෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

කටියටම අදත් ආයුබොවන්ඩ කිවුව එහෙනම්..කටියටම මතක ඇතිනේ අපි කලින් ලිපියෙන් අපේ ඇපල් ආදිපාද තුමා ගැන කිවුවා..ඉතින් අද කියන්න ආවේ තවත් ප්ලේස් එකක් ගැන..මෙක ගැන ඉතින් කටිය එක එක විඩියට අහල ඇති..සමහරු කියනවා ඒලියන්ලා ඉන්නවලු..තවත් සමහරු කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ අතිෂය රහස්‍ය කටයුතු කරන තැනක්ලු..කොහොම උනත් මේ ඔක්කොම කියන්නේ ඒරියා 51 එහෙමත් නැතිනම් 51 වෙනි කලාපය ගැන..

කොහොම හරි කමක් නැහැ මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය මමත් මගේ හොද යලුවෙක් වෙන චානක කියලා සහෝදරයෙක්ගේ ෆේස් බුකියක තියනවා දැකලා තමයි එතනින් උපුටා ගත්තේ..ඉතින් මම එ ලිපිය එහෙමම මෙතන පළ කරනව කිසිම වෙනසක් සිද්ධනොකර..මොකද මම දන්නේ නැහැ මේ ලිපියේ මුල් අයිතිය තියෙනේ කාටද කියලා..කොහොම උනත් ලිපිය හොද නිසා පළ කරනවා..ඉතින් ලිපිය මුලින්ම ලියපු ඒ උන්නැහේටත් බොහෝම ස්තූතී..


 

AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත් බොහෝ දෙනා පවසන්නේ එය නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැරණි සිතියමකින් ගත් එකක් ලෙසයි...මේ කලාපය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරට සැතපුම් 90 උතුරින් නෙලිස් කදුවැටිය අසල ගෘම් ගංගාවේ සිට දකුණට සැතපුම් කිහිපයක් ඈතින් ඇති ප්‍රැප්‍රස් විල පිහිටි ප්‍ර දේශයයි.... දැන් නම් විල සීදි ගොස් ඇත.

1954 දි පමණ ඇමරිකානු ගුවන් හමුදාව රහසිගතව U-2 spyplane නැමති ගුවන් යානාව මෙහිදි අත්හදා බැලුවේ සෝවියට් රුසියාවට එරෙහි යුධ සමයේදීයි. 


U-2 spyplane නැමති ගුවන් යානාව
  

 ඉන් පසුව SR-71 ගුවන් යානාවද,
A-12 හා D-21 drone නම් යානා ද F-117A යානයද මෙහිදි අත්හදා බැලීම් කොට ඇත. 
SR-71 ගුවන් යානාව

D-21 drone ගුවන් යානාව


F-117A ගුවන් යානාව

අවුරුදු 30-40 ඉහතදී තණ බිම් වු මෙම සීමාවේ ගව පට්ටි හා කිරි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් තිබුනත් දැන් ඒවා නැති වෙලා දැන් තියෙන්නේ ලදු කැලෑ තමා...වර්ග සැතපුම් 1350 ක් විතර විශාල වුනු මේ ප්‍රදේශයේ දැන් ජිවත් වෙන්නේත් 100 ක් වගේ ප්‍රමාණයක්...
නෙවාඩා ප්‍රාන්තය ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය සතු අධි ආරක්ෂිත කලාපයකි...ඒ නිසා මේ තුල කිසිදු ආකාරයේ මිනිස් කටයුත්තක් කිරීමත් තහනම් කොට ඇත.සාමන්‍ය ජනයා මෙම ප්‍රදේශයට පැමිණිය හොත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් හිමි වේ.



1980 දි පමණ මෙහි ප්‍රමාණය විශාල කල අතර “cammo dudes“ නමින් හදුන්වන ආරක්ෂක භටයින් සේවයේ යෙදවු අතර ඔවුන් සතු නොවන පියාසර යානා හදුනා ගන්නා ඉතාම සංවේදී ආරක්ෂක උපකරණ මෙහි රාජකාරි සිදුකරන ගුවන් හමුදාව සතුවේ..භුමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ සඳහාද නවීන හෙලිකොප්ටර,ජිප් රථ හා අවි ආයුධ මොවුන් සතුවේ...





නමුත් ලොකුම ගැටලුව ලෙස දැක්වෙන්නේ මෙහි රාජකාරී කරන භට පිරිස් කුමන සංවිධානයකට අයිති අයද යන්නයි....

ඇමරිකානු රජයේ රහස් පර්යේෂණ න්‍යෂ්ඨික අත්හදා බැලීම්, පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂන සිදුකරනුයේ මෙහි බවයි බොහෝමයක් දෙනා සැක කරන්නේ...මේ ප්‍රදේ ශයේ ආරක්ෂාව සඳහා මේ ප්‍ර දේශයට ඉහලින් ගුවන් යානා පියාසර කිරීමත් තහනම් කර ඇත.ගුවන් යානා පැදවිය හැක්කේ හතරැස් කොටුවක ආකාරයේ කොටුවක පමනකි.


කෘතිම චන්ද්‍රිකාවක් මගින් ගත්ත පින්තුර වලින් නම් බොහෝ දෙනා කියන්නේ මේ ප්‍රදේ ශයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් නවතා ඇති බවයි.18 යානා පථය ලෙස හදුන්වන යානා පථයක් මෙහි ඇති බව සඳහන් වේ..එය අවම වශයෙන් අඩි 2500 දිග,අඩි 1300 ක් පළල, අඩි 100 ක් උස මෙය කුමකට පාවිච්චි කරනවාදැයි කවුරුවත් නොදන්නා අතර බෝහෝ දෙනා කියනුයේ මෙය මගින් පොලව යට ඇති යානා මතුපිටට ගෙන විත් “අවුරෝරා“ නමින් හදුන්වන දල වශයෙන් සැතපුම් 24 ක් දිග ගුවන් පථයට ගෙන ඒමට බවයි.මෙය ලොව දිගම ගුවන් පථය ලෙසද සැක පහළ කෙරේ.. 51 කලාපයේ ඇති පියාසර වස්තු ඉහල අහසට ගෙන යාමටත් ඔත්තු බලන අධි වේගී යානා ගුවන් ගත කිරීමට මේවා යොදා ගන්නා බවට බොහෝ දෙනා සැක පහල කරයි.මෙලෙස ගුවන් ගත කරන යානයක් 1950 දි නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ...ලොක්හිඩ් මාටින් නම් වු ආයුධ සාදන ආයතනය සැදු මෙම යානයේ 400 දෙනෙකුට එකවර ගමන් කල හැකියාව තිබු අතර අධිවේගී 304-2 වර්ගයේ එන්ජින් දෙකක්ද,ගැලුම්21400 ක ඉන්ධන ගෙන යා හැකි තටු දෙකක්ද සතුව මෙය නිපදවා ඇමරිකානු ගුවන් හමුදාවට මෙය පවරා දී ඇත. 1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා!  


51 වැනි කලාපයේ දැකිය හැකි රේඩාර් පද්ධතිය ඉතා සියුම් සංඥාවන් පවා ලබා ගන්න දැනට ලෝකයේ ඇති විශාලම රේඩාර් පද්ධතියයි.


පියාඹන පිරිසි වල පින්තුර...

 51 කලාපයේ භුමියේ පින්තුර  

මේ 51 කලාපය පුරා දක්නට ඇති දේවල්
 

ආරක්ෂිත කැමරා ගුවන්
 

යානයක සිට ගත් පින්තුරයක්

 
චන්ද්‍රිකා ජයාරූප..

ඉතින් මේ ලිපිය හොදයි කියල හිතෙනවනම් අනිත් යාලුවොන්ටත් මේ ගැන කියලා තමන්ගේ අදහසුත් කියලා යන්න අමතක කරන්න එපා...එහෙනම් අදට අපි ගියාවේ...

Thursday, October 6, 2011

මහා ඇපල් ආදිපාද තුමා සමුගනී..

ලිවුවේ Unknown

ඇපල් කිවුවම ඉතින් දැන් කවුරුත් දන්නවානේ අපි කථා කරන්නෙ කන ඇපල් ගැන නෙමේ කියලා..අද කියන්න යන්නේ ටිකක් දුක හිතෙන පණිවිඩයක්..අපි කවුරුත් දන්න දැනට මුලු ලොකේම හොල්ලපු ඇපල් සමාගමේ ඇපල් ආදිපාද තුමා සම-නිර්මතෘ තුමා ස්ටීව් ජොබ්ස් මහත්මයා අභාවප‍්‍රාප්ත වුණා.අග්න්‍යාශයේ පිළිකාවකින් අපේ ආදරණීය ඇපල් ආදිපාද තුමා මියයද්දි වයස අවු 56 පසු වුනා..



1955 පෙබරවාරි 24 ග්‍රීන් බේහීදී සිරියානු ජාතික පුද්ගලයෙක් වුන අබ්දුල් පට්ටහා ජනදාලී හා ජොආන් සිම්ප්සන් කියන්න තාත්තටයි අම්මටයි හම්බුන මේ අපුරු ආදිපාදයා 1972 හෝම්ස්ටඩ් කියන උසස් පාසලෙන් තාම අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඉතින් පස්සේ කාලේක තමන්ගේ යහලුවන් දෙදෙනා වුන ස්ටීව් වොසැන්ක්ස් හා රොනල්ඩ් වේන් දෙන්නා එක්ක එකතු වෙලා වොක්ස්වැගන් වෑන් රථයකුයි කැල්කියුලේටර දෙකකුයි විකුණලා හොයාගත්තු ඩොලර් 1300 වියදම් කරලා තමන්ගෙ ගෙදර ගරාජයෙන් පටන් ගත්තු මේ ඇපල් සමාගම දැන්නම් ලොකු අය පොඩි අය කියලා වෙනසක් නැතුව ඔනේම කෙනෙක් දන්නවා..

ඉතිං මේ ආදිපාද තුමාට පිං සිද්ද වෙන්න තමා අද ගොඩාක් අය උජාරුවෙන් i mac,i phone,i pod කියන ඇපල් නිර්මාණ බිහි උනේ..ඉතින් අපිට ආයිමත් කවදාවත් එතුමාගේ එ පෙරලි කාර ලොකේම උඩු යටිකුරු කරපු ලෝකේම හොල්ලපු නිර්මාණ දකින්න ලැබෙන එකක් නැහැ..මෙතුමගේ නිර්මාණ අතර ජනප්‍රිය පික්සාර් සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට වුන වැනි ඒවා ගොඩාක් විශේෂයි..ගොඩක් කටිය ඇත්තටම ඒක දන්නේත් නැතුව ඇති..

තමන්ගේ නවතම නිර්මාණ පෙලට එකතු වුන I PHONE 5 කියන ජංගම දුරකථනය එළිදක්වලා දවසකට පස්සේ සදහටම ඇස් පියාගත්ත ආදිපාද තුමා 2004 වර්ෂයේ ඉදන් මේ පිළිකා මාරයට යටත් වෙල ඉදල තියන බව තාමා කියන්නේ..

ඇමෙරිකානු ජනාධිපති ඔබාමා සඳහන් කළේ ඇමෙරිකාවෙන් බිහි වූ විශිෂ්ටතම නිර්මාණකරුවෙකු වූ ස්ටීව්, වෙනස් ආකාරයෙන් සිතීමටත්, තමාට ලොව වෙනස් කළ හැකි බවට විශ්වාස කිරීමටත්, එය ප‍්‍රායෝගිකව ඔප්පු කිරීමටත් සමත් වූ සුවිශේෂී පුද්ගලයෙකු කියලයි

ඇපල් සමාගමේ ප‍්‍රබලතම තරගකරු වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් පැවසුවේ අනාගත පරම්පරා ගානකට ස්ටීව් ජොබ්ස් නම් අති විශිෂ්ට මාහා ආදිපාදයගේ අඩුව පුරවන්න බැරිවෙනව කියලයි..
කොහොම හරි ලෝකයක්ම හොල්ලපු මේ ආදිපාද තුමා අද කාලේ ඉන්න ගොඩාක් අය වගේ කාටවත් පෙන්න බෞද්ධ වැඩ නොකලත් කවුරුත් නොදන්නවා වුනාට මෙතුමත් අපි වගෙම හොද බෞද්ධයෙක්..ඉතිං අද ලෝකයක්ම කනගාටුවෙන දවසක් වෙවි..අයිමත් මෙතුමාගේ අපූර්ව නිර්මණ අපිට දකින්න වෙන එකක් නැහැ...



මහා ඇපල් අදිපාදයාණේනි ඔබට නිවන්සුව !!! ..

කටියටම ආයිමත් අයුබොවන්ඩ කිවුවා එහෙනම් ඕං..අදත් ආවා අලුත් වැඩක් අරන්..

අද කියලා දෙන්න ආවේ ඔයාලගේ වින්ඩොස් වල පටන් ගනිද්දී වැටෙන වෙල්කම් එකයි ලොග් ඕෆ් ස්ක්‍රීන් එකයි දෙකම වෙනස් කරගෙන තමන් කැමතිම පින්තූරයක් දාගන්න විදියක් ගැන කියලා දෙන්න..කොහොම හරි මගේ කල්‍යාණ මිත්‍ර භානුජ කෝවින්ද.. [ කල්‍යාණ කිවුවට කල්‍යාණම නෑ..මහ චාටර් මනුස්පයා ..හෙහේ විහිලුවක් හොදේ ] උදවු කලා..




ඉතින් ගොඩක් වැඩ වලදි වගේ මේ වැඩෙටත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඔනේ වෙනවා..මෙන්න මේ කියන සොෆ්ට්වෙයා කෑල්ල ඔයලගේ පරිගණකයට බාගත කරගන්න පුළුවන්
මෙතන කොටලා..මේක ඇත්තටම සොෆ්ට්වෙයා නෙමේ මේක රෙජිස්ට්‍රි ෆයිල් එකක්..

දැන් ඉතින් කොරන්න තියෙන්නේ ඔයලගේ පරිගණකයේ වින්ඩොස් ස්ථාපනය කරල තියන තැනට ගිහින් මෙන්න මෙතනට යන එක..

C:\Windows\System32\oobe

ඔය ෆෝල්ඩර් එකට යන අතරේ දෙයියනේ කියලා ඔයාලගේ ඩ්ලීට් බටොන් එකෙන් අත අහක් කරන් හිටියොත් තමා ඇගට ගුන..

හරි දැන් අතනට ගියායින් පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ අලුත් ෆොල්ඩර් එකක් එතන හදන එක..ඒ හදන ෆොල්ඩර් එක info කියලා නම් කරන්න..හැමොම දන්නවා ඇතිනේ ෆොල්ඩර් හදන හැටි..ඒක ඉතින් අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ නේ...

හරි ඉතින් මීට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලා මේ හදාගත්තු ෆොල්ඩර් එක ඇතුලට ගිහින්තවත් ෆොල්ඩර් එකක් හදලා ඒක background කියන නම දාන්න..

දැන් තියෙන්නේ හරිම සුලු වැඩක්..ඔයාල ස්ක්‍රීන් එකට දාන්න ඕනේ කියල හිතන් ඉන්න පින්තූරේ මෙතනට කොපි කරන එක..
මේ පින්තූරේ තෝර ගනිද්දි සැලකිලිමත් වෙන්න ඔනේ දේවල් දෙකක් තියනවා..ඒ තමයි ඔයාලගේ පින්තූරේ ෆෝමැට් එකෙන් තියෙන්න ඕනේ..අනික තමා රූපේ සයිස් එක කිලෝ බයිට්  256 ට වඩා අඩුවෙන්න ඔනේ..

දැන් ඉතින් වැඩේ හරි..ඊලග පාර ඔයාලගේ පරිගණකය ස්ටර්ට් වෙද්දි බලාගන්න පුළුවන්..හිතනවනම් වැඩේ හොදයි කියල කොමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා..

එහෙනම් අදට අපි ගියාවේ..

අහ්..කස්ටිය..කොහොමද ඉතින්..කටියටම ආයුබෝවන්ඩ කිවුවා එහෙනම්..අදත් මම ගෙනාවා ගින්දර වැඩක්...මම කිවුවට ඉතින් මම නෙමේ මෙ ක්‍රමේ මුලින්ම හොයගත්තේ..මෙකේ එහට මෙහාට පාවෙවී ඉදල තමා මමත් ඉගෙන ගත්තේ..

හරි හරි වැඩි කතා බතා නැතුව කියන්නම්කෝ අද අරගෙන ආවේ මොකක්ද කියලා..එක තමයි ෆ්‍රී ස්කයිප් ක්‍රේඩිට් එහෙමත් නැත්තම් නොමිලේ ඔයාලගේ ස්කයිප් එකට සල්ලි දාගෙන ස්කයිප් එක හරහා යාලුවන්ගේ ජංගම දු.ක ට හරි ඔනේම දු.ක ට කතා කරන්න ;)

මුලින්ම කියල ඉන්නම්කෝ ඔනේ කරන කලමණා ටික..බය වෙන්න එපා වැඩි දෙයක් ඔනේ වෙන්නේ නෑ..

ඔයාලගේ ෆේස් බුක් එකයි
ස්කයිප් එකයි
තව ඔයාලගේ අයි.පී එක වෙනස් කරන්න පොඩි සොෆ්ට්වෙයා එකකුයි..

ඔයාලගේ අයි.පී එක වෙනස් කරන සොෆ්ට්වෙයා එක මෙතනින් ගන්න ..

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕක ඔයාලගෙ පරිගණකයට දාගෙන එක රන් කරන එක..ඊට පස්සේ මෙතන පල්ලේහා දීලා තියන ලින්ක් එකට ගිහින් ලයික් පාරක් දන්න මේ පේජ් එකේ

http://www.facebook.com/apps/application.php?id=153660601316465

ඊට පස්සේ මේ පේජ් එකෙ තියන ෆ්‍රී ස්කයිප් ක්‍රෙඩිට් කියන තැන ක්ලික් කරන්න..



එතකොට ඔයාලට මෙහෙම එකක් පෙන්නයි..

මෙහෙම පෙන්නනව කියන්නේ වැඩේ හරි...මෙක ෆේල් කියල පෙන්නනව කියන්නෙ කොහේ හරි අවුලක් වෙලා කියන එක..ඔන්න් ඉතින් මෙතන තියන කෝඩ් එක කොපි කරගෙන ඔයාලගේ ස්කයිප් එකට ලොග් වෙන්න..

ලොග් වෙලා යන්න ස්කයිප් කියල තියන තැනට ..
එතනට ගිහින් එකේ යන්න කියන එකට..ගියහම ඔයාලට මේවගේ වින්ඩො එකක් පෙන්නයි..

පස්සේ මේකේ තියන REDEEM තැනට ගිහිල්ලා ඔයාල අර කොපි කරගත්තු ඔයාලගේ කෝඩ් එක මෙතන ගහල ඕකේ කරන්න..වැඩේ හරිනම් success කියල පණිව්ඩයක් පෙනෙයි. 
 


මේ වැඩේ කරහම ඔයාලගේ ස්කයිප් එකට හම්බ වෙනවා EUR1.17...කියන්න ඔනේ මෙක කරන්න පුළුවන් එක ෆේස් බුක් එකකින් එක පාරයි..ඔනේනම් ඔයාලගේ යලුවොන්ගෙ උදවු අරගෙන ගොඩක් එකතු කරගන්න බැරි වෙන එකක් නැහැ..

එහෙනම් අදට අපි ගියාවේ..අවුලක් තියේනම් අහන්න අමතක කරන්න එපා..

Thursday, September 22, 2011

ෆෝන් එකට ගින්දර වගේ සිංහළ දාගමු

ලිවුවේ Unknown

කාලෙකින් මෙකේ කොටල යන්නත් බැරිඋන එකේ අද ආව තවත් විකාරයක් කටියටම කියල යන්න..

මෙකත් ඔයාලගේ ෆෝන් වලට සම්බන්ධ දෙයක්..ඒ තමයි ඔයාලගේ ඔපෙරා මිනි බ්‍රවුසරයක සිංහළ දාගන්න විදියක්..මේකනම් ඉතින් මහ ලොකු වැඩක් නෙමේ එත් තාමත් දන්නේ නැති අය ඉන්නවානේ..අන්න ඒ අයට තමයි මේ උදවුව..කොහොමත් ඉතින් මේ දවස්වල හැමොම වාගේ එයාලගේ ෆේස් බුකියේ සිංහළෙන්නේ කොටන්නේ කමෙන්ට් එකක් සිංහළෙන් දැම්මම ෆෝන් එකෙන් ලොග් වෙන අයට ඉතින් දෙයියන්ගෙම පිහිට තමා..ඇයි ඉතින් හරියට රජයේ නිසි බලධාරියා විසින් කපා හරින ලදි වගේඔක්කෝම කොටු කොටු නේ..ඉතින් ෆොන් එකෙන් ලොග් වෙන අයගෙ රතු කටු පනිනව..බැනල ගියත් දන්නේ නෑ නේ...

හරි හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු..

මෙන්න මේකයි කරන්න තියෙන්නේ..මුලින්ම ඔයලගෙ ඔපෙරා මිනියට ලොග් වෙන්න..ඊට පස්සේ WWW. කියන තැන තියන ඔක්කෝම  මකලා CONFIG: කියල ගහල එන්ටර් කරන්න..


ඊට පස්සේ ඔයලගේ ෆෝන් එකෙ ඔපෙරා එකේ මේ වගේ පෙන්නයි..

මෙතනින් තාමා වැඩේ කරන්නේ..මේකේ පහලටම ගියාම ඔයාලට පෙනෙයි use bitmap fonts for complex scripts - if enabled,text written with complex scripts will be rendered on the server instead of in your device  කියල එකක් 


එකෙ ගොඩාක් වෙලාවට ඔයලගේ කියල NO ඇත්තේ..ඒක YES කරන්න..ඊට පස්සෙ වෙනස් කරපු settings එහෙමම තියෙන්න save කරන්න..


අන්තිමටම කරන්න තියෙන්නේ ඔයලගේ බ්‍රවුසර් එකේ පේජ් එක රීලෝඩ් කරන එක..වැඩේ හරිනේ..දැන් ඉතින් ඔය පේන්නේ සිංහළ නිකම් ගින්දර වගේ..පොඩි පොඩි අවුල්නම් තියනවා තමා..හැබැයි කියවන්න පුළුවන්..

ඔන්න එහෙනම් මම ගියා...ආයිමත් සෙට් වෙමුකෝ අලුත් අයිටම් එකකින්..අවුලක් තියේනම් අහන්න අමතා කරන්නත් එපා..




කස්ටියටම ආයුබෝවන්ඩ කිවුවලු...අද කියල දෙන්න යන්නේ තවත් ජිමික් වැඩක්..මේක පොඩි ට්‍රික් එකක්..මේකෙන් වෙන්න ඔයලගෙ පරිගණකය ආරම්භ වෙද්දී එහෙමත් නැත්තම් ඔන් වෙද්දි අර හැමදාම ඇහෙන අහල අහල එපා උන සවුන්ඩ් එක වෙනුවට ඔයලගේ පරිගණකය ඔයාලට කථා කරන එක...එකට ඉතින් ඔයාල කැමති ඔනැම විකාරයක් දාගන්න පුළුවන් නොවැ..

මේකනම් XP,7,VISTA වගේ ඔනම එකකට ගින්දර වගේ වැඩ

හරි හරි...වැඩි කතා නැතුව කෙලින්ම වැඩෙට බහිමුකෝ..
මුලින්ම කරන්න ඔනේ නෝට් පෑඩ් එකක් ඔපන් කරල පල්ලෙහා දීල තියන කොඩ් එක පේස්ට් කරන එක ..

Dim speaks, speech
speaks="Welcome, youtname"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

මේකේ වෙල්කම් කියන තැන තියන උඩු කෝමා ඉවත් කරලා ටයිප් කරන්න..

කියන තැනට ඔයාලා කැමති ඕනෑම විකාරයක් දෙන්න පුළුවන්.ඊට පස්සේ save කරද්දි ගිහින් කැමති නමක් දීලා ෆයිල් ටයිප් එක මතක ඇතුව කියල .vbs දෙන්න..තව save type as කියන තැන all files කියලත් දෙන්න..

ඉවර නෑ ඉවර නෑ..දැන් මේක වින්ඩොස් ෆොල්ඩර් එකට දාන්න ඔනේ...කොපි පේස්ට් කරන්න..ගොඩක් වෙලාවට C:\Users\user\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup) තියන එකට දැම්මම හරි..

ඔන්න ඉතින් වැඩේ ගොඩ..කරලම බලන්නකෝ..අවුලක් තියේනම් කොමෙන්ට් එකක් දාන්න..අවුලක් නැත්තම් ඒත් කොමෙන්ට් එකක් දාන්න ...එහෙනම් අපි ගියාවේ..

Saturday, September 3, 2011

ඇනයක් උන ෆේස්බුක් චැට්

ලිවුවේ Unknown

අපි කවුරුත් දන්නවා ෆේස්බුක් එක නිතර නිතර අලුත් කරනවා මේ දවස්වල...ඉතින් ඔහොම අලුත් කරන්න ගිහින් කරපු විකාරයක් නිසා ලොකුම ලොකු ඇනයක් උන දෙයක් තමයි චැට් එක..ඔයාලට විතරක් නෙමේ මටත් මේක හරිම වදයක් වෙලා තිබුනේ.මොකද ඉන්න යාලුවෝ ඔක්කොම බුකියේ පෙන්නන නිසා..

ඉතින් ඔකට විසදුම් හොය හොය ඉදිද්දි හම්බුන දෙයක් තමා අද මම බෙදාගන්න හිතුවේ..සමහර කටියනම් මේ ක්‍රමය දැනටමත් දන්නවා ඇති..නොදන්න කට්ටියට තමා මේ උදවුව..

මෙතන පහල දීලා තියන ලින්ක් වලින් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට අදාලව තෝරගෙන ඔයලගේ පරිගණක වලට දාගත්තම හරි.