෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us




ජාතික කෞතුකාගාරයේ මහා සොරකමක් ඉකුත් සතියේ වාර්තා විය. මිල කළ නොහැකි පෞරාණික මුදු, කඩු ආදිය එයට අයත් යැයි වාර්තා විය. 1965 වසරේද ජාතික කෞතුකාගාරයේ මෙවැනි සිදුවීමක් වාර්තා විය. එදින සොරකමක් නොවූවත් සිංහල රජුගේ සිංහාසනයේ වාඩිවූ පුද්ගලයකු නිසා මෙම කලබගෑනිය වාර්තා විය. සිංහාසනයේ වාඩිගත්තේ අප්පුහාමි නැමැත්තෙකි. මේ අප්පුහාමි රජවූ හැටි, රත්නපාල විතාන එවකට ලංකාදීපයට වාර්තා කළ අන්දමයි.
‘‘ටෙලිපෝනයට රටේ කොතැනක හෝ වැදගත් සිදුවීමක් ගැන මොකක් හෝ ආරංචියක් ලැබෙන්නේය.’’ යන්න පත්තර කන්තෝරුවල හතර බිත්තියට පමණක් සීමා වූ විශ්වාසයෙකි. ප‍්‍රවෘත්ති ලේඛකයන් කොයි කවුරුත් ටෙලිෆෝන් පණිවුඩයකට පිළිතුරු දෙනවිට ‘‘හලෝ’’ කියන්නේ බලාපොරොත්තු සහගත කුහුලකින්ය’’
නවසිය හැට ගණන්වල දී එක් ඉරිදා උදෑසනක කර්තෘ මණ්ඩලයේ ටෙලිෆෝනය නාද විය. කන්තෝරුවට ආ හැටියේ නමුදු මම වහාම ටෙලිෆෝනය අතට ගෙන කනෙහි තබා ‘‘හලෝ’’ කීවෙමි.
‘‘හලෝ-හලෝ-හලෝ මේ කතා කරන්නේ කොළඹ කටුගෙයි ඉඳලා’’ කලබලයට පත්වූ කිසියම් පුද්ගලයෙක් හති දමමින් කතා කළේය.
‘‘ඔය කවුද ඔහෙන් කතා කරන්නේ?’’ මම ඇසුවෙමි.
කුරුඳුවත්තේ පොලීසියෙන් ඇවිත් රජ්ජුරුවෝ අල්ලා ගත්තා. මෙහෙ හරි ජරමරේ. තව පොඞ්ඩ බැරිවුණා නම් රජ්ජුරුවෝ පොලීසියට කඩුවෙන් කොටනවා. පිංතූර ගන්න මහත්තයෙක් එවනවද?’’ පැහැදිළිව ඇසුනේ එපමණකි. මා ඔහුටත් වඩා අන්දමින්ද වී ඔහු කී වචන සමූහය ගළපා තේරුම් ගැනීමට වෑයම් කරමින් ‘‘හලෝ හලෝ හලෝ’’ යැයි කී නමුදු ටෙලිෆෝනයේ කතාව හිටි හැටියේම නතර විය. ‘‘තිබ්බා’’ යැයි මට ඉබේටම කියැවුණේය.
‘‘මොකද උදේ පාන්දරම ලෙඩක් ද?’’ මගේ පිටුපසට වී පොතේ අත්සන තබන අපේ ඡුායාරූප ශිල්පියා විල්ප්‍රෙඞ් ජයතිලක ඇසුවේය. මා වගේම ඔහුත් කන්තෝරුවට අඩිය තිබ්බා පමණි. ඔහුට අවුල පැහැදිළි කෙළෙමි.
‘‘අපි කටුගේ ළඟට දුවමු. කාර්එක තිබුණොත් හොඳා’’ යැයි කියද්දීම කඩදාසි කොළයක් සොයන්නට මේසය උඩ අතපත ගෑවෙමි.
‘‘උදේ පාන්දරම ලණුවක් ගිල්ලා’’ මගේ මිත‍්‍රයා විල්ප්‍රෙඞ් ජයතිලක මට සමච්චල් කරද්දී මම ඔහුගේ කැමරාව කරේ එල්ලාගෙන ‘‘ඉක්මන් කරමු’’ යැයි පෙරැත්ත කෙළෙමි.
‘‘මම හූනා කියන්නා වාගේ කියන්නම් උඹ ජීවිතේට මේ වගේ ලණුවක් නම් ආයෙත් කෑවේ නෑ කියා හිතාගනින්’’ මෝටර් රියට නගිද්දී මගේ මිත‍්‍රයා මුණු මුණු ගෑවේය.
රිය වේගයෙන් කොළඹ කටුගෙයි දොරටුව බලා ඇදුණේය. දුරතියාම මුරකරුවා ගේට්ටුව ඇරියේ අපේ රිය හඳුනා ගෙන විය යුතුය. රියෙන් පිටතට හිස දැමූ මම ‘‘මොකක්ද කලබලයක් ද’’ ඇසිමි.
‘‘ඔහොම ඉක්මනට ගිහිල්ලා සර්ලාම බලා ගන්නකෝ’’ මුරකාරයා අපේ රිය කටුගෙට ඇතුළු කර ගේට්ටුව වසා දමා අප පසු පස්සේ දුවන්නට විය.
පොලිස් නිලධාරීන් පිරිසක් කවුදෝ කෙනකු කටුගෙය ඇතුළේ සිට බෙල්ල පිටිකරෙන් අල්ලා තල්ලූ කැරගෙන පිටතට කැඳවාගෙන විත් මිදුලේ කෙළවරක නතර කැර තිබුණු ජීප් රියක් වෙත ගෙන යන සැටි අපට දුරතියාම දැකගත හැකිවිය.
රිය නතර කළ වහාම කැමරාව ගෙන ඔවුන් පසුපස හඹා ගිය මගේ මිත‍්‍රයා ඡායාරූප කිහිපයක් ගත්තේය.
‘‘මොකක්ද කලබලේ?’’ ඉදිරියට හමු වූ හැම දෙනෙකුගෙන්ම විමැසීමි. මගේ ප‍්‍රශ්නයට උත්තර දෙන්නට පමා නොවූ ඔවුහු එකිනෙකා පෙරළාගෙන පොලිස් රිය වටකැරගෙන මහත් කුහුලින් රිය ඇතුළට එබිකම් කරන්නට වූහ.
‘‘රජ්ජුරුවෝ! රජ්ජුරුවෝ’’ යැයි සමහරු කෑගැසූහ. පොලිස් කණ්ඩායමේ සිටි සියලූ දෙනාටම වඩා උස, සුවිශාල දේහයක් තිබුණු කාලවර්ණ පොලිස් පරීක්‍ෂකවරයෙක් අත්අඩංගුවට ගත් මිනිසාත් සමඟ පොලිස් කොස්තාපල් කණ්ඩායම ජීප් රිය ඇතුළට ඇහුරුම් පැට්ටුම් කැර දොර වසා දමා රිය ඉදිරිපසට ගොස් වාඩිවෙද්දී ජීප් රිය වේගයෙන් ඉදිරියට ඇදී ගියේය.
‘‘කොහේ පොලීසිය දැයි’’ කවුදෝ ප‍්‍රශ්න කරද්දී කුරුඳුවත්ත පොලීසිය යැයි රැස්වූ සෙනඟ අතරින් පිළිතුරක් ලැබිණි. සිද්ධිය කුහුල දනවන්නක් මෙන්ම ත‍්‍රාස ජනක විය. එහෙත් තොරතුරු විමසා බැලූ විට සංවේගදායක සිද්ධියක් බවද හෙළිදරව් විය.
එදා ඉරිදා උදේ කටුගෙයි සේවකයෙක් සිංහල සිංහාසනය ප‍්‍රදර්ශනය කැර තිබුණු කුටිය පවිත‍්‍ර කරමින් සිටියේය. සිංහාසනය ඔටුන්න සහ කඩුව ඇතුළු මහනුවර රජවරුන්ගේ රාජකීය කුකුධ භාණ්ඩ තැන්පත් කැර තැබුවේ ඇතුලේ දූලි ගසා දමා පවිත‍්‍ර කිරීමේ කාරියෙහි නිරතව සිටි සේවකයා වෙනත් කටයුත්තකට ප‍්‍රදර්ශන ශාලාවේ කෙළවර පිහිටි කාමරයට ගියේය. කටුගෙය නරඹන්නට උදෙන්ම පැමිණ සිටි පිරිස් විවිධ අංශවල තැන්පත් කැර තිබුණු භාණ්ඩ නරඹමින් සිටිනු දක්නා ලදී.
සිංහාසනය තැන්පත් කැර තිබුණු මැදිරිය දෙසට හදිසියේ පෙරළා පැමිණි සේවකයා සිය දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකින් අන්දමන්ද වූයේය.
මහනුවර සිංහල රජ පරපුරේ රාජකීය සිංහාසනයේ ‘‘රජතුමා’’ වාඩිවී සිටියේය. ඔහුගේ හිස මත අගනා ඔටුන්නකි. සුරතේ රන් කඩුවකි. සිංහාසනයේ පාමුල විල්ලූද අල්ලා තිබුණු පා පුටුව උඩ රජුගේ දෙපය තැන් පත් වී තිබුණි. මෙම පා පුටුව සඳහා විල්ලූදයෙන් නිම කැර තිබුණු කොට්ටය නාමල් රේණුවලින් පුරවා ඇතැයි කියනු ලැබේ.
මෙය සිහිනයක්ද, හොල්මන් වූ සිතේ මායාවක්දැයි සේවකයාට ඉක්මනින් අවබෝධ කැර ගැනීමට නොහැකි වූයෙන් මේ අසමාන රාජකීය විලාශය දෙස ඔහු නොකන්වැ නොඇස්ව බය භිරාන්තයෙන් බලා උන්නේය.
මෙම සිංහාසනය 1693 දී මහනුවර දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන්රි කළ පරිත්‍යාගයෙකි. ඒ අවදියේ අපේ රටේ මුහුදුබඩ පෙදෙස් පාලනය කෙළේ ඕලන්දයන්ය. පරිත්‍යාගය ඕලන්දයන්ගෙන් වූවද මෙහි දකින්නට ලැබෙන සියුම් කැටයම් සමකාලින සිංහල කලා ශිල්පීන්ගේ යැයි බොහෝ විචාරකයෝ විශ්වාස කරති.
සිංහාසනය උසින් අඩි පහකි. දිග අඩි තුනකි. ලීයෙන් නිමවා රන්තහඩු වලින් වසා මහීපාලකයෙකුහට උචිත රාජකීය සාඩම්බර ආටෝපයෙන් විචිත‍්‍ර කැර මැණික් ගල් අල්ලා උත්තම ගණයේ නිර්මාණයක් බවට පත් කැර තිබේ. සිංහාසනය මුදුනේ සූර්ය දේවතා රූපයකි. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු වූ සිරිමල් ලක්දුසිංහයෝ එය මෙසේ අගැයූහ.
‘‘සිංහාසනයේ අත් හැඳි දෙකෙහි සිංහ රූ යුවලකි. මඳක් ඉවතට හැරී සිටිනා ආකාරයට තනා ඇති මේ අලංකාර හිස් දෙකෙහි ඇස් අඹතෙස්මිණි යැයි සිතිය හැකි දම්පාට ගල් විශේෂයකින් දක්වා ඇත. පසු ඇන්දෙහි පහළින් සූරියකාන්ත මල් මෝස්තරයෙකි. එහි මැද අඹතෙස් වර්ගයේ ලොකු මැණික් ගලකි. දෙපස ලියවැල් මෝස්තර දෙකකි. එහි දැක්වෙන කාන්තා රූප දෙක සිරි සහ සරසවි දෙදෙන මූර්තිමත් කෙරෙතියි සිතිය හැකිය. මේ සියල්ල මැදිවන ලෙස රන්තහඩුවෙහි සවිකරන ලද දියමන්තියෙන් නිමවන ලද ලීස්තරයක් වේ. පසු ඇන්දේ පිටි පැත්තේ මුදුනෙහි නෙරා සිටින සේ කැටයම් කළ තරු පෙළක් මත නැගී ලොකු අඩසඳක් ද ඒ සියල්ලටම පහළින් සූරියකාන්ත මල් පොකුරක්ද නිරූපිතය. සිංහාසන පා පුටුවද අලංකාරයෙන් සිංහාසනයට අඩුවක් නොවන ආකාරයෙන් නිමවන ලද්දෙකි. අඩි දෙකහමාරක් දිග අඩියක් පළල අඟල් දහයක් උස ඇති එය තද රතු පැහැති පට රෙද්දකින් වසා රනින් වැඩ දමා නිමවන ලද්දෙකි. එහි ඉදිරිපස නිල් සහ සුදු පැහැති ගල් දෙවර්ගයකින් ඔබ්බවා කළ මල් මෝස්තර මඟින් අලංකාර වන අතර වටේ පිහිටි ලීස්තර සුදු පැහැති ගල් වර්ගයක් අල්ලා සකස් කොට ඇත.’’
1815 දී ඉංග‍්‍රීසීන් ශ්‍රී ලංකාව සහමුලින්ම යටත් කැරගෙන උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එවක අපට රජකම් කළ නායක්කාර් වාංශික ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු පාවිච්චි කළ මෙම සිහසුන ඇතුළු රාජකීය කකුද භාණ්ඩ වලට වල්විදුනාවල නළල් පටය සහ මඟුල් කඩුවත් සේසත සහ රන්මිරිවැඩි සඟලද අයත් විය.
මෙම සිංහාසනය රජුගේ ඇමැති මණ්ඩල රැුස්වීම් වලදී ද ‘‘මහනඩුව’’ හෙවත් ඉහළ උසාවිය සඳහා ද රජතුමාට ප‍්‍රයෝජන පිණිස තැන්පත් කැර තිබුණේ මහනුවර වත්මන් මඟුල් මඩුවේ බව පසුගිය කාලයේ මඟුල් මඩුව ගොඩනැගිල්ල තහවුරු කිරීමේ සංස්කෘතික ත‍්‍රිකෝණයේ කටයුතුවලදී හෙළිවිය. මෙම සිංහාසනය සහ ඔටුන්න එන්ගලන්ත වින්සර් මාලිගයේ තැන්පත් කරන ලද්දේ මහා බි‍්‍රතාන්‍යයේ 3 ජෝර්ජ් රජු රජකම් කළ අවදියේය. එන්ගලන්තයේ වින්සර් රජමාලිගයේ මේ අවදියේම තවත් සිංහාසනයක් සහ ඔටුන්නක් ද තැන්පත් කැර තිබිණි. එය ඉන්දියාවේ මයිසූර් පෙදෙස් රජ කළ තිප්පුසුල්තාන් වරයාගෙන් ඉංග‍්‍රීසීහූ පැහැර ගත් එකකි. ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලන සමයේ විසූ මහලේකම්වරයෙක් වූ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ටබ් 1913 කිසියම් ප‍්‍රදර්ශනයක පැවැත්වූ දෙසුමක දී මෙම සිංහල සිංහාසනය එන්ගලන්තයේ රජගෙදර තැන්පත් කැර ඇතැයි ලංකාවට පළමුවැනි වරට දැන ගැනීමට හැකි විය. සිංහාසනය සහ ඔටුන්න නැවත ලංකාවට ලැබුණේ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ට්බ් ලංකාවේ ආණ්ඩුකාර පදවියේ වැඩ බලද්දීය. 1934 සැප්තැම්බර් මාසයේ දී අපේ සිංහාසනය සහ ඔටුන්න ලංකාවට ගෙනැවිත් මහනුවර මඟුල් මඩුවේදීම මේ රටට භාරදුන්නේ එකල එන්ගලන්තයේ රජකම් කළ පස්වැනි ජෝර්ජ් රජුගේ අවදියේ ඔහුගේ පුත් කුමරුවකු වූ ග්ලෝස්ටර් හී ආදිපාදවරයාය.
නෝර්වේ රටේ දොන් එම්මෑනුවෙල් රජුහටත් පෘතුගාලයේ විසූ ළමා රජෙකුහටත් ‘‘ගාටර්’’ නමැති බි‍්‍රතාන්‍ය රාජකීය නම්බුනාමය පිරිනමන ලද්දේ අපේ සිංහාසනය වින්සර් මාලිගයේ තැන්පත් කැර තිබූ අවදියේ එකල එංගලන්තයේ රජකම් කළ මහරජු අපේ සිංහාසනයේ අසුන් ගෙන ඉදිද්දීය. මේ නිසා අපේ සිංහල සිංහාසනය ඒ අවදියේ ලෝකය පුරා පතළ වී තිබුණේ. ‘‘ගාටර් සිංහාසනය’’ යන නාමයෙනි.

දැනට ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වන ඔටුන්න සහ සිංහාසනය දෙවැනි විමලධර්මසූරිය (කි‍්‍ර.ව 1693) ශ්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1737) කීර්ති ශ්‍රී රාජසිංහ (ක‍්‍රි.ව 1747-1780) ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1798-1815) රජවරු ප‍්‍රයෝජනයට ගෙන ඇති බව වාර්තා වේ. සිංහාසනය සැලසුම් කර ඇත්තේ ප‍්‍රංශයේ ඒ අවදියේ පැවැති රාජකීය ආසනවල මෝස්තර අනුගමනය කිරීමෙන් යැයි ද මූලික ශෛලිය ප‍්‍රංශයේ xiv ලූවී රජු (ක‍්‍රි.ව. 1690-1700) සමයේ ප‍්‍රචලිත ලියකම්වලින් යැයි ද කියනු ලැබේ.
ඇස් නිලංකාරව අන්දමන්දවැ සිටි කෞතුකාගාර සේවකයා පියවි සිහිය ලත් වහාම සිංහාසනයේ විරාජමානව සිටි ‘‘රජතුමා’’ දෙස බලා වේගයෙන් කෑගැසුවේය. කලබලයට පත් වූ කෞතුකාගාර නිලධාරීහූ කුරුඳුවත්ත පොලීසියට ටෙලිෆෝන් පණිවුඩයක් දී කිසියම් ‘‘මහරජ කෙනෙකු’’ කෞතුකාගාරය තුළ පිහිටි සිංහල සිංහාසනයට නැගී වාඩි වී සිටින බවද අතේ රන් කඩුවක්ද හිසෙන් තුන් සිංහලයේ අණසක පැතිර වූ ඔටුන්න ද දරණ හෙයින් ‘‘රජතුමා’’ අපට නම් සිංහාසනයෙන් ‘‘පහ’’ කැර දැමිය නොහැකි යැයිද වැඩිදුරටත් පොලීසියට පැමිණිලි කැර සිටියහ.
වහාම කෞතුකාගාරයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් රජතුමා ඉදිරියේ පෙනී සිටියද රජතුමා උදාර ලෙස රාජකීය කකුධ භාණ්ඩ කිහිපයකින් සන්නද්ධව සිංහාසනය පිටම අසුන් ගෙන සිටියේය.
‘‘ආසනයෙන් බසින්නැයි’’ පොලිස් පිරිස රජුහට ආයාචනය කළද රජු නොබැණ නොබා - නිහඬව - උදාරව සිටියේය. රජු බලෙන් සිංහාසනයෙන් ඇද දැමිය හැකි නමුදු සුවිසල් වීදුරු කූඩුවක සිංහාසනය තැන්පත් කොට තිබුණු නිසා වීදුරු බිත්තිවලට හානි නොවන පරිදි රජු එළියට ඇද දැමීම අසීරු කරුණක් වූ හෙයින් පොලිස් කණ්ඩායම රජු පැදකුණු කරමින් ප‍්‍රයෝගයක් කල්පනා කරමින් සිටියහ. රජු සරමකුත් බැනියමකුත් ඇඳ සිටි මැදිවිය පසුවූවකු ලෙස පෙනුණි.
‘‘අනේ උන්නැහේ අපට පව් නොදී සිංහාසනයෙන් බැහැලා එන්නැයි’’ කෞතුකාගාර සේවක පිරිස කිහිපවරක්ම බැගෑපත් වූ නමුදු රජු නිහඬව අතෙහි වූ කඩුව උරපිට තබා රජලීලාවෙන් මෑ ‘‘වැඩ’’ සිටියේය.
පොලිස් කණ්ඩායමේ සිටි අති දැවැන්ත පොලිස් නිලධාරියා එකවරම රජතුමා ඉදිරියට පැන අතෙහි වූ රන්කඩුව ගිලිහී බිම වැටෙන තුරු රජුගේ ‘‘ශ්‍රී හස්තය’’ මිරිකා අඹරවන්නට වූයේය. කඩුව බිම ගිලිහිණි. අනතුරුව සිංහාසනයේ වාඩිවී සිටි රජු එකවරට එළියට ඇද දැමීමට පොලිස් නිලධාරියා සමත්වූයේය.
බළල් පැටවකු වලිගයේ අගින් ඇද ළඟට ගත්තාක් මෙන් අයෝමය පොලිස් හස්තයකින් ‘‘රජතුමා’’ සිංහාසනයෙන් එළියට ඇද දමනු ලැබුවේ මොහොතකින්ය. එළියටද ඇදී එද්දී ද ‘‘රජු’’ දෑතින් ඔටුන්න බදාගෙන එය හිසෙහිම තදකර ගෙන පැළඳගෙන රජවී සිටීමට බලවත් උත්සාහයක් දැරූ සැටි කටුගෙයි සේවක පිරිස විස්තර කළහ.
මේ කලබලය නිසා ‘‘අටමුළු තොප්පිය’’ ලෙස හැඳින්වෙන ඔටුන්නේ යටි පැත්තේ අල්ලා තිබුණු විල්ලූද රෙදි පටි දෙකක් ගැළවී තිබුණි. සිංහාසනය ආවරණය කැර තිබුණු දැවැන්ත වීදුරු මැදිරියේ එක් දොරක් බිඳී ලොකු පැලී ඉරක් මතුවිය.
අපට එදා උදේ ලැබුණු ටෙලිෆෝන් පණ්ඩුඩය අනුව කටුගෙට යද්දී පොලිස් ජීප් රියේ පටවාගෙන ගියේ මේ ‘‘රජතුමා’’ ය.
තමාගේම නම අප්පුහාමි යැයිද වරායේ අඟුරුමඩුවේ කලක් සේවය කළ බව පොලිසියට හෙළිදරව් කළ ඔහු විසිතිස් වාරයක්ම කටුගෙය බැලීමට පැමිණ සිංහාසනයේ වාඩි වෙන්නට අවස්ථාවක් එනතුරු බල බලා සිටියේ යැයිද අවස්ථාව උදාවූයේ මේ ඉරිදා යැයිද සිය කටඋත්තරයෙන් දක්වා සිටියේය.
‘‘ස්කිසො පේ‍්‍රනියා’’ නමැති මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයන් මෙබඳු සිද්ධිවලට ගොදුරු වන බව බටහිර මනෝ විද්‍යාඥවරු පෙන්වා දෙති.
උසාවියට ඉදිරිපත් කරනු ලැබූ අප්පුහාමි හොඳ ශරීර සනීපයෙන් තීන්දුවට මුහුණ දී සිටියේය.
බරපතල වැඩ ඇතුව සති කිහිපයක් සිරබත් කෑමට ඔහුට සිදුවිය. සිංහල සිංහාසනය සහ ඔටුන්න පිළිබඳ උරුමයක් තමාට ඇතැයි නඩු තීන්දුව අසාගෙන සිටි හෙතෙම උසාවියට කියා සිටියේය.
එබඳු උරුමයක් ඇත්නම් තම අයිතිවාසිකම් දක්වා වෙනම නඩුවක් උසාවියට ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් විනිශ්චයකාරවරයා, මේ අන්දමට රටේ ජාතික පුරාවස්තු කෙළෙසීමට ඉඩ නොතිබිය යුතු හෙයින් උසාවියෙන් දී ඇති තීන්දුව පිළිගත් යුතු බවට විත්තිකරුට තේරුම් කැර දුන්නේය.
මේ පරිද්දෙන් අප්පුහාමි ‘‘රජතුමා’’ සිංහාසනයෙන් පහකරනු ලැබ කම්වු පරිද්දෙන් හිරගෙයට ගියේය.


ලොව පවතින ආගමික මතවාද හා නායකයන් ගර්හාවට පාත්‍ර වන අන්දමේ සදාචාර විරෝධී කටයුතු වත්මන් ලොව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. බොහෝ දෙනකු තම ආගමික මතය සේ පිළිගන්නේ පාරම්පරිකව පැවතෙන දෙමව්පිය දායාදයෙන් උරුම වන සංකල්පයන්ය. ආගමික මත හා ඒ හා බැඳී වර්ධනය වූ සංස්‌කෘතිකාංග හා සාහිත්‍යාංග දීර්ඝ කාලයක්‌ නොනැසී පවතින්නේ පරම්පරාවෙන් පරම්පරාවට එම සංකල්ප කාන්දු වන බැවිනි. ඇතැම් ශාස්‌තෘවරයන් පාරම්පරිකව ආගමික සංකල්ප පිළිගත යුතුයෑයි කියද්දී තමන්ගේ බුද්ධියෙන් විමසා බලා නිදහස්‌ව ආගමික මතයක්‌ පිළිගැනීමට අවකාශ සලසා ඇති ආගමික ශාස්‌තෘවරයන්ද ලොව පහළ වී ඇත. අනාගතයේදී මේ මත දෙකම දරන ආගමික නායකයන් බිහිවීමටද හැක.

වත්මන් ලෝක ජනගහනය සලකා බැලූ විට මුසල්මානු හා යොහෝවාදී ලබ්ධිකයන් බහුතරයක්‌ සිටින බව පෙනේ. අනෙක්‌ ආගමික මතවාද වන්නේ බුද්ධ ධර්මය හා හින්දු දර්ශනයයි.

පුරාණ ඉතිහාස කරුණු පිරික්‌සීමේදී විරුද්ධ ආගමික මත දරන ජනයාට හිරිහැර කිරීමට ඇතැම් අන්තවාදී ආගමික කණ්‌ඩායම් කටයුතු කර ඇත. එම විරෝධතා භෞතික ද්‍රව්‍ය යොදාගෙන කළ අවස්‌ථාද ඉතිහාසගත කරුණු හැදෑරීමෙන් දැකගත හැකිය. ඇතැම් විරෝධතා විවිධ සන්නවේදන ක්‍රම මගින් කර ඇත.

තාක්‍ෂණය හා සන්නිවේදනය ඉතා ඉහළ අගයකින් වර්ධනය වී ඇති වත්මන් ලොව තුළ සදාචාර විරෝධී අයුරින් ආගමික සංකේත, හරයන්ට හා ආගමික නායකයන්ට ගැරහීම වේගවත් වී ඇත. මෙහි ආසන්න සිදු වීම තමන් අවට වාතය සුවඳවත් කිරීමට යොදා ගන්නා භාණ්‌ඩයකට ආගමික නායකයන්ගේ රුව ඇතුළත් කිරීම දැක්‌විය හැක. ජාලියගොඩ, පිළියන්දල නමින් ලිපිනයක්‌ සඳහන් වන එවැනි සුවඳ කාරකයක්‌ බණ්‌ඩාරගම සදාචාර සම්පන්නභාවය අගය කරන වෙළෙඳ මහතකු අතට පත්වී පාර්ලිමේන්තුව තෙක්‌ එම භාණ්‌ඩ පැමිණීම සටහන් කළ හැක. ලුසෙන්ට්‌ (ළුcඑන්ට්) යන වෙළෙඳ නාමයෙන් හඳුන්වා ඇති සුවඳ කැවූ ඝනකමැති කඩදාසියක්‌ මත බුදු රුවක්‌, ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ රුවක්‌ සහ සිංහ කොඩියක රුවක්‌ මුද්‍රණය කර ඇත. එක්‌ කඩදාසි කොටුවක එක්‌ රුවක්‌ ලෙස එම සමාගම මුද්‍රණය කොට බෙදාහරිමින් තිබියදී බණ්‌ඩාරගම නගරයේ වෙළෙඳ මහතකු මිලදී ගෙන කළුතර දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අතට පත්කර ඇත. ඒ මහතා ඉකුත් දිනයක ආගමික හා ජාතික සංකේත අඩංගු සුවඳ කැවූ කඩදාසි පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර ඇත.

මෙම සුවඳකාරක කඩදාසි එහි මුද්‍රණය වී ඇති රුව කැපී යන අයුරින් සතිපතා කපා දැමීමට උපදෙස්‌ ලබා දී ඇත. අවසන් කැපුමේදී බුදුරුවේ සහ ක්‍රිස්‌තුතුමන්ගේ රුවේ ගෙල පෙදෙසින් කැපී යන ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් හා සංවිධාන උන්මත්තකයන් විය හැක. නැතිනම් තමන් අදහන මතය පමණක්‌ ලොව පවතීවා යෑයි ප්‍රාර්ථනය කරන පිරිසක්‌ද විය හැක. අන්තර්ජාලය වැනි සයිබර් අවකාශය තුළ කෙරෙන මෙවැනි ක්‍රියා අතර චීන ජාතිකයන් සොයාගත් කඩදාසි නිපදවීම වැනි ප්‍රාථමික නිෂ්පාදනයක්‌ තරමටම මෙවැනි කඩදාසියකින් තනා ඇති භාණ්‌ඩය භාවිත කරමින් කිරීමට යන කටයුත්තද ඉතා බාල එකකි.


 
 






අන්තවාදී සර්පයා අපව වෙලාගෙන අවසන්. ප්රවේශම්වන්න.

Gonagama Karunasara Thero
හා තවත් නම් කිහිපයකින් පෙනී සිටිමින් ව්යාජලෙස සිවුරු දරාගෙන කාන්තාවන් සමග අශ්ශීල ලෙස හැසිරෙන ඡායාරූප ෆෙස්බුක් ජාලය හරහා ප්රචාරය කරමින් සිටින මේ පාපතර තිරශ්චීනයා බෞද්ධ භික්ෂුවක් නොව, මෙවැනි නාමධාරී භික්ෂුවක් හෝ පුද්ගලයෙක් ලංකාවේ පවතින කිසිදු බෞද්ධ නිකායක සාමාජිකත්වයනොදරන බව අපි සහතික වන්නෙමු.

මීට
මසකට පමණ පෙර මෙම ඡායාරූප ඉදිරිපත් කර තිබුනේ "Gonagala Sumanasara" යන නමකිනි. මේ පාපතර ක්රියාවට විරුද්ධ අය විසින් "රිපෝර්ට්" කරවීම නිසා එම ගිණුම අක්රීය වී ඇති අතර නැවතත් වෙනත් නමකින් මේ අශ්ශීල ඡායාරූප ඉදිරිපත් කරවීමේ අරමුණ කුමක්දැයි සිතා බලන්න. මෙය භික්ෂූත්වයට නිගා කිරීම සදහා හිතාමතාම සිදුකරන සංවිධානාත්මක කුමන්ත්රණයක් බව එයින්ම පැහැදිලි නොවන්නේද? සසුනට වැඩ ඇති සියක් දහසක් වූ සුපේෂල ශික්ෂාකාමී සංඝයාවහන්සේලා අතර ශාසනික ප්රතිපදාවන්ට පයින් ගසා පංච දුසිරිතෙහිම යෙදන අපායගාමී චීවරධාරීන් අතලොස්සක්ද ඇති බව සැබෑය. කතෝලික, මුසල්මානු, හින්දු ආගම්වලද එවැන්නන් නැත යයි කියන්නට කිසිවෙකුට නොහැකිය. ඔවුන්ද සමාජ සම්මතයට පිටින් යමින් තම අමනකම් ප්රසිද්ධියේ එලිදක්වනවා අප දැක නැත. (මේ ඡායාරූවල දැක්වෙන ව්යාජ චීවරධාරියා මෙහි සිටින ගැහැනිය හදුන්වා දී තිබුනේ තම පෙම්වතිය ලෙසිනි) මෙහි ඇති නොගැලපීම එයින්ම වටහාගත නොහැකිද? එම ඡායාරූපවල දැක්වෙන පාපතරයින් සිවුරු ඇද ඇති ආකාරයෙන්ම පැහැදිලි වන්නේ ඔවු සැබෑ භික්ෂූන් නොවන බව නොවේද?

මෙය
කිසිසේත්ම හුදෙකලා සිදුවීමක් නොව...
පැහැදිලි
ලෙසම මේ පිටුපස සිටින්නේ කතෝලික අන්තවාදී සංවිධාන බව කූප්රකට කරුනකි. (මේ පුද්ගලයා සම්බන්ධ සංවිධානය පිළිබදව වැඩිදුර කරුණු අප සතුවන අතර පිළබදව අදාල අංශ දැනුවත් කර ඇතත්, මේ පාපතරයින්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්රියාත්මක වේ යැයි අප විශ්වාසය තබන්නේ නැත...)
බෞද්ධ
භික්ෂූත්වයම යොදාගෙන භික්ෂූන් වහන්සේ පිළිබද බොදු සමාජය කළකිරවා තුලින් බුදු දහම මේ බිමෙන් අතුගා දමා දමන්නට දත කන අන්තවාදී කුමන්ත්රණයේ තවත් එක් රංගනයකි මේ... මේ අන්තවාදීන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙලේ සැබෑ බිහිසුනුකම පිළිබදව නොබියව සමාජයට හෙළි කලේ අතිපූජ් ගංගොඩවිල සෝම හිමියන්ය. එහෙත් වැඩි කල් නොගොස් මේ පාපතරයින් උන්වහන්සේගේ නිහඩ කලේය. උන්වහන්සේ එදා පෙන්වාදුන් අන්තවාදී පිළිලය එදාටත් වඩා බරපතල ලෙස අප සමාජය වෙලාගෙන අවසානය.

මෙය
අන්තර්ජාලයට හෝ ෆේස්බුකියට සීමා වූවක්නම් නොවන බව තරයේ මතක තබා ගන්න. මේ අන්තවාදී කුමන්ත්රණයේ අංශු මාත්රයක් පමණය. "අපි මීට ප්රථම අවස්ථාවකදී හෙළිදරව් කල පරිදි දෙවන වතාවට අල්ලාගන්නා ලද අවස්ථාවේදී භික්ෂු ගෞරවය කෙළෙසමින් නුගේගොඩ ප්රදේශයේ සිගමන් යදිමින් සිටි 'සූරියවැව සුධම්ම හිමි' නමින් පෙනී සිටි පුද්ගලයාද "වර්ල්ඩ්විශන්" නැමති ක්රිස්තියානි මූලධර්මවාදී සංවිධානය සමග සෘජු සම්බන්දතා පැවැත්වූවෙකි." ඉදිරියටත් අපි අවධානයෙන් සිටිය යුතුය, මෙයටත් වඩා සියදහස්ගුණයකින් බිහිසුනු ප්රහාර අපි බලාපොරොත්තු විය යුතුය, ක්රිස්තියානි අන්තවාදයේ රුදුරු සර්පයා අපව ගිලගන්නට මාන බලමින් සිටින බැවිනි.....


විශේෂයෙන්
මතක් කල යතුයි :- අපි කිසිවිටකත් සහෝදර කිතුණු ප්රජාවට ඇගිල්ල දිගු කරන්නේ නැත. අපි සැමදා සෘජුවම විවේචනය කරන්නේ "අන්තවාදය" බව මතක තබා ගන්න. මේ සම්බධයෙන් ඔබ අදහස් දක්වනවානම් කිසිදු ආගමික ඇදහීමක් හෝ ආගමික නායකයෙක් විවේචනය නොකරන්නට වග බලාගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමු....


Wednesday, July 25, 2012

මුලාව

ලිවුවේ Unknown

හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ.

මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි :D ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ.


ඉහත රූපයේ තියෙන්නේ සරල ජංහම දුරකතන ජාලයක් අනුරුවක්.

හරි දැන් අපි බලමු මේ HSDPA විකුනන අය කියන 3.6mbps, 7.2mbps, 14.2mbps කියන්නේ මොකද්ද කියලා. මේ වේගයන් එක cell tower (කුලුණකට) ලබාදිය හැකි උපරිම වේගය, නැතුව එක user කෙනෙකුට ලැබෙන වේගය නොවෙයි., මේක හොදට සිහියට ගතයුතු දෙයක්. උදාහරනයක් ගමු අපේ මේ ඉහත රූප සටහනේ Cell Tower C, අපි කියමු මේ tower එකේ වේගය 14.2mbps කියලා. මෙහි වේගය, Phone D, G (14.2/2 = 7.1mbps) අතර බෙදී යනවා. නමුත් සැබෑලෝකයේ එක cell tower එකක් ඉන්න users ලා ගාන මීට වඩා බොහෝ වැඩියි. ඒකෙන් පේනවා මේක වෙලද උපක්‍රමයක් මිස, සැබෑ ලොකයේ ලබාදෙන්න පුලුවන් දෙයක් නොවන බව.

Broadband speed ගැන කියනකොට, SLT ADSL වැනි ඒවාගේ කියන 512kbps, 2mbps කියන් වේගයන් වලට කියනේ Last mile connectivity, ඒ කියන්නේ ඔබ හා ඔබගේ සේවාදායකයාගේ ජාලය එක්ක ඔබ සම්බන්ද වන වේගය, නමුත් මේ HSDPA එකේ දී කියන්නේ ඔව්න්ගේ tower speed මිස, ඔබට සැබැවින් සම්බ්න්ද විය හැකි වේගය නොවයි. මොකද මේ කියන last mile එකද shared වෙනවා. මීට අමතරව සෑම කුලුනක්ම HSDPA 3.6mbps, 7.2mbps හෝ 14.2mbps වෙන්නේ ද නෑ, උදාහරනයක් තමයි ඩයලොග්, ඒ අයගේ 1.8mbps සිටන් 14.2mbps වෙන කුලුණු තියනවා. ඒක නිසා එක එක අයට ලැබෙන වේගයන් වෙනස්.
ඉහත කීව දේවල් අමතරව ලොකුවටම කරන වසන් කිරීම තමයි, Base Station සිට කුලුණට ඇති සම්බද තාවය, මෙය බොහෝවිට E1 එකක් වෙයි, මෙහි උපරිම වේගය 2048kbps (2.048mbps full-duplex; 2048kbps up and 2048kbps down) වෙයි. ඉතින් 14.2mbps උවද කුලුණ එයට ලැබෙන උපරිම වේගය 2048kbps මෙයද, voice, data හා tower control signal අතර බෙදීයනවා. City limit (කොලබ) ඉන්න අයට මේක ගොඩක් බලපාන්නේ අඩුවෙන්, මොකද මේ cell tower ගොඩක් හා, ඒ වයේ capacity ගොඩක් වැඩිවන ලෙස තිබීම. මොකද කොලබ දවල් කාලයේ තියන traffic load එක control කරන්න, රෑට ගොඩක් වේගයන් ලැබෙන්න පුලුවන්, මොකද සිටින users ලා ගාන රැට ගොඩක් අඩුවෙන නිසා.

ඉහත රූපයට අනුව අපි හිතමු Cell Tower C වෙත ඇත්තේ E1 එකක් කිලා, එවිට Phone D හා G අතර මේ 2048kbps බෙදී යනවා. මොකද tower speed එක 14.2mbps වෙන්න පුලුවන් නමුත් tower එකේ දත්ත සම්බන්දතාවය 2mbps. හිතලා බලන්න එක tower එකක් ඉන්නේ users ලා දෙන්නද කියලා ? මේක තමයි මේ ලොකුම හේතුව HSDPA වේගයන් ගොඩක් අඩුවීමට, මේවා ගැන කිසිම provider කෙන්ක් කතා කරන්නේ නෑ.

අනිත් වරද තමයි, Cell Tower කීපයක් අන්තර් සම්බන්ද කිරීම, ඉහත රූපයේ cell tower B ගමු, එය base station එකට සම්බන්ද කර ඇත්තේ cell tower A හරහාය, එවිට cell tower B හි සිටින අයට ලැබෙන්නේ Cell Tower A වෙත ලැබෙන වේගයන්ටත් වඩා අඩු වේගයක්, මේක ගොඩක් තියන ගැටලුවක් තමයි දුර පලාත්වලට යනකොට. මෙ වෙලාවට තමයි Phone E වෙත වෙලාවකට වැඩි වේගයන්ද, තව වෙලාවකට වැඩි වේගයන්ද ලැබෙන්නේ. මොකද Phone E, cell tower B සම්බන්ද වෙලා ඉන්නකොට අඩු වේගයක් ලැබෙනවා, නමුත Cell tower E වත සම්බද උන විට වැඩි වේගයක් ලැබෙනවා, මක්නිසාද Cell tower E හි කිසිම user කෙනෙක් නැතිවීම හා Cell tower E, Base Station වෙත කෙලින්ම සම්බන්දව තිබීම. තවද ඔබ Cell tower එකේ සිට ඉන්න දුරද ඔබට ලැබෙන වේගයන්ට බලපානවා, cell tower එකෙන් දුරස්වෙන්න වෙන්න ලැබෙන වේගය අඩුවෙනවා.

හරිම ආකාරය HSDPA tower එකක් 3.6mbps නම්, එය E1 x3 (2048×3=6144kbps) වත් සම්බද විය යුතුයි, මෙම 6mbps හින්, 3.6mbps HSDPA/3G/GPRS වෙන්වන අතර, ඉතුරු (2.4mbps) ටික Voice හා Control සිග්නල් වලට වෙන් වෙයි. මෙවැනි එකක normal එක user කෙනෙකුට 1-1.5mbps වේගයක් ලබාගන්න හැකිවෙනවා සැබෑලෝක (real world) තත්වයකදී.

මෙතනින් පේනවා මේ marketing සදහා කියන අංක කිසිම realistic නොවන බව.

හරි අන්තිම ගැටලුව, මේ International Bandwidth ගැන. මේ අය කියන්න පුලුවන් අපිට 100mbps, 155mbps හෝ 4gbps තියනව කියලා, නමුත් මේ කිසිම කෙනෙක් කියනේ නෑ, HSDPA සදහා වෙන්කරපු කොටස. ඒ අය කතා කරනේ ඒ අයගේ මුලු දාරිතාව මිස, HSDPA සදහා වෙන්කරපු කොටස ගැන නෙමෙයි. මොකද මේ වෙන්කරල තියන කොටස 10-20mbps වගේ තමයි වෙන්නේ.

ඉහත මම කියපු කරුනු මේ රැහැන් රහිත සේවාවන් වන CDMA, GPRS, WiMax වෙතද බලපානවා.
මතක තියාගන්න HSDPA යනු ගෙදර තියන Broadband එකට altanative එකක් නොවෙයි, මේක මේ MOBILE Internet නොහොත් ජංහම අන්ත්ර්ජාල සේවයක්, මේක broadband replacement එකක් නොවෙයි. HSDPA යනු Broadband මුලාවකි. කිසිම විටක 1-1.5mbps වඩා වේගයක් බලාපොරොත්තු වෙන්න එපා.

Sunday, June 17, 2012

3D Tv එකක් නැති

ලිවුවේ Unknown


ගොඩක් අයට 3D ෆිල්ම් බලන්න ආස උනාට බලන්ඩ විදියක් නෑ 3D Tv එකක් නැති නිසා හරි, 3D Film Halls තාම ලන්කාවෙ නැති නිසා.ඒ උනාට ඉතින් 3D අත්දකීම කියන්නෙ සුපිරි අත්දැකීමක්. ඒ මොකක් නැති උනත් සාමාන්යයෙන් හොද තත්වයේ 3D බලන්න තව ක්රම තියෙනව.



‎2d -3d convert කරන්ඩ පුලුවන් Software ගොඩක් තියෙනව. එහෙම කරන්ඩ පුලුවන් free software එකක් මෙතනින් http://3dmovieconversion.net/ කැමති අයට download කරගන්ඩ පුලුවන්. <<< මම මේක ඩවුන්ලෝඩ් කළා.ට්‍රයල් එකක්. මේකේ වෝටර් මාක් එකක් හා සවුන් කට් වීමක් තියෙනවා, ට්‍රයල් නිසා. මීට වඩා හොඳ එකක් තියෙනවා නම් කියන්න.

කාට හරි මේක වෙන්නෙ කොහොමද කියල දැන ගන්ඩ ආස නම් මේ බලන්න
(Explaining how 3D TV Works)



මේ සදහා මුලින්ම අපිට 3D කන්නාඩි යුගලක් ඔන වෙනව. ලංකාවෙ නම් ගන්ඩ තියෙන තැනක් මම දන්නෙ නැ. සමහර විට මෙව ඔය computer shop වලත් ඇති මම හරියටම හෙම තැනක් දන්නෙ නැ.



Ebay එකෙන් ගෙන්නනවනම් Rs.100 කට /Rs.200 කට විතර ගෙන්න ගත්තැහැකි(Red Blue Anaglyph 3D Glasses කියල Ebay search කරහම පහත ආකරයෙ 3D කන්නාඩි තියෙනව).ලන්කවෙන් ගන්නවනම් මම දන්න එකම තැන Sri lankan Gadget Store කියන සයිට් එකේ තියෙනව දැක්ක ඒත් ගානනම් Rs 450 ක් විතරතම තිබ්බෙ .


Brand New 3D Glasses SLE-0001 for Sale at SLgadgets.info
 
Make/ Brand/ Product : 3D Glasses
Model/ Number : SLE-0001
Price (LKR) : 450 (Negotiable)
Item Condition : Brand New
Item Description : Watch 3D without 3D TV.
Use our 3D glasses with 3D Illustrated Movies.

3D glass (with high quality material ) +Free CD � Rs.450/=
3D film DVD (+ free 3D short clips lot) � Rs.300/=

Can watch with any LCD, LED CRT monitor or with a Projector

The Best Place In Island for Gadgets.

100% double checked in sri lanka, 
With Warranty.

Home delivery to Island wide.

Guaranteed quality and 3 months Warrenty.
All items are 50% - 75 % of normal local market prices 
100% brand new items, Unbelievable prices
URL for product Specifications :http://www.slgadgets.info/index.php?route=product/product&path=39&product_id=59

ඔබ 3D කන්නාඩි යුගලක් අරගත්තද……….


ගත්තනම් පහලින් තියෙන ලින්ක් වලට ගිහින් 3D VEDIOS පේනවද කියල chek කරල බලන්න
මුලින්ම ගත්තු 3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම තමයි පේන්නෙ……………..

3D VIDIO MONEY-



http://youtu.be/Ae0bfo4A4ic

RollerCoaster Ride in 3D-



http://youtu.be/PgspMutvDfo


The Best 3D Video-



http://youtu.be/zDFaNdN-0p4

තව ඕනෙ තරම් Video You Tube එකේ තියෙනව…………
 
(මේ සදහා ඕනෙ මොනිටර් එකක් කිසිම ප්‍ර්ස්නයක් නැතුව යොදා ගන්ඩ පුලුවන්..CRT,LCD ,LED…ඔය ඕනෙ එකක්…(හැබැයි ඉතින් LCD ,LED ඒවගෙදි CRT ට වඩා vedio quility වැඩි බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ) ඕනෙ නම් computer moniter එක විදිහට LCD TV එකක් උනත් connect කරල බැලුවැහැකි )
Amazing 3D Vedio
මෙතන තියෙන්නෙ මම දැනට බලපු හොදම 3D Vedio ටිකක් තියෙන සයිට් එකක්

http://videosin3d.blogspot.com/2010/10/3d-video-high-quality-1.html

*********** 3D QULITY වැඩි කරමු ***********



1. මුලින්ම ගත්තු 3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම තමයි පේන්නෙ.. රෑට නම් ලයිට් නිවල බලන්න නැත්නම් කාමරය අඳුරු කරන්න. මොනිටර් එකෙ Bright වැඩි කරගන්න, මොනිටර් එකෙයි ඔබයි අතර පරතරය අඩු වැඩි කරමින් උපරිම 3D දසුන් ලබාගන්න බලන්න....

2. 3D qulitya හරියට නෑ වගෙ හිතෙනවනම් මේ vedio එකේ තියෙන විදිහට color settings හදා ගන්න.vedio test එකකුත් එක්කමයි තියෙන්නෙ ටෙස්ට් එක හරියට වෙනවනම් color setting වෙනස් කරන්ඩ එපා 

http://www.youtube.com/watch?v=3QvGJ-OsYAs&feature=player_embedded#!

***ඕනැම Film ( 3D නොවන සාමාන්‍ය ෆිල්ම් ) ,vedio ,photo ..etc 3D ආකාරයට නැරඹිම**********



දැන් අපිට 3Dෆිල්ම් නම් බලන්න පුලුවන්නෙ. ඒත් හැම එකක් ම බලන්නෙ කොහොමද.......


ඒ සදහා අපිට තව පොඩි player එකක් ගන්ඩ වෙනව .මේ සදහා player වර්ග ගොඩක් තියෙනව. CyberLink PowerDVD v11, Movavi Media Player, Stereoscopic Player …වගෙ ඒව තමා.



මම use කරන්නෙ Movavi Media Player(මෙතනින් ගන්න http://www.movavi.com/media-player/ )එක. CyberLink PowerDVD v11 හොද player එකක් උනාට මගෙ අවුල් ගහනව .මම හිතන්නෙ ඒක දැනට තියෙන හොදම 3D player එකක්.
මෙකෙන් 3D නොවන සාමාන්‍ය ෆිල්ම් open කරල 3D button එක click කරහම අපිට 3D දසුන් වලින් අදාල ෆිල්ම් එක බලන්න පුලුවන්.. ෆොටොස් වුනත් 3D විදියට බලන්න පුලුවන්.හැබැයි ඉතින් හොද quility vedio විතරක් බලන්ඩ බොද වෙචිච් ඒව හෙම හරියට පේන්නැ නෑ



*********** අපේ 3D photo/video එකක් හදා ගන්න හැටි ***********



අපේ 3D photo/vedio එකක් හදා ගන්න ක්‍රමයක් තියෙනව

2d -3d convert කරන්ඩ පුලුවන් Software ගොඩක් තියෙනව. එහෙම කරන්ඩ පුලුවන් free software එකක් මෙතනින් http://3dmovieconversion.net/ කැමති අයට download කරගන්ඩ පුලුවන්.තව ඕනෙ තරම් Software , google search කරල හොයාගන්ඩ පුලුවන්


*********** YouTube Videos 3D ආකාරයට නැරඹිම ***********



මේ ගැන මම පැහැදිලි කරනවට වඩා හොදට මේ vedio එකෙන් බලා ගන්ඩ පුලුවන් .මේ ක්‍රමයෙන් ඕනෙ ‍YouTube Video එකක්(අපි විසින් upload කරපු vedio පමනයි )3D විදියට විදිහට බැලුවැහැකි .මුකුත් software හෙම අවශ්ය වෙන්නෙ නෑ.

http://www.youtube.com/watch?v=krXx6D-neO8




3D බැලිල්ල ගැන නම් ඔච්චර තමා කියන්ඩ තියෙන්නෙ.මේක ඔයාලට වැදගත් දෙයක් කියල හිතෙනවනම් comment එකක් දාල යන්ඩ.

Sunday, June 3, 2012

අම්මා - Mother

ලිවුවේ Unknown

මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි.මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ" කියලයි.


අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි.

මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු ටිකක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු දෙන්නෙක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න එච්චර ආස නැහැ" කියලයි.

අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි.

මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන්, සීතලේ ගැහි ගැහි ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න. ඕක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ" කියලයි.

අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි.

මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීල, ඒකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මට තිබහ නැහැ" කියලයි.

අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි.

තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. ඒත් මට වෙනස්කමක් වේවි කියල හිතල එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමියෙකුගේ ආදරය ඕන නැහැ" කියලයි.

අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

මගේ අධ්‍යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා" කියලයි.

අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි.

මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් වෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වෙන රට රාජ්ජවල ඉන්න දන්නෙ නැහැ පුතා" කියලයි.

අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි.

අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාවේ ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් මම දුකින් කියල තේරුම් ගිහින් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා" කියලයි.

අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි.

එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා. ඔව්.
මගේ අම්මා දේවදුතියක්...





~~පරිවර්ථනයකි (මනඃකල්පිත සිදුවීමකි)~~....