද ?අද රටේ නැති ඔකොම ජහ ජරා වැඩ කරලා තමන්ගේ තාප්ප වල මුස්ලිම් ප්‍රජාවට බනින අයියලා පිරිසක් තමා බෞද්ධ කියලා ඉන්නේ... ඔයිට වඩා සිහියෙන් හොයලා බලල දේවල් පල කරනම් හොදයි..නැත්තම් නිකම් නරි රැලක් වගේ ජිවිතේ පුරාවට හූ කියා කියා ඉන්න වෙයි...


කියවලා නිකම් යන්න එපා අදහස් දීලා යෝජනා චෝදනා දීලම යන්න..මම මෙතන ගොඩක් ලිවුවෙත් ලියන්න බලපොරෝතුවක් තිබුනෙත් නැහැ..හැමෝටම බුදු සරණයි..

Wednesday, April 17, 2013

ගැහැණු ගති

ලිවුවේ Unknown

ඇය නොගොහින් නැතුව ඇගේ කිසි වගකිමක්
කොයි දෙය ගෙනාවත් නැත එහි ඇගයීමක්
ඇය ගෙන ආ දෙයක කෝ නැත වරදීමක්
නිතරම තිබේ වටිනාකම වැඩිවීමක්

වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
වෙන කෙනෙකුගෙන් ඉදිකටුවක් කැඩුනහොතින්
නැතිවේ සාම සම්මුතියත් ගෙදර ඉතින්

ගමනක් ගිහින් අවොත් ඇත හිසරදය
නැතිනම් මහන්සිය නවතින තැන ඇදය
ගෙයි වැඩ නැතත් වැඩකට කාලය මදය
නිතරම සිටින්නේ අවිවේකය මැදය

ගෙදරට ගමනකට සැලසුම් කොට පාට
වයිවාරන ඇදුම් රැස්කොට තිබුනාට
මංගල සාදයට උළෙලට යනදාට
ඇදගෙන යනු පිණිස ඇදුමක් නැත ඇයට

යන එන ගමනකදී වැඩකදී සිතැගි මත
ඇය කොපමණ පමාවුවත් වැරදි නැත
මා හෙම පමාවුවොත් ඇත අඩන හිත
තරහයි නොයිවසිලි ගතියයි මුහුණේ ඇත

යුග ජීවිතය තුල බල බල සියලු පැති
මේ වැනි අත්දැකුම් සෙනෙහස සමග ඇති
ඉවසමි හිනාවෙන් ඉගියෙන් තරහ නැති
ඇගේ වරදක් නොවේ මේවා ගැහැනු ගති

Saturday, November 3, 2012

රූට් කරමු

ලිවුවේ Unknown

අද මන් කියල දෙන්න හදන්නේ මේ හැමෝම කතා වෙන ANDRIODෆෝන් රූට් කරන එක ගැන.දැනටමත් කැටිය අහල ඇතිනේ හැමෝම කියවනවා රූට් රූට් කියලා
මෙන්න මේ රූට් කියන එක කරාම ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ ෆෝන් එකේ ෆුල් ඇක්සෙස් ගන්න සම්පුරණ සිස්ටම් එකටම.ඉතින් දැන් හත් අට පාලකින් වැඩි වෙලා අහගන්නකෝ එහෙනම්

මොකක්ද මේ රූට්

android බේස් වෙලා තියෙන්නේ ලිනක්ස් වල.මෙන්න මේ වගේ ඔපරේටින්ග් සිස්ටම් වල රූට් යුසර් හරියට අපි වින්ඩෝස් වල ඇඩ්මින් කියන කෙනාට සමානයි.
මෙන්න මේ කියන රූට් යුසර්ට පුළුවන් මුළු සිස්ටම් එකේම වැඩ කිඩ ටික තමාගේ යටතට අනසකට ගන්න..android වල ඔයාට රූට් ඇක්සෙස් නැති උනාම සමහරවිට ඔයාට
මුළු සිසිටම් එකේම වැඩකිඩ අතට දෙන්නේ නැ.සමහර ඇප් වැඩ කරන්න මෙන්න මේ කියන රූට් එක ඉල්ලනවා .හරියට ඇඩ්මින් පර්මිෂන් ඉල්ලනවා වගේ.ඔයාලට ගුගල් ප්ලේ එකට ගියාම බලාගන්න පුළුවන්

එකේ තියන ගොඩක් ඇප්ලිකේෂන් රූට් ඇක්සස් ඉල්ලනවා..සමහර විට ඔයාල දැනටමත් ගෙන ඇති රූට් නොකොර ඔයාලගේ ෆෝන් එක එත් ඔයාල රූට් කරනකම් ඒ සොෆ්ට් වලට ෆුල් ෆන්ෂන් ගන්න බැ.

රූට් කරන්න කලින්

මේ වැඩේ කරන්න කලින් ඔයාල දැනගන්න ඕනේ දේවල් ටිකක් තියනව ඔයාලගේ ෆෝන් එක හරි ටැබ් එක හරි ගැන..කන්නම් වලේ කරොත් ඔයාගේ දත්ත වගේම ඔයාට තියන වොරන්ටියත් නැති වෙයි..
ඊට පස්සේ ඉතින් මෙතන නහයෙන් අන්න එපා මන් කිවුව නිසා කරේ කියලා..



මුලින්ම ඔයාලගේ වරන්ට් එක ගැන බලාගන්න..මොකද සමහර ආයතනවල රූට් කරාම ඔයාගේ වරන්ටිය දෙන්නේ නෑ කියල තියනවා..කොහොම උනත් බය වෙන්න දෙයක් නැ රූට් ක්‍රම ඔයාගේ හාඩ්වෙයා මුකුත් අවුලක් වෙන්නේ නෑ
ඔයාලට පුළුවන් ශේප් එකේ අන්රුට් කරන්න

ඊට පස්සේ බලන්න ඕනේ ඔයාලගේ ආරක්‍ෂිත පද්දති ගැන හයල බලන්න හරියට පින් වගේ දේවල් ඔකොම තියේද කියල ඔයාගාව..ඔයාලා ගුගල් වෝල්ට් එක එන්.එෆ්.සී පේමන්ට් වලට යුස් කරනවානම් රූට් කරන්න කලින් ඔන්න හිතල බලන්න

අනිත් එක තමා ඔයාලා මේක කරන්නේ ඔයාලගේම රිසක් එකක් අරගෙන..හැබැයි මම දැනුවත්ව මේක එච්චර බරපතල වැඩක් නෙමේ මොකද මමත් මගේ ෆෝන් එකට කරලා තියෙන්නේ තාමත් හොදට වැඩ..

හරි එහෙනම් අපි රූට් කරමු

හරි රූට් එකේනම් ඉතින් සිංගල් ක්ලික් එකෙන් වැඩේ ගොඩ යන්න ඕනේ එත් එක හැමෝටම හරියන්නේ නැ..එක නිසා අපි හැමෝටම හරි විදියට කරමු..

පුලින්ම මෙන්න මේ සොෆ්ට් කෑලි දෙක බාගන්න..එකක් ජාවා ජෙඩ්කේ අනික andriod ජේඩ්කේ ..මුලින්ම මේ දෙක දාගන්න ඔනේ..andriod එකට කලින් අනිත් එක දාගන්න..ඒ කියන්නේ මේ දීල තියන පිලිවලටම ඔයාලගේ පරිගනකෙට

දාගන්න.. ඊට පස්සේ ඔයාගේ andriod එකේ යුස්බි ඩිබගින් එක ඕන කරන්න..එක කරන්නේ මෙහෙමයි..යන්න සෙටින්ග්ස් ගිහින් ඔබන්න ඇප්ලිකේෂන් එකට ගිහින් ඔබන්න ඩිවලොප්මන්ට් එකේ තියනවා යුස්බී ඩිබගින් කියල හරියක් දාන්න..



හරි දැන් ඔයාලගේ andriod එක පරිගනකෙට සම්බන්ද කරන්න යුස්බි කේබල් එක හරහා..ඔයාලගේ මෙමරි කාඩ් එක මොඋන්ට් කරන්නේ නැතුවම ගහන්න හොඳේ

අහ තව දෙයක් තියනවා සමහරවිට ඔයාගේ andriod එකට ඩර්යිවස් ඕනේ වෙයි..එත් බයවෙන්න දෙයක් නෑ..මොකද සුපර් වන් ක්ලික් කියන සොෆ්ට් එකෙන් ඉබේම ඔකොම දෙනවා
එත් හදිසියෙවත් දුන්නේ නැතිනම් කියල ඒවත් රෙඩි කරලා තියාගන්න

එහෙනම් අපි සුපර් වන් ක්ලික් එකෙන් රූට් කරමු

රූට් කරන්න ගොඩක් සොෆ්ට් කෑලි තියනවා අදනම් මේක බාවිතා කරන්න ටිකක් ලේසි එකී මන් මේක අනුමත කරන්නේ කට්ටියට..නමේම තියනව නෙහැ එක කිලික් එකයි..
මුලින්ම මෙතනින් සොෆ්ට් කැල්ල බාගන්න..දැන් ඉතින් ඕක ඉන්ස්ටෙල් කරපන් මගේ මුණ දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව



මුලින්ම රූට් කියන බොත්තම ඔබන්න..එබුවම මේ සොෆ්ට් එකයි වින්ඩොව්ස් එකයි ඉතිරි ටික බලාගනීවි ( හරි විදිය එහෙමයි )



මේකට චුටක් වෙලා යාවි..මොකක් හරි අවුලක් උනොත් මෙන්න මේ ලින්ක් එකට ගිහින් මේකේ දීලා තියන උපදෙස් පිළිපදින්න නැතිනම් ගුගල් එකේ සර්ච් කරපන් බන් බය නැතුව




හරි දැන් මේ වගේ අව කියන්නේ වැඩේ ගොඩ..ඊට පස්සේ ටක් ගාල andriod එක ඔෆ් කරලා ඕන කරපන්

සුපර්යුසර්

මන් මේ දුන්න සුපර්යුසර් සොෆ්ට් එකෙන් ඉබේම ඔයාලගේ එකේ සුප්ර්යුසර් බයිනරි ඉන්ස්ටල් වෙනවා..ගුගල් ප්ලේ එකෙත් මේක තියනවා..
ඊට පස්සේ ඉතින් ඔයාලගේ android එකට දාන සොෆ්ට් කැල්ල සුප්ර්යුස්ර් ඒ කියන්නේ හරියට ඇඩ්මින් වගේ පර්මිෂන් ඉල්ලුවම මේක හරහා යන්න තියෙන්න..ඉබේම යාවි..
හරියට ලිනක්ස් වල සු කමාන්ඩ් එක වගේ ( ලිනක්ස් දන්නා උන් දන්නවා සු කමාන්ඩ් එක )



දැන් ඉතින් වැඩේ ගොඩ..ඔයාලට ඕනෙනම් අවසර දෙන්න පුළුවන් සොෆ්ට් එකට නැතිනම් නොදී ඉන්න පුල්වුඅන්..එක ඔයාගේ තීරණය මත තම වෙන්නේ

ගොඩක් වෙලා ටයිප් කර බන් ඇතත් රිදෙනවා..
එහෙනම් ඊලග දවසේත් මොනවා හරි ගේන්නම් අදට ජය

Tuesday, October 2, 2012

ගණිතයේ රහස්

ලිවුවේ Unknown

මේක මුලින්ම හොයාගත්තෙ Albrecht Dürer කියන ගණිතඥයා.



මේකට මැජික් කොටුව කියලත් කියනවා. මේකෙ තියෙන්නෙ පොඩි කොටු 16ක් තියෙන ලොකු කොටුවක්. මේ පොඩි කොටු 16යේ 1-16 වෙනකන් අංක 16ක් තියෙනවා. හැබැයි පිලිවෙලට නෙමෙයි. පහලින් තියෙන්නෙ ඒක තමයි. කොටුවෙ තියෙන අංක ටික හොදට මතක තියා ගන්නකෝ.



දැන් මේකේ තිරස් අතට තියෙන කොටු 4 ගානෙ(තනි පාටින් තියෙන කොටූ)ගනන් කරලා බලන්නකෝ එකතුව කීයද එන්නෙ කියලා. එකතුව මතක තියා ගන්න.



සිරස් අතටත් ගනන් කරලා බලන්න.



දැන් පොඩි කොටු 4ක් මොකක් හරි රටාවක් අනුව තෝරගෙන ගනන් කරලා බලන්නකෝ.
ඒ කියන්නෙ මේ විදියට.



......



.....





මේ විදියටත් බලන්න.


..



..





එතකොට මෙහෙම...


..



..



..





හරි පුදුමයි නේද....

Tuesday, September 11, 2012

සීලාකාන්ත් මාළුවා

ලිවුවේ Unknown

”ආචාර්ය ස්මිත් ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මේ මාළුවාගේ සිරුර පුරාම ඝන කොරපොතු තියෙනවා. සන්නාහයකින් සැරසිලා වගෙයි. වරල් හරියට ගාත‍්‍රා වගෙයි.” මේ ලියුම ලියුවේ 1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වැනිදා, එවකට දකුණු අපි‍්‍රකාවේ ස්ථාපිත කළ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ සේවය කළ එකම නිලධාරියා මර්ජෝරී කෝට්නි ලැටිමෝර්. ඔහු ලියුම ලියුවේ ආචාර්ය ජේම්ස් ලෙනාඞ් ස්මිත්ටයි. ආචාර්ය ස්මිත්, රෝඞ්ස් සරසවියේ රසායන විද්‍යා කථිකාචාර්යවරයකු වගේම මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක්.
මාළුවාගේ අබිරහස
ආචාර්ය ස්මිත් මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳුවා. ඔහු එක රැුයින් ලොව ප‍්‍රසිද්ධ වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම වුණේ එයයි. මේ අපූරු සත්වයා තමයි සීලාකාන්ත්. ආචාර්ය ස්මිත් සීලකාන්ත් ගැන හෙළිකරන්න කලින් වසර මිලියන 60 ක් තිස්සේ වඳ වී ගිය මාළුවෙක් කියලයි විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම නූතන විද්‍යාව මේ මාළුවා ගැන දැන සිටියේ පොසිල සාක්ෂිවලින් පමණයි. ධීවරයන් කණ්ඩායමකට මුහුදේ ජීවත් වූ සීලාකාන්ත් මාළුවෙකු හමුවුණා කියන්නේ නිධානයක් හමුවුණා වගෙයි. සීලාකාන්ත් ඩයිනසෝරයන්ටත් පෙර ජීවත් වූ බවයි, පොසිල විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ආචාර්ය ස්මිත්ගේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත් මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ හැටියට නම් කළා. සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි, පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සත්ත්වයන්ගේ අත් පා ලෙස පරිණාමය වුණේ. දෙවැනි ලෝක යුද්ධය අවහිරයක් වුණත් ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවෙකු සිටීදැයි සෙව්වා. සීලාකාන්ත්ගේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පති‍්‍රකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප‍්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුම්වත් කළා. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අපි‍්‍රකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් ¥පත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගැනීමට හැකිවුණා. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනෙකුම හමුවුණා. සාගරජීව විද්‍යාඥයන් හිතුවේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප‍්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වුණා කියලයි.
1997 වසරේ ඒ නිගමනය බොරු වුණා. ඇමෙරිකා සාගරජීව විද්‍යාඥ මාක් අර්ඞ්මන් සහ එයාගේ බිරිය අර්නාස් මේතා ඉන්දුනීසියාවේ සුලවේසී ¥පතේ (ඒ කියන්නේ කොමරෝස් ¥පත්වල සිට සැතපුම් 6,200 ක් දුරිනි* මාළු වෙළෙඳ පොළක යද්දී මාළු කරත්තයක සීලාකාන්ත් මාළුවෙකු දකින්න ලැබුණා.ස්මිත් අවුරුදු 50 ක් තිස්සේ කළා වගේම සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් දියත් කෙරුණා. අර්ඞ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගන්න හැකි වුණා. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයාගේ දකුණු අපි‍්‍රකානු මූදට පමණක් සීමා වී නැති බව එයින් හෙළි වුණා.
මත්ස්‍ය වර්ග තුනක්
සීලාකාන්ත් කියන්නේ විශාල මත්ස්‍යයෙක්. හොඳින් වැඩුණු සත්ත්වයෙක් අඩි 5 ක් පමණ වෙයි. බර රාත්තල් 200 කි. ගිනිකඳුවලින් නිර්මාණය වූ ¥පත් අසල මූදු පතුලේ ගල්පර අසල ජීවත් වෙනවා. රාතී‍්‍ර කාලයේ කෑම සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට ගමන් කරනවායැයි විශ්වාස කෙරෙනවා. මව්කුස තුළ බිත්තර පුපුරා එළියට පැමිණෙන පුංචි පැටව් මවගේ කුසෙන් එළියට එන්නේ හොඳින් වැඩුණු පසුවයි. සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත‍්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙනවා. මොවුන් පෘථිවියේ බහුල ව ජීවත් වූයේ ඩෙවෝනියානු යුගයේ යැයි පැවැසෙනවා. ඒ කියන්නේ මිලියන 400 ක් ඈත අතීතයේයි. මේ මත්ස්‍යයන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙදුණු වරල් ඇති මසුන්’ කියලයි. සාගරයේ සිට ගොඩබිමට පැමිණ ගොඩබිම ඇවිද ගිය සත්ත්වයන් බවට පරිණාමය වුණා කියලා විද්‍යාඥයන් කියනවා. සාගරයේ ජීවත් වන සීලාකාන්ත් මත්ස්‍ය ගහණය හේතු ගණනාවක් නිසා සීඝ‍්‍රයෙන් අඩුවී යනවා. නීති විරෝධීව සීලාකාන්ත් මසුන් ඇල්ලීම හා විකිණීම ඒ අතරින් ප‍්‍රධානයි. සීලාකාන්ත් මසුන්ගේ යුෂ හොඳ ඔසුවක් ලෙස සාම්ප‍්‍රදායික ආසියානුවන් අතරේ ප‍්‍රකටයි.
පසුගියදා අලූත උපන් ‘සීලාකාන්ත්’ මත්ස්‍යයෙක් සොයා ගන්න ජපන් සාගර විද්‍යාඥ කණ්ඩායමක් සමත් වුණා. සීලාකාන්ත් මාළුවා සොයා ගත්තේ ඉන්දුනීසියාව අසල ගැඹුරු මූදු පතුළෙනුයි. විද්‍යාඥයන් කණ්ඩායම මේ මාළුවාගේ දසුන් රූගත කළා. ඒවා මාධ්‍ය හරහා විකාශය කෙරුණා. ‘පණ ඇති පොසිල මාළුවා’ ගැන යළිත් ලෝකයාගේ අවධානය යොමු වුණා. මේ මත්ස්‍යයා ජීවත් වන්නේ අඩි 528 ක් (මීටර 161 ක්* ගැඹුරු මුහුදේ. සුලවේසී ¥පත අසල මනාඩෝ බොක්කට ඔබ්බෙන් මුහුදේයි. අර්ඞ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවෙකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයන් මතක් කර දෙනවා. රූගත කිරීම සිදුකළේ ස්වයංකී‍්‍රයව පාලනය කළ රොබෝ කැමරාවක උදව්වෙනුයි. එහි දසුන් සහ ඒ ගැන ලියැවුණු වාර්තා පසුගිය සතියේ මාධ්‍ය හරහා එළිදරව් වුණා.
වැඩුණු පැටවුන් ලෙස

රූගත කළ වීඩියෝ දසුන් අනුව මේ අලූත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබෙනවා. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුලේ ගල්පර අතරින් පිහිනා යනු දකින්න ලැබෙනවා. ”අපි දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයෙකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගැනුණු පළමු අවස්ථාව මෙයයි. මේ සත්ත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” වයඹදිග ටෝකියෝ නුවර ඉවාකී නුවර ෆුකුෂියා මින්මැඳුරේ පර්යේෂක මසාමිත්සූ අවාටා කියනවා.

මේ සොයා ගැනීමත් සමඟ සීලාකාන්ත් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත් වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වනු ඇත. මෙවැනිම ප‍්‍රමාණයේ අලූත උපන් සීලාකාන්ත් මාළුවෙක් මීට කලින් සොයා ගැනුණා. ඒ ගැබිණි සීලාකාන්ත් මත්ස්‍යයෙකුගේ කුසෙනුයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස් ඔවුන් වැඩුණු පැටවුන් ලෙස එළියට පැමිණෙන බවයි.






ජාතික කෞතුකාගාරයේ මහා සොරකමක් ඉකුත් සතියේ වාර්තා විය. මිල කළ නොහැකි පෞරාණික මුදු, කඩු ආදිය එයට අයත් යැයි වාර්තා විය. 1965 වසරේද ජාතික කෞතුකාගාරයේ මෙවැනි සිදුවීමක් වාර්තා විය. එදින සොරකමක් නොවූවත් සිංහල රජුගේ සිංහාසනයේ වාඩිවූ පුද්ගලයකු නිසා මෙම කලබගෑනිය වාර්තා විය. සිංහාසනයේ වාඩිගත්තේ අප්පුහාමි නැමැත්තෙකි. මේ අප්පුහාමි රජවූ හැටි, රත්නපාල විතාන එවකට ලංකාදීපයට වාර්තා කළ අන්දමයි.
‘‘ටෙලිපෝනයට රටේ කොතැනක හෝ වැදගත් සිදුවීමක් ගැන මොකක් හෝ ආරංචියක් ලැබෙන්නේය.’’ යන්න පත්තර කන්තෝරුවල හතර බිත්තියට පමණක් සීමා වූ විශ්වාසයෙකි. ප‍්‍රවෘත්ති ලේඛකයන් කොයි කවුරුත් ටෙලිෆෝන් පණිවුඩයකට පිළිතුරු දෙනවිට ‘‘හලෝ’’ කියන්නේ බලාපොරොත්තු සහගත කුහුලකින්ය’’
නවසිය හැට ගණන්වල දී එක් ඉරිදා උදෑසනක කර්තෘ මණ්ඩලයේ ටෙලිෆෝනය නාද විය. කන්තෝරුවට ආ හැටියේ නමුදු මම වහාම ටෙලිෆෝනය අතට ගෙන කනෙහි තබා ‘‘හලෝ’’ කීවෙමි.
‘‘හලෝ-හලෝ-හලෝ මේ කතා කරන්නේ කොළඹ කටුගෙයි ඉඳලා’’ කලබලයට පත්වූ කිසියම් පුද්ගලයෙක් හති දමමින් කතා කළේය.
‘‘ඔය කවුද ඔහෙන් කතා කරන්නේ?’’ මම ඇසුවෙමි.
කුරුඳුවත්තේ පොලීසියෙන් ඇවිත් රජ්ජුරුවෝ අල්ලා ගත්තා. මෙහෙ හරි ජරමරේ. තව පොඞ්ඩ බැරිවුණා නම් රජ්ජුරුවෝ පොලීසියට කඩුවෙන් කොටනවා. පිංතූර ගන්න මහත්තයෙක් එවනවද?’’ පැහැදිළිව ඇසුනේ එපමණකි. මා ඔහුටත් වඩා අන්දමින්ද වී ඔහු කී වචන සමූහය ගළපා තේරුම් ගැනීමට වෑයම් කරමින් ‘‘හලෝ හලෝ හලෝ’’ යැයි කී නමුදු ටෙලිෆෝනයේ කතාව හිටි හැටියේම නතර විය. ‘‘තිබ්බා’’ යැයි මට ඉබේටම කියැවුණේය.
‘‘මොකද උදේ පාන්දරම ලෙඩක් ද?’’ මගේ පිටුපසට වී පොතේ අත්සන තබන අපේ ඡුායාරූප ශිල්පියා විල්ප්‍රෙඞ් ජයතිලක ඇසුවේය. මා වගේම ඔහුත් කන්තෝරුවට අඩිය තිබ්බා පමණි. ඔහුට අවුල පැහැදිළි කෙළෙමි.
‘‘අපි කටුගේ ළඟට දුවමු. කාර්එක තිබුණොත් හොඳා’’ යැයි කියද්දීම කඩදාසි කොළයක් සොයන්නට මේසය උඩ අතපත ගෑවෙමි.
‘‘උදේ පාන්දරම ලණුවක් ගිල්ලා’’ මගේ මිත‍්‍රයා විල්ප්‍රෙඞ් ජයතිලක මට සමච්චල් කරද්දී මම ඔහුගේ කැමරාව කරේ එල්ලාගෙන ‘‘ඉක්මන් කරමු’’ යැයි පෙරැත්ත කෙළෙමි.
‘‘මම හූනා කියන්නා වාගේ කියන්නම් උඹ ජීවිතේට මේ වගේ ලණුවක් නම් ආයෙත් කෑවේ නෑ කියා හිතාගනින්’’ මෝටර් රියට නගිද්දී මගේ මිත‍්‍රයා මුණු මුණු ගෑවේය.
රිය වේගයෙන් කොළඹ කටුගෙයි දොරටුව බලා ඇදුණේය. දුරතියාම මුරකරුවා ගේට්ටුව ඇරියේ අපේ රිය හඳුනා ගෙන විය යුතුය. රියෙන් පිටතට හිස දැමූ මම ‘‘මොකක්ද කලබලයක් ද’’ ඇසිමි.
‘‘ඔහොම ඉක්මනට ගිහිල්ලා සර්ලාම බලා ගන්නකෝ’’ මුරකාරයා අපේ රිය කටුගෙට ඇතුළු කර ගේට්ටුව වසා දමා අප පසු පස්සේ දුවන්නට විය.
පොලිස් නිලධාරීන් පිරිසක් කවුදෝ කෙනකු කටුගෙය ඇතුළේ සිට බෙල්ල පිටිකරෙන් අල්ලා තල්ලූ කැරගෙන පිටතට කැඳවාගෙන විත් මිදුලේ කෙළවරක නතර කැර තිබුණු ජීප් රියක් වෙත ගෙන යන සැටි අපට දුරතියාම දැකගත හැකිවිය.
රිය නතර කළ වහාම කැමරාව ගෙන ඔවුන් පසුපස හඹා ගිය මගේ මිත‍්‍රයා ඡායාරූප කිහිපයක් ගත්තේය.
‘‘මොකක්ද කලබලේ?’’ ඉදිරියට හමු වූ හැම දෙනෙකුගෙන්ම විමැසීමි. මගේ ප‍්‍රශ්නයට උත්තර දෙන්නට පමා නොවූ ඔවුහු එකිනෙකා පෙරළාගෙන පොලිස් රිය වටකැරගෙන මහත් කුහුලින් රිය ඇතුළට එබිකම් කරන්නට වූහ.
‘‘රජ්ජුරුවෝ! රජ්ජුරුවෝ’’ යැයි සමහරු කෑගැසූහ. පොලිස් කණ්ඩායමේ සිටි සියලූ දෙනාටම වඩා උස, සුවිශාල දේහයක් තිබුණු කාලවර්ණ පොලිස් පරීක්‍ෂකවරයෙක් අත්අඩංගුවට ගත් මිනිසාත් සමඟ පොලිස් කොස්තාපල් කණ්ඩායම ජීප් රිය ඇතුළට ඇහුරුම් පැට්ටුම් කැර දොර වසා දමා රිය ඉදිරිපසට ගොස් වාඩිවෙද්දී ජීප් රිය වේගයෙන් ඉදිරියට ඇදී ගියේය.
‘‘කොහේ පොලීසිය දැයි’’ කවුදෝ ප‍්‍රශ්න කරද්දී කුරුඳුවත්ත පොලීසිය යැයි රැස්වූ සෙනඟ අතරින් පිළිතුරක් ලැබිණි. සිද්ධිය කුහුල දනවන්නක් මෙන්ම ත‍්‍රාස ජනක විය. එහෙත් තොරතුරු විමසා බැලූ විට සංවේගදායක සිද්ධියක් බවද හෙළිදරව් විය.
එදා ඉරිදා උදේ කටුගෙයි සේවකයෙක් සිංහල සිංහාසනය ප‍්‍රදර්ශනය කැර තිබුණු කුටිය පවිත‍්‍ර කරමින් සිටියේය. සිංහාසනය ඔටුන්න සහ කඩුව ඇතුළු මහනුවර රජවරුන්ගේ රාජකීය කුකුධ භාණ්ඩ තැන්පත් කැර තැබුවේ ඇතුලේ දූලි ගසා දමා පවිත‍්‍ර කිරීමේ කාරියෙහි නිරතව සිටි සේවකයා වෙනත් කටයුත්තකට ප‍්‍රදර්ශන ශාලාවේ කෙළවර පිහිටි කාමරයට ගියේය. කටුගෙය නරඹන්නට උදෙන්ම පැමිණ සිටි පිරිස් විවිධ අංශවල තැන්පත් කැර තිබුණු භාණ්ඩ නරඹමින් සිටිනු දක්නා ලදී.
සිංහාසනය තැන්පත් කැර තිබුණු මැදිරිය දෙසට හදිසියේ පෙරළා පැමිණි සේවකයා සිය දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකින් අන්දමන්ද වූයේය.
මහනුවර සිංහල රජ පරපුරේ රාජකීය සිංහාසනයේ ‘‘රජතුමා’’ වාඩිවී සිටියේය. ඔහුගේ හිස මත අගනා ඔටුන්නකි. සුරතේ රන් කඩුවකි. සිංහාසනයේ පාමුල විල්ලූද අල්ලා තිබුණු පා පුටුව උඩ රජුගේ දෙපය තැන් පත් වී තිබුණි. මෙම පා පුටුව සඳහා විල්ලූදයෙන් නිම කැර තිබුණු කොට්ටය නාමල් රේණුවලින් පුරවා ඇතැයි කියනු ලැබේ.
මෙය සිහිනයක්ද, හොල්මන් වූ සිතේ මායාවක්දැයි සේවකයාට ඉක්මනින් අවබෝධ කැර ගැනීමට නොහැකි වූයෙන් මේ අසමාන රාජකීය විලාශය දෙස ඔහු නොකන්වැ නොඇස්ව බය භිරාන්තයෙන් බලා උන්නේය.
මෙම සිංහාසනය 1693 දී මහනුවර දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන්රි කළ පරිත්‍යාගයෙකි. ඒ අවදියේ අපේ රටේ මුහුදුබඩ පෙදෙස් පාලනය කෙළේ ඕලන්දයන්ය. පරිත්‍යාගය ඕලන්දයන්ගෙන් වූවද මෙහි දකින්නට ලැබෙන සියුම් කැටයම් සමකාලින සිංහල කලා ශිල්පීන්ගේ යැයි බොහෝ විචාරකයෝ විශ්වාස කරති.
සිංහාසනය උසින් අඩි පහකි. දිග අඩි තුනකි. ලීයෙන් නිමවා රන්තහඩු වලින් වසා මහීපාලකයෙකුහට උචිත රාජකීය සාඩම්බර ආටෝපයෙන් විචිත‍්‍ර කැර මැණික් ගල් අල්ලා උත්තම ගණයේ නිර්මාණයක් බවට පත් කැර තිබේ. සිංහාසනය මුදුනේ සූර්ය දේවතා රූපයකි. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු වූ සිරිමල් ලක්දුසිංහයෝ එය මෙසේ අගැයූහ.
‘‘සිංහාසනයේ අත් හැඳි දෙකෙහි සිංහ රූ යුවලකි. මඳක් ඉවතට හැරී සිටිනා ආකාරයට තනා ඇති මේ අලංකාර හිස් දෙකෙහි ඇස් අඹතෙස්මිණි යැයි සිතිය හැකි දම්පාට ගල් විශේෂයකින් දක්වා ඇත. පසු ඇන්දෙහි පහළින් සූරියකාන්ත මල් මෝස්තරයෙකි. එහි මැද අඹතෙස් වර්ගයේ ලොකු මැණික් ගලකි. දෙපස ලියවැල් මෝස්තර දෙකකි. එහි දැක්වෙන කාන්තා රූප දෙක සිරි සහ සරසවි දෙදෙන මූර්තිමත් කෙරෙතියි සිතිය හැකිය. මේ සියල්ල මැදිවන ලෙස රන්තහඩුවෙහි සවිකරන ලද දියමන්තියෙන් නිමවන ලද ලීස්තරයක් වේ. පසු ඇන්දේ පිටි පැත්තේ මුදුනෙහි නෙරා සිටින සේ කැටයම් කළ තරු පෙළක් මත නැගී ලොකු අඩසඳක් ද ඒ සියල්ලටම පහළින් සූරියකාන්ත මල් පොකුරක්ද නිරූපිතය. සිංහාසන පා පුටුවද අලංකාරයෙන් සිංහාසනයට අඩුවක් නොවන ආකාරයෙන් නිමවන ලද්දෙකි. අඩි දෙකහමාරක් දිග අඩියක් පළල අඟල් දහයක් උස ඇති එය තද රතු පැහැති පට රෙද්දකින් වසා රනින් වැඩ දමා නිමවන ලද්දෙකි. එහි ඉදිරිපස නිල් සහ සුදු පැහැති ගල් දෙවර්ගයකින් ඔබ්බවා කළ මල් මෝස්තර මඟින් අලංකාර වන අතර වටේ පිහිටි ලීස්තර සුදු පැහැති ගල් වර්ගයක් අල්ලා සකස් කොට ඇත.’’
1815 දී ඉංග‍්‍රීසීන් ශ්‍රී ලංකාව සහමුලින්ම යටත් කැරගෙන උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එවක අපට රජකම් කළ නායක්කාර් වාංශික ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු පාවිච්චි කළ මෙම සිහසුන ඇතුළු රාජකීය කකුද භාණ්ඩ වලට වල්විදුනාවල නළල් පටය සහ මඟුල් කඩුවත් සේසත සහ රන්මිරිවැඩි සඟලද අයත් විය.
මෙම සිංහාසනය රජුගේ ඇමැති මණ්ඩල රැුස්වීම් වලදී ද ‘‘මහනඩුව’’ හෙවත් ඉහළ උසාවිය සඳහා ද රජතුමාට ප‍්‍රයෝජන පිණිස තැන්පත් කැර තිබුණේ මහනුවර වත්මන් මඟුල් මඩුවේ බව පසුගිය කාලයේ මඟුල් මඩුව ගොඩනැගිල්ල තහවුරු කිරීමේ සංස්කෘතික ත‍්‍රිකෝණයේ කටයුතුවලදී හෙළිවිය. මෙම සිංහාසනය සහ ඔටුන්න එන්ගලන්ත වින්සර් මාලිගයේ තැන්පත් කරන ලද්දේ මහා බි‍්‍රතාන්‍යයේ 3 ජෝර්ජ් රජු රජකම් කළ අවදියේය. එන්ගලන්තයේ වින්සර් රජමාලිගයේ මේ අවදියේම තවත් සිංහාසනයක් සහ ඔටුන්නක් ද තැන්පත් කැර තිබිණි. එය ඉන්දියාවේ මයිසූර් පෙදෙස් රජ කළ තිප්පුසුල්තාන් වරයාගෙන් ඉංග‍්‍රීසීහූ පැහැර ගත් එකකි. ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලන සමයේ විසූ මහලේකම්වරයෙක් වූ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ටබ් 1913 කිසියම් ප‍්‍රදර්ශනයක පැවැත්වූ දෙසුමක දී මෙම සිංහල සිංහාසනය එන්ගලන්තයේ රජගෙදර තැන්පත් කැර ඇතැයි ලංකාවට පළමුවැනි වරට දැන ගැනීමට හැකි විය. සිංහාසනය සහ ඔටුන්න නැවත ලංකාවට ලැබුණේ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ට්බ් ලංකාවේ ආණ්ඩුකාර පදවියේ වැඩ බලද්දීය. 1934 සැප්තැම්බර් මාසයේ දී අපේ සිංහාසනය සහ ඔටුන්න ලංකාවට ගෙනැවිත් මහනුවර මඟුල් මඩුවේදීම මේ රටට භාරදුන්නේ එකල එන්ගලන්තයේ රජකම් කළ පස්වැනි ජෝර්ජ් රජුගේ අවදියේ ඔහුගේ පුත් කුමරුවකු වූ ග්ලෝස්ටර් හී ආදිපාදවරයාය.
නෝර්වේ රටේ දොන් එම්මෑනුවෙල් රජුහටත් පෘතුගාලයේ විසූ ළමා රජෙකුහටත් ‘‘ගාටර්’’ නමැති බි‍්‍රතාන්‍ය රාජකීය නම්බුනාමය පිරිනමන ලද්දේ අපේ සිංහාසනය වින්සර් මාලිගයේ තැන්පත් කැර තිබූ අවදියේ එකල එංගලන්තයේ රජකම් කළ මහරජු අපේ සිංහාසනයේ අසුන් ගෙන ඉදිද්දීය. මේ නිසා අපේ සිංහල සිංහාසනය ඒ අවදියේ ලෝකය පුරා පතළ වී තිබුණේ. ‘‘ගාටර් සිංහාසනය’’ යන නාමයෙනි.

දැනට ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වන ඔටුන්න සහ සිංහාසනය දෙවැනි විමලධර්මසූරිය (කි‍්‍ර.ව 1693) ශ්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1737) කීර්ති ශ්‍රී රාජසිංහ (ක‍්‍රි.ව 1747-1780) ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1798-1815) රජවරු ප‍්‍රයෝජනයට ගෙන ඇති බව වාර්තා වේ. සිංහාසනය සැලසුම් කර ඇත්තේ ප‍්‍රංශයේ ඒ අවදියේ පැවැති රාජකීය ආසනවල මෝස්තර අනුගමනය කිරීමෙන් යැයි ද මූලික ශෛලිය ප‍්‍රංශයේ xiv ලූවී රජු (ක‍්‍රි.ව. 1690-1700) සමයේ ප‍්‍රචලිත ලියකම්වලින් යැයි ද කියනු ලැබේ.
ඇස් නිලංකාරව අන්දමන්දවැ සිටි කෞතුකාගාර සේවකයා පියවි සිහිය ලත් වහාම සිංහාසනයේ විරාජමානව සිටි ‘‘රජතුමා’’ දෙස බලා වේගයෙන් කෑගැසුවේය. කලබලයට පත් වූ කෞතුකාගාර නිලධාරීහූ කුරුඳුවත්ත පොලීසියට ටෙලිෆෝන් පණිවුඩයක් දී කිසියම් ‘‘මහරජ කෙනෙකු’’ කෞතුකාගාරය තුළ පිහිටි සිංහල සිංහාසනයට නැගී වාඩි වී සිටින බවද අතේ රන් කඩුවක්ද හිසෙන් තුන් සිංහලයේ අණසක පැතිර වූ ඔටුන්න ද දරණ හෙයින් ‘‘රජතුමා’’ අපට නම් සිංහාසනයෙන් ‘‘පහ’’ කැර දැමිය නොහැකි යැයිද වැඩිදුරටත් පොලීසියට පැමිණිලි කැර සිටියහ.
වහාම කෞතුකාගාරයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් රජතුමා ඉදිරියේ පෙනී සිටියද රජතුමා උදාර ලෙස රාජකීය කකුධ භාණ්ඩ කිහිපයකින් සන්නද්ධව සිංහාසනය පිටම අසුන් ගෙන සිටියේය.
‘‘ආසනයෙන් බසින්නැයි’’ පොලිස් පිරිස රජුහට ආයාචනය කළද රජු නොබැණ නොබා - නිහඬව - උදාරව සිටියේය. රජු බලෙන් සිංහාසනයෙන් ඇද දැමිය හැකි නමුදු සුවිසල් වීදුරු කූඩුවක සිංහාසනය තැන්පත් කොට තිබුණු නිසා වීදුරු බිත්තිවලට හානි නොවන පරිදි රජු එළියට ඇද දැමීම අසීරු කරුණක් වූ හෙයින් පොලිස් කණ්ඩායම රජු පැදකුණු කරමින් ප‍්‍රයෝගයක් කල්පනා කරමින් සිටියහ. රජු සරමකුත් බැනියමකුත් ඇඳ සිටි මැදිවිය පසුවූවකු ලෙස පෙනුණි.
‘‘අනේ උන්නැහේ අපට පව් නොදී සිංහාසනයෙන් බැහැලා එන්නැයි’’ කෞතුකාගාර සේවක පිරිස කිහිපවරක්ම බැගෑපත් වූ නමුදු රජු නිහඬව අතෙහි වූ කඩුව උරපිට තබා රජලීලාවෙන් මෑ ‘‘වැඩ’’ සිටියේය.
පොලිස් කණ්ඩායමේ සිටි අති දැවැන්ත පොලිස් නිලධාරියා එකවරම රජතුමා ඉදිරියට පැන අතෙහි වූ රන්කඩුව ගිලිහී බිම වැටෙන තුරු රජුගේ ‘‘ශ්‍රී හස්තය’’ මිරිකා අඹරවන්නට වූයේය. කඩුව බිම ගිලිහිණි. අනතුරුව සිංහාසනයේ වාඩිවී සිටි රජු එකවරට එළියට ඇද දැමීමට පොලිස් නිලධාරියා සමත්වූයේය.
බළල් පැටවකු වලිගයේ අගින් ඇද ළඟට ගත්තාක් මෙන් අයෝමය පොලිස් හස්තයකින් ‘‘රජතුමා’’ සිංහාසනයෙන් එළියට ඇද දමනු ලැබුවේ මොහොතකින්ය. එළියටද ඇදී එද්දී ද ‘‘රජු’’ දෑතින් ඔටුන්න බදාගෙන එය හිසෙහිම තදකර ගෙන පැළඳගෙන රජවී සිටීමට බලවත් උත්සාහයක් දැරූ සැටි කටුගෙයි සේවක පිරිස විස්තර කළහ.
මේ කලබලය නිසා ‘‘අටමුළු තොප්පිය’’ ලෙස හැඳින්වෙන ඔටුන්නේ යටි පැත්තේ අල්ලා තිබුණු විල්ලූද රෙදි පටි දෙකක් ගැළවී තිබුණි. සිංහාසනය ආවරණය කැර තිබුණු දැවැන්ත වීදුරු මැදිරියේ එක් දොරක් බිඳී ලොකු පැලී ඉරක් මතුවිය.
අපට එදා උදේ ලැබුණු ටෙලිෆෝන් පණ්ඩුඩය අනුව කටුගෙට යද්දී පොලිස් ජීප් රියේ පටවාගෙන ගියේ මේ ‘‘රජතුමා’’ ය.
තමාගේම නම අප්පුහාමි යැයිද වරායේ අඟුරුමඩුවේ කලක් සේවය කළ බව පොලිසියට හෙළිදරව් කළ ඔහු විසිතිස් වාරයක්ම කටුගෙය බැලීමට පැමිණ සිංහාසනයේ වාඩි වෙන්නට අවස්ථාවක් එනතුරු බල බලා සිටියේ යැයිද අවස්ථාව උදාවූයේ මේ ඉරිදා යැයිද සිය කටඋත්තරයෙන් දක්වා සිටියේය.
‘‘ස්කිසො පේ‍්‍රනියා’’ නමැති මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයන් මෙබඳු සිද්ධිවලට ගොදුරු වන බව බටහිර මනෝ විද්‍යාඥවරු පෙන්වා දෙති.
උසාවියට ඉදිරිපත් කරනු ලැබූ අප්පුහාමි හොඳ ශරීර සනීපයෙන් තීන්දුවට මුහුණ දී සිටියේය.
බරපතල වැඩ ඇතුව සති කිහිපයක් සිරබත් කෑමට ඔහුට සිදුවිය. සිංහල සිංහාසනය සහ ඔටුන්න පිළිබඳ උරුමයක් තමාට ඇතැයි නඩු තීන්දුව අසාගෙන සිටි හෙතෙම උසාවියට කියා සිටියේය.
එබඳු උරුමයක් ඇත්නම් තම අයිතිවාසිකම් දක්වා වෙනම නඩුවක් උසාවියට ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් විනිශ්චයකාරවරයා, මේ අන්දමට රටේ ජාතික පුරාවස්තු කෙළෙසීමට ඉඩ නොතිබිය යුතු හෙයින් උසාවියෙන් දී ඇති තීන්දුව පිළිගත් යුතු බවට විත්තිකරුට තේරුම් කැර දුන්නේය.
මේ පරිද්දෙන් අප්පුහාමි ‘‘රජතුමා’’ සිංහාසනයෙන් පහකරනු ලැබ කම්වු පරිද්දෙන් හිරගෙයට ගියේය.