෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

කටියටම අදත් ආයුබොවන්ඩ කිවුව එහෙනම්..කටියටම මතක ඇතිනේ අපි කලින් ලිපියෙන් අපේ ඇපල් ආදිපාද තුමා ගැන කිවුවා..ඉතින් අද කියන්න ආවේ තවත් ප්ලේස් එකක් ගැන..මෙක ගැන ඉතින් කටිය එක එක විඩියට අහල ඇති..සමහරු කියනවා ඒලියන්ලා ඉන්නවලු..තවත් සමහරු කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ අතිෂය රහස්‍ය කටයුතු කරන තැනක්ලු..කොහොම උනත් මේ ඔක්කොම කියන්නේ ඒරියා 51 එහෙමත් නැතිනම් 51 වෙනි කලාපය ගැන..

කොහොම හරි කමක් නැහැ මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය මමත් මගේ හොද යලුවෙක් වෙන චානක කියලා සහෝදරයෙක්ගේ ෆේස් බුකියක තියනවා දැකලා තමයි එතනින් උපුටා ගත්තේ..ඉතින් මම එ ලිපිය එහෙමම මෙතන පළ කරනව කිසිම වෙනසක් සිද්ධනොකර..මොකද මම දන්නේ නැහැ මේ ලිපියේ මුල් අයිතිය තියෙනේ කාටද කියලා..කොහොම උනත් ලිපිය හොද නිසා පළ කරනවා..ඉතින් ලිපිය මුලින්ම ලියපු ඒ උන්නැහේටත් බොහෝම ස්තූතී..


 

AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත් බොහෝ දෙනා පවසන්නේ එය නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැරණි සිතියමකින් ගත් එකක් ලෙසයි...මේ කලාපය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරට සැතපුම් 90 උතුරින් නෙලිස් කදුවැටිය අසල ගෘම් ගංගාවේ සිට දකුණට සැතපුම් කිහිපයක් ඈතින් ඇති ප්‍රැප්‍රස් විල පිහිටි ප්‍ර දේශයයි.... දැන් නම් විල සීදි ගොස් ඇත.

1954 දි පමණ ඇමරිකානු ගුවන් හමුදාව රහසිගතව U-2 spyplane නැමති ගුවන් යානාව මෙහිදි අත්හදා බැලුවේ සෝවියට් රුසියාවට එරෙහි යුධ සමයේදීයි. 


U-2 spyplane නැමති ගුවන් යානාව
  

 ඉන් පසුව SR-71 ගුවන් යානාවද,
A-12 හා D-21 drone නම් යානා ද F-117A යානයද මෙහිදි අත්හදා බැලීම් කොට ඇත. 
SR-71 ගුවන් යානාව

D-21 drone ගුවන් යානාව


F-117A ගුවන් යානාව

අවුරුදු 30-40 ඉහතදී තණ බිම් වු මෙම සීමාවේ ගව පට්ටි හා කිරි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් තිබුනත් දැන් ඒවා නැති වෙලා දැන් තියෙන්නේ ලදු කැලෑ තමා...වර්ග සැතපුම් 1350 ක් විතර විශාල වුනු මේ ප්‍රදේශයේ දැන් ජිවත් වෙන්නේත් 100 ක් වගේ ප්‍රමාණයක්...
නෙවාඩා ප්‍රාන්තය ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය සතු අධි ආරක්ෂිත කලාපයකි...ඒ නිසා මේ තුල කිසිදු ආකාරයේ මිනිස් කටයුත්තක් කිරීමත් තහනම් කොට ඇත.සාමන්‍ය ජනයා මෙම ප්‍රදේශයට පැමිණිය හොත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් හිමි වේ.



1980 දි පමණ මෙහි ප්‍රමාණය විශාල කල අතර “cammo dudes“ නමින් හදුන්වන ආරක්ෂක භටයින් සේවයේ යෙදවු අතර ඔවුන් සතු නොවන පියාසර යානා හදුනා ගන්නා ඉතාම සංවේදී ආරක්ෂක උපකරණ මෙහි රාජකාරි සිදුකරන ගුවන් හමුදාව සතුවේ..භුමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ සඳහාද නවීන හෙලිකොප්ටර,ජිප් රථ හා අවි ආයුධ මොවුන් සතුවේ...





නමුත් ලොකුම ගැටලුව ලෙස දැක්වෙන්නේ මෙහි රාජකාරී කරන භට පිරිස් කුමන සංවිධානයකට අයිති අයද යන්නයි....

ඇමරිකානු රජයේ රහස් පර්යේෂණ න්‍යෂ්ඨික අත්හදා බැලීම්, පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂන සිදුකරනුයේ මෙහි බවයි බොහෝමයක් දෙනා සැක කරන්නේ...මේ ප්‍රදේ ශයේ ආරක්ෂාව සඳහා මේ ප්‍ර දේශයට ඉහලින් ගුවන් යානා පියාසර කිරීමත් තහනම් කර ඇත.ගුවන් යානා පැදවිය හැක්කේ හතරැස් කොටුවක ආකාරයේ කොටුවක පමනකි.


කෘතිම චන්ද්‍රිකාවක් මගින් ගත්ත පින්තුර වලින් නම් බොහෝ දෙනා කියන්නේ මේ ප්‍රදේ ශයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් නවතා ඇති බවයි.18 යානා පථය ලෙස හදුන්වන යානා පථයක් මෙහි ඇති බව සඳහන් වේ..එය අවම වශයෙන් අඩි 2500 දිග,අඩි 1300 ක් පළල, අඩි 100 ක් උස මෙය කුමකට පාවිච්චි කරනවාදැයි කවුරුවත් නොදන්නා අතර බෝහෝ දෙනා කියනුයේ මෙය මගින් පොලව යට ඇති යානා මතුපිටට ගෙන විත් “අවුරෝරා“ නමින් හදුන්වන දල වශයෙන් සැතපුම් 24 ක් දිග ගුවන් පථයට ගෙන ඒමට බවයි.මෙය ලොව දිගම ගුවන් පථය ලෙසද සැක පහළ කෙරේ.. 51 කලාපයේ ඇති පියාසර වස්තු ඉහල අහසට ගෙන යාමටත් ඔත්තු බලන අධි වේගී යානා ගුවන් ගත කිරීමට මේවා යොදා ගන්නා බවට බොහෝ දෙනා සැක පහල කරයි.මෙලෙස ගුවන් ගත කරන යානයක් 1950 දි නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ...ලොක්හිඩ් මාටින් නම් වු ආයුධ සාදන ආයතනය සැදු මෙම යානයේ 400 දෙනෙකුට එකවර ගමන් කල හැකියාව තිබු අතර අධිවේගී 304-2 වර්ගයේ එන්ජින් දෙකක්ද,ගැලුම්21400 ක ඉන්ධන ගෙන යා හැකි තටු දෙකක්ද සතුව මෙය නිපදවා ඇමරිකානු ගුවන් හමුදාවට මෙය පවරා දී ඇත. 1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා!  


51 වැනි කලාපයේ දැකිය හැකි රේඩාර් පද්ධතිය ඉතා සියුම් සංඥාවන් පවා ලබා ගන්න දැනට ලෝකයේ ඇති විශාලම රේඩාර් පද්ධතියයි.


පියාඹන පිරිසි වල පින්තුර...

 51 කලාපයේ භුමියේ පින්තුර  

මේ 51 කලාපය පුරා දක්නට ඇති දේවල්
 

ආරක්ෂිත කැමරා ගුවන්
 

යානයක සිට ගත් පින්තුරයක්

 
චන්ද්‍රිකා ජයාරූප..

ඉතින් මේ ලිපිය හොදයි කියල හිතෙනවනම් අනිත් යාලුවොන්ටත් මේ ගැන කියලා තමන්ගේ අදහසුත් කියලා යන්න අමතක කරන්න එපා...එහෙනම් අදට අපි ගියාවේ...

2 අදහස් උදහස්:

බැට් මෑන් said...

පට්ට මචං..

Unknown said...

බොහෝම ස්තූතී බැට් මෑන්

Post a Comment