෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, September 22, 2011

ෆෝන් එකට ගින්දර වගේ සිංහළ දාගමු

ලිවුවේ Unknown

කාලෙකින් මෙකේ කොටල යන්නත් බැරිඋන එකේ අද ආව තවත් විකාරයක් කටියටම කියල යන්න..

මෙකත් ඔයාලගේ ෆෝන් වලට සම්බන්ධ දෙයක්..ඒ තමයි ඔයාලගේ ඔපෙරා මිනි බ්‍රවුසරයක සිංහළ දාගන්න විදියක්..මේකනම් ඉතින් මහ ලොකු වැඩක් නෙමේ එත් තාමත් දන්නේ නැති අය ඉන්නවානේ..අන්න ඒ අයට තමයි මේ උදවුව..කොහොමත් ඉතින් මේ දවස්වල හැමොම වාගේ එයාලගේ ෆේස් බුකියේ සිංහළෙන්නේ කොටන්නේ කමෙන්ට් එකක් සිංහළෙන් දැම්මම ෆෝන් එකෙන් ලොග් වෙන අයට ඉතින් දෙයියන්ගෙම පිහිට තමා..ඇයි ඉතින් හරියට රජයේ නිසි බලධාරියා විසින් කපා හරින ලදි වගේඔක්කෝම කොටු කොටු නේ..ඉතින් ෆොන් එකෙන් ලොග් වෙන අයගෙ රතු කටු පනිනව..බැනල ගියත් දන්නේ නෑ නේ...

හරි හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු..

මෙන්න මේකයි කරන්න තියෙන්නේ..මුලින්ම ඔයලගෙ ඔපෙරා මිනියට ලොග් වෙන්න..ඊට පස්සේ WWW. කියන තැන තියන ඔක්කෝම  මකලා CONFIG: කියල ගහල එන්ටර් කරන්න..


ඊට පස්සේ ඔයලගේ ෆෝන් එකෙ ඔපෙරා එකේ මේ වගේ පෙන්නයි..

මෙතනින් තාමා වැඩේ කරන්නේ..මේකේ පහලටම ගියාම ඔයාලට පෙනෙයි use bitmap fonts for complex scripts - if enabled,text written with complex scripts will be rendered on the server instead of in your device  කියල එකක් 


එකෙ ගොඩාක් වෙලාවට ඔයලගේ කියල NO ඇත්තේ..ඒක YES කරන්න..ඊට පස්සෙ වෙනස් කරපු settings එහෙමම තියෙන්න save කරන්න..


අන්තිමටම කරන්න තියෙන්නේ ඔයලගේ බ්‍රවුසර් එකේ පේජ් එක රීලෝඩ් කරන එක..වැඩේ හරිනේ..දැන් ඉතින් ඔය පේන්නේ සිංහළ නිකම් ගින්දර වගේ..පොඩි පොඩි අවුල්නම් තියනවා තමා..හැබැයි කියවන්න පුළුවන්..

ඔන්න එහෙනම් මම ගියා...ආයිමත් සෙට් වෙමුකෝ අලුත් අයිටම් එකකින්..අවුලක් තියේනම් අහන්න අමතා කරන්නත් එපා..

2 අදහස් උදහස්:

Sanjaya සිතුවිලි said...

වැදගත් වුනා ස්තුතියි

Unknown said...

උදවු කරන්න ලැබීම සතුටක්..අදහස් දැක්වුවට බොහොම ස්තූතී

Post a Comment