෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us




කස්ටියටම ආයුබෝවන්ඩ කිවුවලු...අද කියල දෙන්න යන්නේ තවත් ජිමික් වැඩක්..මේක පොඩි ට්‍රික් එකක්..මේකෙන් වෙන්න ඔයලගෙ පරිගණකය ආරම්භ වෙද්දී එහෙමත් නැත්තම් ඔන් වෙද්දි අර හැමදාම ඇහෙන අහල අහල එපා උන සවුන්ඩ් එක වෙනුවට ඔයලගේ පරිගණකය ඔයාලට කථා කරන එක...එකට ඉතින් ඔයාල කැමති ඔනැම විකාරයක් දාගන්න පුළුවන් නොවැ..

මේකනම් XP,7,VISTA වගේ ඔනම එකකට ගින්දර වගේ වැඩ

හරි හරි...වැඩි කතා නැතුව කෙලින්ම වැඩෙට බහිමුකෝ..
මුලින්ම කරන්න ඔනේ නෝට් පෑඩ් එකක් ඔපන් කරල පල්ලෙහා දීල තියන කොඩ් එක පේස්ට් කරන එක ..

Dim speaks, speech
speaks="Welcome, youtname"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

මේකේ වෙල්කම් කියන තැන තියන උඩු කෝමා ඉවත් කරලා ටයිප් කරන්න..

කියන තැනට ඔයාලා කැමති ඕනෑම විකාරයක් දෙන්න පුළුවන්.ඊට පස්සේ save කරද්දි ගිහින් කැමති නමක් දීලා ෆයිල් ටයිප් එක මතක ඇතුව කියල .vbs දෙන්න..තව save type as කියන තැන all files කියලත් දෙන්න..

ඉවර නෑ ඉවර නෑ..දැන් මේක වින්ඩොස් ෆොල්ඩර් එකට දාන්න ඔනේ...කොපි පේස්ට් කරන්න..ගොඩක් වෙලාවට C:\Users\user\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup) තියන එකට දැම්මම හරි..

ඔන්න ඉතින් වැඩේ ගොඩ..කරලම බලන්නකෝ..අවුලක් තියේනම් කොමෙන්ට් එකක් දාන්න..අවුලක් නැත්තම් ඒත් කොමෙන්ට් එකක් දාන්න ...එහෙනම් අපි ගියාවේ..

0 අදහස් උදහස්:

Post a Comment