෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Sunday, December 4, 2011

කියවලම බලන්න..

ලිවුවේ Unknown

හැමොටම අයුබෝවන් කිවුවා ...අද ටිකක් දුක දවසක්..දන්න කියන කෙනෙක්ට ජිවිතේ ජරාම ජරා ලෙඩක් උන පිළිකාවක් හැදිලා....හ්ම්...ඉතින් අද මම කියන්න හිතුවා පිළිකා ගැන..පිළිකාවක් හැදුන කෙනෙක්ට,පිළිකාවක් හැදුන පවුලෙ කෙනෙක් ඉන්න/හිටපු අයට, පිළිකාවක් හැදුන යාලුවො ඉන්න/හිටපු කෙනෙක්ට, පිළිකාවක් හැදුන කෙනෙක්ගෙ වේදනාව දකින/දැකපු කෙනෙක්ට මේක කියවද්දි කම්මැලි හිතෙන එකක් නෑ......ඔයාලගේ වටිනා කාලයෙන් චුටක් ඉඩක් අරන් කියවල යන්න..


1.)සෑම පුද්ගලයෙකුගේම සිරුරේ පිළිකා සෛල ඇත. නමුත්, ඒවා බිලියන ගණනක් දක්වා වර්ධනය වන තුරු දැනට කෙරෙන පරීක්ෂා වලින් හඳුනා ගත නොහැක.ප්‍රතිකාර වලින් පසු වෛද්‍යවරයා පිළිකාව ඉවත් වී ඇති බව පැවසුවහොත්, එහි අදහස, තිබෙන පිළිකා සෛල උපකරණ වලට හසුවීමට නොහැකි තරම් අඩු ප්‍රමාණයකට පත්ව ඇති බව පමණි.

2.)මිනිසෙකුගේ ජීවිත කාලය තුල, සිරුරේ 6 වාරයේ සිට දස වාරයකට වඩා, පිළිකා සෛල හටගනී.

3.)ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති විට, එය පිළිකා සෛල වර්ධනය අඩපණ කර, ඒවා විනාශ කර, අසාමාන්‍ය සෛල වර්ධනයන්(TUMORS) වලකයි.

4.)යමෙකුට පිළිකාවක් වැලඳී ඇත්නම්, එයින් අදහස් වන්නේ ඔහුට හෝ ඇයට පෝශණ ඌනතාවයක් ඇති බවයි. මෙය පාරම්පරික හෝ පාරිසරික හෝ ආහාර හෝ ජීවන රටාව නිසා විය හැක.

5.)පෝශණ ඌනතාවයෙන් වැලකීමට නම්, ප්‍රමාණවත්, සමබර, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන සංඝටක අයත් ආහාර වේල් 4ක් 5ක් ගැනීමට සැලකිලිමත් වන්න.

6.)කීමො තෙරපි(CHEMOTHERAPY) මගින් ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා සෛල විනාශ කරනු ලබන අතරම, ඇටමිදුලු වල, අන්ත්‍රයීක කොටස් වල ඉතා වේගයෙන් වර්ධනය වන නිරෝගී සෛලද විනාශ කරයි. මෙය අක්මාව, හෘදය, වකුගඩු, පෙනහලු ආදී අවයව අක්‍රීය කිරීමටද හේතු වේ.


7.)මෙහිදී සිදුවන විකිරණ ක්‍රියාවලිය මගින් පිළිස්සුම්, කැළැල් සහ පටක හානි, නිරෝගී සෛල හානි හා ඉන්ද්‍රියන් හානි සිදු කරයි.

8.)කීමෝ තෙරපි ප්‍රතිකාර වල මූලික අවධියේදී, එයින් පිළිකාවේ විශාලත්වය සෑහෙන දුරට අඩු කරයි. නමුත්, දීර්ඝ කාලීනව ගත් කල, එයින් පිළිකාවට වැඩි බලපෑමක් සිදු නොකරයි.


9.)කීමෝ තෙරපි ප්‍රතිකාර වලදී සිරුරට ඇතුලු වන විශ ප්‍රමාණය, පමණ ඉක්මවා ගිය විට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය අකර්මර්ණය වීම හෝ විනාශ වීම සිදුවේ. මෙවිට, රෝගියා විවිධ ආසාදන වලට හා ව්‍යාකූල භාවයන්ට ගොදුරුවීම සිදු වේ.

10.)කීමෝ තෙරපි හා විකිරණ ප්‍රතිකාර මගින් පිළිකා සෛල වෙනස් කම් වලට ලක්වී ප්‍රතිකාර වලට යටත් නොවන තත්වයකට පත්වී, විනාශ කිරීමට නොහැකි තරම් බලවත් වේ. සැත්කම් මගින් පිළිකා ඉවත් කිරීමෙදීද, පිළිකා සෛල ශරීරයේ වෙනත් ස්ථාන කරා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති කරයි.
11.) පිළිකාව මර්ධනය කිරීමේ සාර්ථකම මාර්ගයක් වන්නේ, පිළිකා සෛල වර්ධනයට අවශ්‍යය සංඝටක සහිත ආහාර වලින් වැලකී සිටීමයි.

පිළිකා සෛල වර්ධනයට උපකාරී වන ආහාර වර්ග

a.) සීනි වෙනුවට ඇති Equal, Nutrasweet, spoonful හා වෙනත් කෘතිම ආදේශක වර්ග නිශ්පාදනය කරන්නේ ඇස්පර්ටේම්(ASPERTAME){C14H18N2O5} නම් වූ විශ සහිත ඊස්ටරයකිනි.මෙය ශරීරයට අහිතකරයි.මේ කෘතිම ආදේශක වෙනුවට ස්වභාවික මී පැණි, උක් පැණි සුළු වශයෙන් භාවිතා කිරීම සුදුසුයි.
මේස ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා යොදන රසායනිකයත් පිළිකා වර්ධනයට උපකාරී වේ. මේස ලුණු වෙනුවට මුහුදු ලුණු, BRAGG'S AMINO යොදා ගැනීම සුදුසුය.

b.) කිරි, සෙම් හා ශ්ලේෂ්මලය ආදිය නිශ්පාදනයට ඉවහල් වේ (විශෙෂයෙන් ආමාශ, ආන්ත්‍රයික කලාප වල ). පිළිකා සෛල වර්ධනයට අත දෙන දේවල් අතර සෙම්, ශ්ලේෂ්මල, ප්‍රධාන තැනක් ගනී. මේ නිසා, කිරි වෙනුවට රසකාරක නොයෙදූ සෝයා කිරි භාවිතය පිළිකා සෛල නැසීමටඉතා සුදුසු වේ.

c.) පිළිකා සෛල, ආම්ලික මාධ්‍යයන් වලදී ශක්තිමත්ව වර්ධනය වේ. මාංශමය ආහාර වේලක් යනු ආම්ලික ගුණය ඉහල ආහාර වේලකි (විශෙෂයෙන් හරක් මස්, ඌරු මස්, එළු මස් වැනි බර මාංශ වර්ග ආම්ලික ගුණය ඉහල මාංශ වර්ගයන්ය ). මේ නිසා මස් වෙනුවට මාලු වර්ග, කුකුල් මස් වැනි මාංශ සුළු වශයෙන් ගැනීම සුදුසුය. මීට අමතරව, මස් වර්ග වල, ශරීරයට අහිතකර (විශෙෂයෙන් පිළිකා රෝගීන්) භූගත ප්‍රතිජීවක(LIVESTOCK ANTIBIOTICS), වර්ධක හෝමෝන වර්ග (GROWTH HORMONES) හා පරපෝශිතයන් (PARASITES) අඩංගු වේ.

d.) ආහාර වේලක 80%ක් නැවුම් එළවලු හා යුෂ වර්ග, ධාන්‍ය හා ඇට වර්ග, කුඩා පළතුරු වර්ග වලින් සමන්විත නම්, ඒවා මගින් ශරීරය ක්ෂාරීය මාධ්‍යයකට (ALKALINE ENVIRONMENT) හරවයි. ඉතිරි 20% සඳහා බෝංචි වැනි පිසින ලද ආහාර යොදාගත හැක. නැවුම් එළවලු යුෂ මගින්, සිරුරට පහසුවෙන් උරාගන්නා සජීවී එන්සයිම වර්ග සපයයි. මෙම එන්සයිම වර්ග, විනාඩි 15ක් වැනි සුළු කාලයකදී සෛලීය ස්ථර වලට ගොස්, නිරෝගී සෛල පෝශනය කිරීමත්, වර්ධනය කිරීමත් සිදු කරයි. මෙම එන්සයිම ලබා ගැනීම සඳහා නැවුම් එළවලු යුශ (නොමේරූ එළවලු ) පානය කිරීමත් නොපිසින ලද එළවලු වර්ග දිනකට 2, 3න් වතාවක්වත් ආහාරයට ගැනීමත් කල යුතුයි. එන්සයිම වර්ග සෙල්සියස් 40ට වැඩි උෂ්ණත්ව වලදී විනාශ වී යන බව ඔබ දැනගත යුතුයි.

e.) කැෆේන්(CAFFEINE) නම් රසායනිකය අඩංගු ආහාර වන තේ, කෝපි හා චොකලට් වලින් හැකිතාක් ඈත් විය යුතුයි. ග්‍රීන් තේ(GREEN TEA), මේ වෙනුවට ඇති හොඳම ආදේශකයයි. ග්‍රීන් තේ වල පිළිකා මර්ධක ගුණ අඩංගු වේ.
පානීය ජලය භාවිතයේදී, පිරිසිදු කරන ලද ජලය හෝ හොඳින් පෙරන ලද ජලය(FILTERED WATER) යොදාගන්න. මෙමගින් සාමාන්‍ය නළ ජලයේ ඇති බර ලෝහ හා විශ ද්‍රව්‍ය ඉවත් කෙරේ. ආස්‍රත ජලය(DISTILLED WATER) ආම්ලික බැවින් බීමට නුසුදුසුය.

12.) මාංශ ජනක ප්‍රෝටීන වර්ග දිරවීමට අපහසු අතර දිරවීමේ ක්‍රියාවලිය සඳහා ජීරක එන්සයිම විශාල වශයෙන් අවශ්‍ය වේ. නොදිරන ලද මාංශ කොටස් බඩවැල් තුල රැඳී නරක් වීම නිසා සිරුරට එක් වන විෂ ප්‍රමාණය ඉහල යයි.

13.) පිළිකා සෛල බිත්ති වල ශක්තිමත් ප්‍රෝටීන වැස්මක් ඇත. මේ නිසා මාංශ වර්ග වලින් වැලකීම මගින් මෙම ප්‍රෝටීන බිත්ති බිඳ හෙලීම සඳහා වැඩි එන්සයිම ප්‍රමාණයක් නිදහස් කර, සිරුරේ ආරක්ශක සෛල මගින් පිළිකා සෛල විනාශ කිරීමට උදවු කරයි.

14.) ආහාර මගින් සිරුරට ලැබෙන සමහර සංඝටක ( IP6, FLOR-SSENCE, ESSIAC,ඔක්සිකරණය වලක්වන විටමින් C වැනි සංඝටක, විටමින් වර්ග, ලෝහ වර්ග, EFAs, etc), ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර සිරුරේ ආරක්ශක සෛල විසින් පිළිකා සෛල විනාශ කිරීමට උපකාරී වේ. විටමින් E වැනි අනෙකුත් සංඝටක මගින්, විනාශ වූ හෝ අනවශ්‍ය හෝ භාවිතා නොවෙන සෛල සිරුරෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (APOPTPSIS) ශක්තිමත් කිරීම සිදු කරයි.

15.) පිළිකාව යනු, සිතේ, ගතේ හා අධ්‍යාත්මයේ ඇතිවන රෝග තත්වයකි. උද්යෝගීමත් හා ධනාත්මක අධ්‍යාත්මික ශක්තියක් තිබීම, පිළිකාව නැමැති රණශූරයා, පණ නළ ගැට ගහගැනීමට වෙර දරන මරණාසන්න වූවෙකුගේ තත්වයට ඇද දැමීමට හේතු කාරක වේ.. ක්‍රෝධය, වෛරය, සමාව නොදීම හා දොම්නස් ස්වභාවය ඔබේ සිරුර පීඩා කාරී, ආම්ලික මාධයකට ඇද දමයි. මේ නිසා, ආදරණීය හා දයාන්විත අධ්‍යාත්මයක් තබා ගැනීමට උත්සාහ කරන්න. නිස්කලංක ජීවිතයක් ප්‍රීතියෙන් භුක්ති විඳීමට ඉගෙන ගන්න.

16.) පිළිකා සෛල වලට ඔක්සිජනීකරණය වූ වටපිටාවක ශක්තිමත් වීමට නොහැකිය. දිනපතා ව්‍යායාම හා ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් මගින් සිරුරේ සෛල වලට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දීමට බෙහෙවින් උපකාරී වේ. ඔක්සිජන් චිකිත්සාව (OXIGEN THERAPY) පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගත හැකි තවත් ආකාරයකි.

තවත් වැදගත් කරුණු කීපයක්......

(i) මයික්‍රොවේව් අවන් එකේ කෑම පිස ගැනීමේදී, ප්ලාස්ටික් භාජන වල යෙදූ ආහාර යොදා නොගන්න.

(ii) වතුර බෝතල් අධිශීතකරණය තුල තබන්න එපා.

(iii) ප්ලාස්ටික් ආවරණ(ඉටිකොල, සිලිකවර ආදිය ) වල දැමූ ආහාර මයික්‍රොවේව් එක තුලට දමන්න එපා.

Johns Hopkins විද්‍යාඥයින් මෙම කරුණු ලෝකයා හමුවේ තැබුවේ මෑතකදීය. ඔවුන් සඳහන් කරන ආකාරයට පිළිකාව සඳහා ඇති හොඳම ප්‍රතිකාර ක්‍රමය වන්නේ එහි වර්ධනයට අවශ්‍ය කරන දේවල් වලින් වැලකීමයි..



විස්තර උපුටා ගන්නා ලදි..

ඔයාල දන්න දෙයක් තියෙනම්  කියල යන්න..එ වගෙම ප්‍රාර්ථනාකරන්න මේ ලෙඩේ කටවත් හැදෙන්න එපා කියලත්..

නැවත හමුවෙනතුරු..



3 අදහස් උදහස්:

දූපත් වැසියා said...

කීමෝ තෙරපි කියන්නෙ කෙමිකල් වලින් කරන තෙරපි. සරලව කිව්වොත් පිළිකා සිල මරන්න දෙන බෙහෙත්, නමුත් මේව සිරුරේ අනිත් සෛල වලටත් බලපාන එක තමයි අවුල.
කරන්ට් අල්ලනව කියල කියන්නෙ රේඩියෝ-තෙරපි වලට.
කෙමිකල් හින්ද අඩපණ වෙන සෛල විකිරණ වලින් මරන්න ලේසියි. ඔය හින්ද පිළිකා රෝගීන්ට කීමො තෙරපිත් රේඩියෝ-තෙරපිත් දෙකම බොහෝවිට ලබා දෙනව.

16ට තියන OXIGEN THERAPY එකේදී වෙන්නෙ පිළිකා සෛල වලට හොදට ඔක්සිජන් ලැබෙනකොට ඒව විකිරණ වලට තියන සෙන්සිටිවිටි වැඩිවෙනව, අඩු විකිරණ ප්‍රමානයකින් වැඩි සෛල මරන්න පුළුවන්.
රේඩියෝ-තෙරපි වෙනුවට දැන් දැන් radio-immuno therapy කියන එක ලෝකෙට ඇවිත් තියනව. තාම ලංකාවේ කට්ටියට ඔය වැඩේ කරන්න දැනුමක් නෑ.

Unknown said...

බොහොම ස්තුතී අදහස් දැක්වුවට..සරළ භෂාවෙන් තේරෙන්න කිවුවට.. :) anaplastic carcinoma cancer ගැන මොනවද දන්නේ?? හොද කරන්න විදියක් එහෙම? නැත්තම් තැනක්?

Unknown said...

ගොඩාක් පිනක් මෙ කරුණු කිවට

Post a Comment