෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

කට්ටියටම ආයුබෝවන් කිවුවලු..ගොඩ කාලෙකින්.මමනම් සිංහලෙන් තියා කඩුවෙන් තිබ්බ බ්ලොග් එකත් අතරල දාල හිටපු එකෙක්..මේ දවස්වල විභාගත් ඉවර නිසා හිතුනා ආයිමත් වැඩෙට අත ගහන්න..ඔන්න ඉතින් හිතුවා වගේම වඩේට අත ගැහුව...සිංහලෙන් බ්ලොග් ලියන එකනම් දැන් අලුත් දෙයක් නෙමේ..එත් මට හිතුනා හැමොටම තේරෙන්න හරවත් දෙයක් සරලව කියනන..ඔන්න ඉතින් මම ආයිමත්  සිංහලෙන් මගේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තා..

මේ ලිපි ටිකෙන් මම හිතන් ඉන්නවා ඔයාලා හැමෝටම ඉලෙක්ට්‍රොනික් ගැන පොඩී දැනුමක් දෙන්න..මගෙ පළවෙනි ලිපිය ලියන්නේ ප්‍රතිරෝධක ගැන..කියවලා බලලම ඔයාලගෙ යොජනා චෝදනා අදහස් එහෙම තියේ නම් කියල යන්න අමතක කරන්න එපා..

-ප්‍රතිරෝධක-
ප්‍රතිරෝධකයක් කියන්නෙ බාධකයක් කියල නංගිලා මල්ලිලා කවුරුත් දන්නවා ඇතිනේ.ඉතින් මේ ප්‍රතිරොධ වලින් කරන්නෙ ධාරවක් ගලන එකට බධාවක් දීල ධාරව පාලනය කරන එක.නිෂ්පාදනය කරන විදියයි මේවගේ භෞතික ගුනයි එක්ක මේව එක එක විදියේ නම් වලින් හදුන්වනවා..


මේවා ප්‍රධාන කොටස් 3කට බෙදෙනව..
01.සම්මත ප්‍රතිරෝධක
02.අචල ප්‍රතිරෝධක
03.විචල්‍ය ප්‍රතිරොධක

සම්මත ප්‍රතිරෝධක
 මේ ජාතියේ එවගේ අගය හරියටම හරි..කිරි ගහට ඇන්නවගෙ තිතට තියනවා.මේව වඩිපුරම ගන්නේ විද්‍යාගාර් පරීක්ෂණ,මිනුම් උපකරණ වලට තමයි.ඔනේම දෙයක් සම්මත වෙන්නත් එකෙ එක එක ගුණාංග තියෙන්න ඔනේනේ..ඉතින් මේවත් එහෙම තමයි..මෙවයි තියෙන්න ඔනේ ගුණාංග තමයි උෂ්ණත්වල කොහොම වෙන්ස් උනත් ප්‍රතිරෝධය වෙනස් වෙන්න බැහැ ඒ වගේම ප්‍රතිරෝධකය ගොඩක් කල් පාවිච්චි කරද්දි ඒකේ අගය වෙනස් වෙන්නත් බැහැ..සාමාන්‍යයෙන් මේ වගෙ එකක් හදන්න ලොකු මුදලක් යනවා.එක නිසා මේ වගේ එකක් හැම පරිපතයකටම යොදාගන්නෙ නැ ඒක පොකට් එකට තට්ටු වෙන වැඩක් නිසා..


අචල ප්‍රතිරෝධක
මේවා තවත් විදි වලට වර්ග කරන්න පුලුවන්..

කම්බි ඒතූ ප්‍රතිරෝධක
කාබන් සංයුක්ත ප්‍රතිරෝධක
ලෝහ පටල වර්ගය
විලායකමය වර්ගය



කම්බි ඒතූ ප්‍රතිරෝධක : 
මේ වගෙ ඒවා පරිවරණය කල හා නොකල කියල කොටස් දෙකකට බෙදෙනව.රූපේ පේන විදියට සෙරමික් දන්දකට නිකල් ක්‍රෝමියම් කම්බි ප්‍රතිරෝධකයෙ අගය අනුව ඔතලා තියෙන්නේ.


පරිවරණය නොකරපුවා ගොඩක් වේලාවට උපකරණ අතුලේ අධ්ධාරා ගලන්න ඔනේ තැන් වලට තමා සවි කරන්නේ.මේ වගෙ එවයි ස්ථායිතාව ගොඩක් වැඩි නිසා ගොඩක් කල් පවිච්චි කරන්න උපකරණවලට මෙව යොදාගන්නව.ඕම් 1 ඉදන් කිලෝ ඕම් 100 වෙනකම් ප්‍රතිරෝධ දැනට වෙළදපොලෙ තියනව.මෙවයි ප්‍රමත ජව අගය වොට් 5කට වඩා වැඩිවෙනව.



කාබන් සංයුක්ත වර්ගය :
බන්ධන ද්‍රව්‍යක් අරගෙන කාබන් කැටිති සම්බන්ධ කරල දන්ඩක් හදලා ඒකෙ කෙලවරවල් 2කට ලෝහ දෙකක් සම්බන්ධ කරලා තමයි මේ ජාතියේ ඒවා හදන්නේ.





කාබන් පටල වර්ගය :
පරිවාරක දන්ඩක් අරගෙන වටේට කාබන් පටලයක් හදලා ඒ පටලය මතම සර්පිලයක් වගේ කාබන් පටල කොටසක් ඉවත් කරලා සර්පිලයේ කෙලවරවල් දෙකට ලෝහ අග්‍ර දෙකක් සම්බන්ධ කරලා තමයි මේවා නිෂ්පදනය කරන්නේ



ලෝහ පටල වර්ගය :
පරිවාරක දණ්ඩක් වටේට ලෝහ පටලයක් යොදාගෙන ඒ පටලය මතම සර්පිලාකාර වෙන විදිහට පටල කොටසක් ඉවත් කරල කලින් වගේම දෙකෙලවරට අග්‍ර දෙකක් සවි කරල තමයි මෙම ජාතියෙ එව හදන්නේ.





විලායකමය වර්ගය :
මේක ගැනනම් ඉතින් වඩි විස්තරයක් කරන්න නැහැ.ප්‍රතිරෝධකය තුලින් ගලන්න පුලුවන් උපරිම ධරව ඉක්මවා ගිය ගමන් මේක ඉබේම සම්බන්ධතාවය බ්දවැටෙනවා.



ඉදිරි සති වල :
විචල්‍ය ප්‍රතිරෝධක සහ ප්‍රතිරෝධ අගය කියවීම බලාපොරොත්තුවන්න...