෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us


2011 වසර දෙසැම්බර් මස 31 වැනිදායින් (අද) අවසන් වේ. හෙට එනම් 2012 පළමු දිනය ජනවාරි 1 පළවැනිදායින් ආරම්භ වේ. වසරක්‌ පිරිපුන් වීමට මාස 12 ක එකතුවක්‌ ඇත. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්‌තු, සැප්තැම්බර්, ඔක්‌තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වශයෙන් නම් කෙරේ. මේ මාස 12 ට දින 365 ක්‌ අයත් වේ. වසර හතරකට වරක්‌ දින 366 ක්‌ ගණනය වේ. එසේ වැඩිවන දිනය පෙබරවාරි 29 වශයෙන් එකතු වේ. 2012 වසර ද එසේ වූ අධික අවුරුද්දක්‌ වේ. පෙබරවාරි 29 ඉපැදී ඇති කෙනෙකුට වසර 4 කට වරක්‌ තම උපන් දිනය සැමරීම සිදුවේ. ඔහු වසර 100 ක්‌ ජීවත් වුවත් උපන් දින 25 ක්‌ පමණක්‌ සැමරීමට සිදුවේ. පාසල් යන දරුවන් කුඩා කලදී එක්‌ එක්‌ මාසය වෙනුවෙන් දින කීයක්‌ පවතීද යන වග කවියක ලෙසින් මතකය තබා ගැනීමට හැකි කියමන් භාවිතයට යොමුව ඇත.

තිහක්‌ වේය සැප්තැම්බර් ජුනි නොවැම්බර්

ඉතිරි මාස තිස්‌ එකයි

පෙබරවාරියට විසි අටයි

අධික අවුරුද්දට පෙබරවාරියට විසි නවයයි.

මෙසේ සිහියට මතකයට නඟා ගැනීමට හැකි ජන වහරේ භාවිතයන් බොහෝ ඇත. මෙයට අදාළ නොවුණත් අට දිසාව දැන ගැනීමට වූ කෙටි භාවිතය මෙසේය.

"උපුල් ඊළඟට නැගිට ගිහින් දරුව නිදිද බලල වරෙන්" මෙම වචන වල මුල් අකුරු ගැනීමෙන් උතුර, ඊසාන, නැඟෙනහිරි, ගිනිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ අනුපිළිවෙළකට භාවිතාවට ගැනීමට මතක තබා ගැනීම පහසුය. එසේම නැගෙනහිර ඉර උදාවන දිසාවට යොමු කිරීමෙන් අනිකුත් දිසා දැන ගැනීම පහසුය.

මෙසේ දින වශයෙන් එකතු වන එක්‌ දිනයකට පැය විසිහතරකි. එය දහවල් පැය 12 වශයෙන් සහ රාත්‍රියට පැය 12 ක්‌ වශයෙනි. මෙයට ලංකාවේ භාවිත වන්නේ ඉංග්‍රීසි පැය ක්‍රමය වශයෙනි. ඒ කුමක්‌ නිසාද අනාදිමත් කාලයක සිට ලංකාවේ අතීත ජනතාව භාවිත වූයේ දිනකට පැය හැටක්‌ වශයෙන් එය දවාලට පැය තිහක්‌ සහ රාත්‍රියට පැය තිහක්‌ වශයෙන් ය. දැනටත් තවමත් එසේ භාවිත වන අවස්‌ථාවන් අතර, නිවෙස්‌වල පිරිත් සඡ්ජායනාව පවත්වන්නේ රාත්‍රිය පුරාවට පවත්වන පරිත්‍රාණ දේශනාවට රාත්‍රි තිස්‌ පැය පුරාවටම වශයෙන් භාවිත වන්නේය.

පැයකට විනාඩි හැටක්‌ වන අතර විනාඩියකට තත්පර හැටක්‌ ලෙසින් භාවිතාවට ගැනේ. දැනට ජන සමාජයේ භාවිත වන ඔරලෝසුවක මුහුණත දැක්‌වෙනුයේ පැය දොළහක ගනයකි. එසේම පැය ගැනීම ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රි 12 පසුවී ඊළඟ පැය නම් වන්නේ අලුයම එක වශයෙනි. එසේ ගණනය කිරීමේදී දහවල් දොළහ පසු වූ විට ඔරලෝසුවේ ඇත්තේ 1 වශයෙන් වුවද, දහතුන, දහහතර ආදී වශයෙන් රාත්‍රි 12 දක්‌වා ගණනය කරනුයේ 24 වැනි පැය වශයෙන් ය.

සූර්යයා එසේ නැතිනම් ඉර වටා ඇති ග්‍රහ වස්‌තූන්ගෙන් එකක්‌ පෘථිවියයි. සාමාන්‍ය භාවිතයේ පෘථිවිය මුළු ලෝකයම වශයෙන් හඳුන්වන්නේ මෙම ප්‍රථිවියටයි. සෑම ග්‍රහලෝකයක්‌ම තමා වටා භ්‍රමණය වීමත් එසේ නැතිනම් කැරකැවීමක්‌ සිදු වේ. අප සිටිනා පෘථිවිය එක්‌ වටයක්‌ කැරකීමට පැය විසිහතරක්‌ එසේ නැතිනම් දවසක්‌ ගත වේ. එසේ කැරකීමේදී සූර්යා දෙසට හැරෙන පැත්ත ආලෝකවත් වන නිසා දහවල් කාලය වීමත් අනිත් පැත්ත රාත්‍රි කාලය වීමත් වශයෙන් නම් කිරීම සිදුව ඇත. පෘථිවිය තමා වටේ කැරකි කැරකී සූර්යයා වටා එක වටයක්‌ යැමට දින 365.25 ක්‌ ගත වේ. ඒ අනුව වසර 4 කට වරක්‌ .25 නැතිනම් දින හතරෙන් එකක්‌ වූ එකතුව එක්‌ දිනයක්‌ සේ ගණනය කිරීමෙන් පෙබරවාරි මාසය දින 29 ක්‌ වීමත් එය අධික අවුරුද්දක්‌ වීමත් සිදු වේ.

2012 නව වසර නම් කරමින් යන්නා වූ මේ ගමනේ ආරම්භය කොතැනද? යන්න විමසා බැලීම වටී. 2012 ලිවීමට සටහන් කිරීමට පෙර ක්‍රිස්‌තු වර්ෂ 2012 එසේ නැතිනම් ක්‍රි. ව. 2012 වශයෙන් සටහන් කිරීම පවතින භාවිතාවකි. යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ බෙත්ලෙහෙමේදී ගව ලෙනක ඉපැදීම දිනය මුල් කරගෙන මෙම ක්‍රි. ව. ගණනය කිරීම ආරම්භ විය. මෙම වර්ෂ භාවිතය ලොව පුරා බොහෝ රටවල ප්‍රචලිත කිරීම, භාවිතයට යොමු කිරීම සිදුවූයේ බටහිර හිරු නොබසින අධිරාජ්‍ය වශයෙන් සැලකෙන එංගලන්තයේ රාජ්‍ය පාලනයට ගොදුරු වූ බොහෝ රටවල අධිරාජ්‍ය ගැති මෙම භාවිතය පෙළ ගැස්‌සීම සිදුවිය.

අප ශ්‍රී ලංකාවේ පසුගිය වසර අතිමහත් අභිමානයෙන් සම්බුද්ධ ජයන්තිය 2600 ලබන වෙසක්‌ පුන් පෝය දක්‌වා විවිධ සිහිපත් කිරීම් අරභයා සමරු උත්සව පවත්වාගෙන යන අතර, තිලෝගුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී පසුගිය වෙසක්‌ පුන් පෝය දිනට වසර 2600 ක්‌ සපිරී ඇත. එසේම බුද්ධ වර්ෂ වශයෙන් 2645 වසරක්‌ භාවිතයේ ඇත. එය ආරම්භ වූයේ දඹදිම ලුම්බිණි සල් උයනේදී, මහාමායා දේවියගේ කුසයෙන් සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සිදුවීමය. එහෙත් බෞද්ධ ආගමික ලෝකයේ සැදැහැවත් අය භාවිත කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ වෙසක්‌ පෝය දින සිට වසර 2555 වශයෙන් (2011 ක්‍රි. ව. සාපේක්‍ෂව) භාවිතයේ පවතින්නේය. මෙය ආරම්භ වන්නේ බුද්ධ පරිනිර්මාණයෙන් වසර 223 කට පසුව ලොව එදා මෙදා තෙක්‌ බිහි වූ බලවත්ම රාජ්‍ය පාලකයා වූ චණ්‌ඩ අශෝක නමින් එදා ප්‍රචලිත වූ චණ්‌ඩ අශෝක රජතුමා කාලිංග දේශයේ යුද බලයෙන් අත්පත් කැර ගැනීමට ගියා. එම යුද්ධයෙන් දශ ලක්‍ෂයකට වඩා මිනිසුන් මිය ගියා. එම යුද්ධය නිසා චණ්‌ඩ අශෝක රජතුමා යුද්ධයෙන් සිදු වන විනාශයන් දැක විශේෂයෙන් මිනිස්‌ ඝාතන දැක කම්පා වූවා. එසේ සිටි චණ්‌ඩ අශෝක මහරජතුමාගේ නෙත ගැටුණා සත් හැවිරිදි වයසේ වූ කුඩා සාමනේර හාමුදුරුවන් මහ මඟ පිඬුසිඟා වඩිනා සන්සුන් ගමන් විලාශය (දැකීම) අහස පොළොව මෙන් වූ වෙනස්‌ වූ පරිවර්තනයක ආරම්භය වූවා.

මෙම ආරම්භය නිසා යුද්ධයෙන් අත්පත් කර ගන්නා වූ දික්‌ විජය අතහැර, බෞද්ධ දර්ශනය අනුව ධර්මයෙන් බුදු දහම ප්‍රයෝජනයට ගනිමින් ධර්ම විජය ආරම්භය සිදුවිය. මහා බල පරාක්‍රමයෙන් කටයුතු කළ චණ්‌ඩ අශෝක රජු ධර්මාශෝක නමින් මුළු මහත් ආසියාව පුරා ඇති රටවල බුදු දහම පතුරුවා හැරීමෙන් සියලු මනුෂ්‍යයන්ට සාමය උදා කර දීමට කටයුතු කළ යුගයේදී බුද්ධ වර්ෂ භාවිතය ආරම්භ විය. එසේම ශක රාජවරුන්ගේ රාජාභිෂේකයන් මුල් කරගෙන අතීතයෙහි ශක රාජ වර්ෂ ජන භාවිතයේ පැවතී ඇත. එම භාවිතය පසුගිය සියවස තුළද දැකීමට හැකිය. වර්තමානයේ දියුණු ජපන් රටේ භාවිත වන්නේද ජපන් අධිරාජ්‍යයාගේ රාජාභිෂේක ලබා ඇති අවුරුදු භාවිතයයි. ඒ අනුම මුළු ජපන් රට පුරාම භාවිතා වන්නේ හෙඉසේයි 22 වසරයි.

මේ අනුව වර්තමානයේදීත් ලෝකයෙහි වෙනත් රටවලත් විවිධ වර්ෂ භාවිතයන් ඇත. කෙසේ නමුත් ලෝකයෙහි බොහෝ රටවල ක්‍රි.ව. 2012 වසර භාවිතයට ගැනීම මුළු ලොවම එක පියස්‌සක එකම ගම්මානයක පවතින සියලු කාර්යයන්ගෙන් ළංවී ඇති වකවානුවක පොදු ජනතාවට පොදුවේ පිළිගත් දින වකවානු භාවිතයට ගැනීම වඩ වඩා පහසු වන්නේය.


2012 නව වසර උදාවත් සමගින් විශේෂයෙන් ලෝකයෙහි සියලු රාජ්‍ය නායකයන් යහපත් වූ රාජ්‍ය පාලනයන් වෙත යොමුවීම අවශ්‍යතාව කාලීන අවශ්‍යතාවන් වශයෙන් පැහැදිලි වන තීරණාත්මක අවස්‌ථාවකට පැමිණ ඇත. චණ්‌ඩ අශෝක මෙයට වසර 2328 කට පෙර එනම් බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 2555 ක්‌ චණ්‌ඩ අශෝක රජ පාලනය ආරම්භ වූයේ වසර 227 කට පසුවය. එනිසා යුද්ධයෙන් සිදුවන මිනිස්‌ ජීවිත හානිය, දේපළ හානිය, සියලු සතා සිවුපාවුන්ට වන හානිය, සොබා දහමට වන හානිය කාලිංග දේශය අත්පත් කර ගැනීමට සිදු කළා වූ යුද මෙහෙයුමේදී දශ ලක්‍ෂයකට වඩා මනුෂ්‍ය ජීවිත හානිවීමෙන් ලබා ගත් අත්දැකීම තුළින් චණ්‌ඩ මහ රජු දික්‌විජය කිරීමට උපයෝගී කරගත් යුද්ධය සම්පූර්ණයෙන් ම අතහැර දැමුවා.

මුළු ලොවම දිනාගත හැකි මග ධර්ම විජය බව වටහා ගෙන ධර්මාශෝක මහ රජු අසූ හාරදහසක්‌ වෙහෙර විහාර ඉදිකළා. තම රජ කිරුළ රජ පරම්පරාව ගෙන යැමට සිටි දරුවන් දෙදෙනා ද සම්බුදු සසුනේ සසුන් ගත කළා. ඒ නිසාම මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ශ්‍රී ලංකා ද්වීපයේ ස්‌ථාපිත කළා වූ සම්බුදු දහම එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සුරැකී තිබෙනවා. වර්තමාන රාජ්‍ය නායකයන් විසින් ධර්මාශෝක මහරජතුමාගේ යුග මෙහෙවර ඉටු කරමින් ඇති බව මෝදුවෙමින් පවත්නා වූ දැහැමි පාලනය විදහා දක්‌වමින් පවතී.

මෙම කාලීන යුග මෙහෙවර ලොව වාසය කරන සියලු මනුෂ්‍යයන් වෙනුවෙන් ලොව පුරා සිටිනා සියලු රාජ්‍ය පාලකයන්ගේ චින්තනය පිබිදීමේ අවශ්‍යතාව මැනවින් පෙනෙන්නේ සෙසු ජනී ජනයාටය. චණ්‌ඩ අශෝක යුගයේ පැවැති යුද උන්මාදය ඇමරිකාවේ රාජ්‍ය නායකත්වයෙන් පහවී යන්නේ නම් මුළු ලොවම සාමකාමී ධර්මාශෝක යුගයක්‌ උදා වනවා නිසැකය. එය ඉටුකිරීමට නම් මෙයට වසර 2328 ක ඉතිහාසය සමගින් වූ ධර්මාශෝක රාජ්‍ය පාලන තන්ත්‍රය ඇමරිකාවේ රාජ්‍ය නායකයන්ගේ චින්තනයට යොමු දිනක චණ්‌ඩ අශෝක රජුට නිග්‍රෝධ සාමනේර හාමුදුරුවන්ගෙන් සිදු වූ අහස පොළව මෙන් වෙනස්‌ වූ පරිවර්තනයන් මුළු ලොවටම උදාවනු නිසැකය.

2012 න් උදාවන්නා වූ නවෝදය මුළු ලොවෙහිම සියලු රාජ්‍ය පාලකයන්ගේ චින්තනය නව ධර්මාශෝක චින්තනයෙන් පිබිදේවා·

මුළු ලොව යුද භීෂණයෙන් තොර වේවා·

මුළු ලොවම සාමය සෞභාග්‍යය රජ වේවා·

මුළු ලොවෙහිම නව ධර්මාශෝක යුගයක්‌ පිබිදී දස රාජ ධර්මයෙන් සියලු රටවල රාජ්‍ය පාලනය යොමුවේවා·

0 අදහස් උදහස්:

Post a Comment