෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, August 25, 2011

ජංගම වෙබ් කැම්

ලිවුවේ Unknown

කට්ටියටම ආයූබෝවන් කිවුවලු.ඔන්න අද මම අරගෙන අවේ කොහොමද ඔයාලගේ ජංගම දුරකථනය වෙබ් කැම් එකක් කරගන්නේ කියලා.ඇතම් විට ඔබට  USB Webcam,wiresද අරගෙන එහා මෙහා යන එක මහ එපා කරපු වැඩක් නේ,මටත් එ වගෙ දේවල් ඔනේ තරම් වෙලා තියනවා.එක නිසා අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ ජංගම දුරකථනය වෙබ් කැමරාවක් විදිහට බ්ලූටූත් හරහා පාවිච්චි කරන්න පුළුවන් විදිහක් කියන්න.

මුලින්ම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් ජංගම දුරකථන ජාති තියනවා,ඒ කියන්නේ හැම එකටම මේ වැඩේ කරන්න බැහැ.

RIM Blackberry Any Blackberry device equipped with camera
Windows Mobile 5 and 6
Nokia 6600,6620,7610,6630,6670,6260,6680,6681,6682,3230,N70,N90,3250,5500,E50,E51,E65,E70,E90,N71,N73,N76,N80,N81,N91,
N92,N93,N3i,N95
Sony-Ericsson P1i,P990,m600,W950,W960,P800,P900,P910,P990
Motorola Z8

මුලින්ම මේ වැඩේ කරන්න අපිට පොඩි සොෆ්ට්වෙයා දෙකක් ඔනේ වෙනවා..එක ඔයලට මෙතනින්ම එක කරගන්න පුළුවන්( එක, දෙක )

ඉට පස්සෙ කරන්න තියෙන්න ඔයලා බාගත්ත සොෆ්ට්වෙයා එක install කරගන්න එක, මෙක install කරගන්න කලින් ඔයලගෙ බ්ලූටූත් ඩොන්ගල් එක පරිගණකයට හයි කරලට තියෙන්න බලන්න,ලැප්ටොප් එකක් බාවිතා කරන කෙනෙක් නම් ඔයලගේ බ්ලූටූත් on කරලද තියෙනේ කියල බලන්න.නැතිනම් on කරන්න.

සමහර අයගේ install වලදි driver එක සම්බන්දයෙන් පොඩි පොඩි messages ඔයලට දකින්න හම්බුනොත් බය නැතුව continue anyway යන්න ක්ලික් කරන්න.
 
ඔයාලගේ පරිගණකයේ බ්ලුටූත් සම්බන්ධතාවයක් භාවිතා කරනවනම් ඒකේ COM port එක ඒ කියන්නේ සම්බන්ධ කරන තැන බ්ලූටූත් ඩොන්ගල් එකට පස්සේ තියන තැන තෝරන්න.ගොඩක් වෙලාවට ඒක COM port number 3 විදිහට තමා තියෙන්නේ. 

ඒ වගේම ඔයලා windows SP2 version එක භාවිතා කරනවනම් බ්ලූටූත් අවශ්‍ය වෙන්නේ නෑ එහෙමත් නැතිනම් ඩොන්ගල් එකත් එක්කම එන drivers ඔයලගේ පරිගණකයේ තිබුනහම හොදටම ඇති.(මේක බ්ලුටූත් drivers පිලිබදවයි )

ඒ වගේම ඔයාල බාගත කරගත්ත ෆයිල් වල පරිගණකයේ install කරන්න ඔනේ සොෆ්ට්වෙයා එකකුත් තියනවා එකත් මතක් කරල install කරන්න.මේක mobiola web camera නමින් තමා තියෙන්නේ.

බ්ලූටූත් සම්බන්ධතාවය පරිගණකයෙයි ජංගම දුරකථනයෙයි හදාගත්තයින් පස්සේ ඔයාලා බාගත කරගත්ත ෆයිල් වල තියන .SIS ෆයිල් එක ඔයාලගේ ජංගම දුරකථනයට දාගන්න එක තාමා කරන්න තියෙන්නේ.මෙකට අදාල කරන webcam_s60_3Ed.sis  යන ෆයිල් එක මත right ක්ලික් කරලා යන විධානය මාර්ගයේන් ජංගම දුරකථනයට යවන්න පුළුවන්.මෙකෙදි ලැබෙන Bluetooth file transfer wizard මගින් දැක්වෙන උපදෙස් වලින් ඒක ජංගම දුරකථනයට යොමු කරගන්න පුළුවන්.

සමහර දුරකථනවල මේක බ්ලූටුත් කෙට් පණිවිඩයක් වගේ පෙන්වනවානම් එක install කිරීමට විවෘත කරන්න.

ඉට පස්සේ ඔයලගෙ ජංගම දුරකථනයේ තිරයේ පෙන්වන විදියට yes සහ continue යන විධානයන් භාවිතා කරල install කරගන්න පුළුවන්. 

දැන් ඔයලගෙ ජංගම දුරකථනයේ ඔයාලා Application දාගත්ත තැනට ගියාම webcam  කියල ඇතුලත් වෙලා තියනව දැකගන්න පුළුවන්.

webcam එක විවෘත කලාම දැක්වෙන option යටතේ තියන connect යන්න තෝරා ගත්තම දැනට තියන බ්ලූටුත් devices අතර ඔයලගෙ පරිගණකයද දැකගන්න ලැබෙවි.එ අනුව ඒක තෝරගන්න ඔනේ.
මේකෙදි ඔයලගෙ ජංගම දුරකථනයේ කැමරාවේ ඇති megapixel ගණන එහේමත් නැතිනම් resolution එක මත ඔයාලගේ වීඩියෝ දර්ශණයේ ත්‍රීර්වතාව රදාපවතිනවා.

ඉන් පසු ඔයාලගේ දුරකථනයේ webcam දකින්න පුල්වන් දර්ශණ පරිගණකයේද මීට පෙර install කරගත්ත Mobiola web camera  එක හරහා දැකගන්න පුළුවන් වෙන අතර එහි ඇතුලත් වන encoding,compression ආදී කොටස් භාවිතයෙන් තවදුරටත් දර්ශණවල වෙනස්කම් සිදුකිරීමේ හැකියාව ලැබේ.

අවසාන වශයේන් ඔයාලා භාවිතා කරන messengers වන MSN,Yahoo,Skypeආදී සොෆ්ට්වෙයා වල කොටශ තෝරා ගනිද්දි ඒ සදහා video යන කොටස යටතේ තියන එක තෝරල දෙන්න..දැන් සියල්ල සම්පුර්නයි.


0 අදහස් උදහස්:

Post a Comment